වැල්ලවත්තේ මහපාරේ ගිලා බැස්‌ස තැන
හදන්න තවත් සති දෙකක්‌ යයි


චමින්ද සිල්වා

වැල්ලවත්ත රොක්‌සි සිනමාහල අසල මාර්ගයේ පිළිසකර කටයුතු සිදුකිරීමට තවත් සති දෙකක පමණ කාලයක්‌ ගතවනු ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශකයකු "දිවයින"ට ඊයේ (03 වැනිදා) පැවසීය.

වැල්ලවත්ත සිනමාහල අසල කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වන මං තීරුවේ අඩි හයක පමණ ගිලා බැසීමක්‌ මීට සතියකට පමණ පෙර සිදුවූ අතර එහි පිළිසකර කටයුතු ඉංජිනේරු සංස්‌ථාව මගින් සිදු කෙරේ.

මෙම ස්‌ථානයට ආසන්නව මීට පෙරද ගිලා බැසීම් අවස්‌ථා කිහිපයකදී සිදුවූ අතර එයද වසර සීයක්‌ පමණ පැරණි විශාල පල්දොරු නළ පද්ධතිය පැරණිවීම නිසා සිදුවූ බව හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.