මූන්ට එරෙහිව විරෝධතා දැක්‌වූ අය මොකද කියන්නේ
සියඹලාණ්‌ඩුව ප්‍රා. සභා එජාප මන්ත්‍රීවරයෙක්‌ ප්‍රශ්න කරයි

සියඹලාණ්‌ඩුව - මාපා තිලකසූරිය

එදා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් පත් කරන ලද විද්වත් කම්ටුවට එරෙහිව කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්‌වූ අය අද ඒ කමිටුව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මොකද කියන්නේ යෑයි සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කීර්ති ශාන්ත සමරවික්‍රම මහතා ප්‍රශ්න කර සිටී.

අද ජනාධිපති ඒ කමිටුවට ආරාධනා කරලා ගෙන්වා ගන්නේ යෑයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. 23 දා පැවැති සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය සභා රැස්‌වීමේදී ඒ මහතා මෙම කරුණු කීවේය.

සභාපති චන්ද්‍රපාල වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දොඹගහවෙල පිහිටි ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්‌වීම පැවැත්විණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.