සංස්‌කරණය : නාරද නිශ්ශංක

 

 

"ලාබ ලැබීම උදෙසා, බාල ගණයේ
නිර්මාණයන්ට  මා යොමුවන්නේ නැහැ..."

- ගායන ශිල්පී උදය ශ්‍රී වික්‍රමසිංහ

"රෑ අහසේ තරු ගානට...

දුර විහිදෙන අනන්තයට..

සංසාරේ පතා ආපු...

මගේ ආදරේ... මදි වුණාද..."

හද පුබුදන ලයාන්විත මිහිරි හඬින් ඇසුණු ඒ ගී රාවය... මා අතීතයේ ආදරණීය මතක මාවතට ගෙනයැමට තරම් ප්‍රබල විය. මා නිසොල්මන්ව ඒ අතීතයේ සැරිසැරුවෙමි. ආදරය ඔබටත්, මටත් කෙතරම් සුන්දර චමත්කාරජනක අත්දැකීමක්‌ද...? මේ ගීතයෙන් කියවෙන්නේ එහි අපූර්වත්වය නොවේද....? ඔව්... මා.. ඒ.... ආදරණීය සොඳුරු හඬ හිමි අපේ කාලයේ යෞවනයා සොයා ගියෙමි. ,ජැබඑසටර්dz, යන නම කියූ පමණින් මෙරට සංගීත රසකාමීන්ට ඒ හඬ අලූතින් හඳුන්වා දිය යුතු නොවේ. මෙරට කණ්‌ඩායම් සංගීත ශිල්පීන් අතර සිය දක්‍ෂතාවන් ජාත්‍යන්තරයට රැගෙන ගොස්‌, 2008 ආසියානු පැසිපික්‌ කලාපයේ හොඳම සංගීත කණ්‌ඩායම ලෙසට "වර්ල්ඩ් ස්‌ටාර් ක්‌වෙස්‌ට්‌ 2008" සම්මානයට මැලේසියාවේ පීනැන්ග් නුවරදී හිමිකම් කියමින්, සංගීත ලෝකය තුළ ජාත්‍යන්තරයට මේ පුංචි ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කරන්නේ ඔවුන්ය. එම සංගීත කණ්‌ඩායමේ නියාමක ගායන ශිල්පියකු ලෙසින් එක්‌ව උපතින්ම ගෙන ආ පෞරුෂයෙන් පිරුණු ගීතවත් හඬින් අප රසාලිප්ත ලොවකට කැඳවාගෙන යන මේ අපූරු යොවුන් ගායන ශිල්පියා උදය ශ්‍රී වික්‍රමසිංහයි. මතු දැක්‌වෙන්නේ ඔහු "දිවයින සිනමා කලා" හා එක්‌ව පැවැත්වූ සංවාදයක සටහනයි.

"නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ මා අධ්‍යාපනය ලබන අවධියේ සංගීතය පිළිබඳ හැදෑරීම් සිදුකළේ නැහැ. ඒත්... මට වයස අවු. 13 දී ඕගනය, සර්පිනාව සහ පියානෝව වැනි සංගීත භාණ්‌ඩ වාදනය කිරීමේ හැකියාව තිබුණා. ගීත ගැයුමත් සිදුකළා. වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබුවත් උසස්‌ පෙළට මුහුණ දුන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය මාධ්‍යයෙන්. ඉන් සාමාර්ථයක්‌ ලබාගැනීමටත් හැකිවුණා."

ඔබ මුල්වරට පිරිසක්‌ ඉදිරියේ ගීත ගයන්නේ පාසල් වේදිකාවේදී ද...?

ඇත්තෙන්ම ඔව්....ෘ මගේ පාසලේදී මෙන්ම, අනෙකුත් පාසල් වේදිකාවන්හිදී ද මා ගිටාරය වයමින් ගීත ගායනා කළා. මගේ සහෝදර පාසල් සිසුන් අතර මා බොහෝ සේ ජනප්‍රිය වුණා. 1998-99 පමණදී පාසල් මිතුරන් වූ තුසිත්, ඉශාන්, අමිල සහ ඉසුරු සමඟ එක්‌ව ,ජැබඑසටර්dz, (සෙන්ටිග්‍රේඩ්) සංගීත කණ්‌ඩායම නිර්මාණය කළා. මුල් කාලයේ බටහිර ශෛලයන්ට හුරු වූ ගීත ගායනා කළා. මිනිසුන්ට ඉක්‌මණින් අමතක නොවන නාමයක්‌ ලෙස සිතා තමයි "සෙන්ටිග්‍රේඩ්" යෑයි නම තැබුවේ.

"ඩාර්ක්‌ ඒන්ජල්" ගීතය, ඔබව මෙරට සංගීත රසකාමීන් අතරට ගෙනගිය මුල්ම අවස්‌ථාව යෑයි මා පැවසුවොත්....

සත්තකින්ම.... ඔව්...ෘ ඒ ගීතය හුඟක්‌ ජනප්‍රිය වුණා. එහි සංගීතය තුසිත්ගේ. ප්‍රධාන ගායනය සිදුකළේ මා විසින්. අමිල "රැප්" කොටස ගායනා කළා. ඉන්පසු අපට එළිමහන් සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ගලා එන්නට පටන් ගත්තා.

ඔබ සහ ඔබේ කණ්‌ඩායමේ එකතුවෙන් එළිදැක්‌වුණු "උරුමය" සී. ඩී. (සංයුක්‌ත තැටිය) මෙරට සංගීත ලෝලීන් අතර අතිශය ජනප්‍රිය වුණා. ඒ පිළිබඳව පැවැසිය හැක්‌කේ කුමක්‌ද?

එය "සෙන්ටිග්‍රේඩ්" වන අපේ සාමුහිකත්වයේ ප්‍රතිඵලය. 2005 දී තමයි "උරුමය" එළිදැක්‌වූයේ. ඊට පසු නැවතත් 2009 දී අපේ දෙවැනි ගීත එකතුව "රූ සිරි" නමින් ඉදිරිපත් කළා. මේ සී. ඩී. දෙකෙහිම අන්තර්ගත වූ ගීත ඉතාමත් ජනප්‍රිය වුණා.

ඇයි ඔබ සංගීතය පිළිබඳ වැඩිදුරටත් හැදෑරීම් සිදුකරන්නට නොසිතුවේ...?

උපතින්ම මා ගායන හැකියාව රැගෙන ආවත්, සංගීතය තුළ අන්තර්ගත තාක්‍ෂණික පැති වැඩිදුරටත් හැදෑරිය යුතු බව සිතුවා. ඔව්...ෘ මා මුල් කාලයේ නැසීගිය ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ කලා ආයතනයේදී සංගීතය පිළිබඳ හැදෑරීම් සිදුකළා. එහිදී ගායන ශිල්පී කසුන් කල්හාර කළ උපකාර පිළිබඳවත් සිහිපත් කරන්නට කැමැතියි. ලෝක මට්‌ටමින් බිහිවුණු ගායන ශිල්පීන්ගෙන් ඔවුන්ගේ තාක්‍ෂණික පැත්තෙන් ලබාගත යුතු යම් යම් ශෛලීන් අප හොඳින් තේරුම් ගතහොත් ඒ ඔස්‌සේ තමාට සරිලන සංගීත ශෛලයක්‌ ගොඩනඟා ගත හැකි බව මගේ විශ්වාසයයි.

ඔබටම ආවේණික වූ ගායන ශෛලියක්‌ ගොඩනඟා ගත්තේ ඉහත කාරණා හරහාමද?

ඔව්....ෘ විශේෂයෙන් බටහිර ගායන ශිල්පීන් වන මාර්ක්‌ ඇන්තනි, බ්‍රයන් ඇඩම්ස්‌, කේ්‍රග් ඩේවිඩ්, ඩැරන් ගේස්‌ වැනි ශිල්පීන්ගෙන් උකහාගත් යම් යම් සංගීත ශෛලීන් මතින් මට සරිලන ගීත ගායනා කිරීමේ ක්‍රමයක්‌ සාදාගත්තා. එය බොහෝ දුරට සාර්ථක බව මට ලැබෙන යහපත් වූ ප්‍රතිචාර මතින් හැඟී යනවා.

ඔබ ගැයූ තනි ගීත පිළිබඳව යමක්‌ පැවැසුවොත්....?

"තාරකාවෝ", "පෙනෙන නොපෙනෙන මානයේ",රූ සිරි සංයුක්‌ත තැටියෙහි අඩංගු "අර වනිතා" උරුමය සංයුක්‌ත තැටියෙහි අන්තර්ගත වූ ගීතත් හුඟක්‌ ජනප්‍රිය වුණා. ඊට අමතරව ශ්‍රී Fගඵග හැදූ "මියෑදී පපුවට තුරුළු වී" ගීතයත්, ස්‌වර්ණවාහිනිය "මුල් පිටුව" සඳහා මා ගැයූ තේමා ගීතයත් මේ දිනවල ප්‍රචාරය වෙනවා.

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සඳහා ඔබත්, ඔබේ සංගීත කණ්‌ඩායමත් දැක්‌වූ දායකත්වය පිළිබඳ පැවැසිය හැක්‌කේ කුමක්‌ද?

"හාර්ට්‌ එෆ්. එම්. චිත්‍රපටය සඳහා සංගීතය අධ්‍යක්‍ෂණය කළේ අපි. "ආසයි මං පියාඹන්න" චිත්‍රපටය සඳහාත් ගීත ගායනා කළා. මා ටෙලිනාට්‍ය නිර්මාණයක්‌ සඳහා මුල්වරට ගීයක්‌ ගායනා කළේ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ චන්දන හේවාපතිරණගේ "සුදු හංසයෝ" සඳහායි. "ඉරි තැළුණු බිම් කඩක්‌" ඒ ගීතයයි. ඊට පසු "සුළඟ" ටෙලිනාට්‍යයට මා ගැයූ "දිව්රාලා පවසන්නම්" තේමා ගීතය හුඟක්‌ ජනප්‍රිය වුණා. මේ දිනවල රූපගත කරන හේවාපතිරණයන්ගේ "මෙහි කුණු දැමීම තහනම්" නාටකයේ අන්තර්ගත "සුසුමන් සලා" ගීයත් මා ගායනා කළා. එය සංගීතවත් කළේ කපිල පූගලආරච්චි. "පූජා" ටෙලි නිර්මාණයෙහි "පූජා" ගීතය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සමඟත්, "මිරිඟු යාත්‍රා" නම් වූ චන්න පෙරේරා නිපැයූ චිත්‍රපටයේ උරේෂා රවිහාරි සමඟත් මා ගීත ගායනා කළා. එහි සංගීතය සංගීතවේදී රෝහණ වීරසිංහයන්ගෙන්.

වෙළෙඳ දැන්වීම් සඳහා ඔබේ හඬ සහ සංගීතය මුසු කිරීම් සිදුකළේ කුමන ආකාරයටද....?

ඇත්තෙන්ම වෙළෙඳ දැන්වීම් සඳහා වැඩි කාලයක්‌ යෙදවීමට සිදුව ඇතැයි පැවැසුවොත් එය අතිශෝක්‌තියක්‌ නොවෙයි. ඩයලොග්, ස්‌වර්ණවාහිනී මුල් පිටුව, සංචාරක අමාත්‍යාංශය, බ්‍රිටිස්‌ කොස්‌මැටික්‌, එෆ්. එම්. දෙරණ ඇතුළු ආයතන කිහිපයක්‌ සඳහා අප ඉදිරිපත් කළ දැන්වීම් තුළ මා තනිවම කළ නිර්මාණයන් ද අන්තර්ගතයි.

චිත්‍රපටයක්‌ සඳහා ඔබ තනිවම සංගීතය නිර්මාණය කරන්නට යන බවක්‌ දැනගන්නට ලැබුණා. එහි සත්‍යතාව මොන වගේද?

එය ත්‍රී. ඩී. තාක්‍ෂණය උපයෝගි කරගනිමින් නිපැදවෙන චිත්‍රපටයක්‌. මෙය මට ලොකු අභියෝගයක්‌ වුණත්, ඒ අවස්‌ථාවට සාර්ථකව මුහුණදී එම නිර්මාණය උසස්‌ නිර්මාණයක්‌ ලෙසින් ගෙන එන්නට මගෙන් දිය යුතු උපරිම දායකත්වය ලබාදෙන්නට මා සූදානම්.

ඔබේ සංගීත දිවියෙහි ඉදිරි අරමුණුත්, මෙතෙක්‌ ආ මඟ පිළිබඳවත් සඳහන් කළ යුතු විශේෂ යමක්‌ තිබෙනවාද?

ආදරය, විරහව, දේශාභිමානි යන ගීත තමයි මා වැඩිපුරම ගායනා කොට තිබෙන්නේ. ඉදිරියේදී බෞද්ධ ගීත කිහිපයකුත්a ගායනා කරන්නට අදහස්‌ කරමින් පසුවෙනවා. ගායන ශිල්පියකු ලෙස මතුවන්නට පහසු වුවත් දිගටම රැඳී සිටීමට නම් සහජ දක්‍ෂතාවත්, වාසනාවත් තිබිය යුතුයි. තමන්ගේ අනන්‍යතාව සමඟින් සංගීතය පිළිබඳ ප්‍රගුණත්වයත් ඉතාමත් වැදගත්. අපි කිසි විටක රැල්ලට ගීත ගායනා කිරීමක්‌ සිදුකරන්නේ නැහැ. අප කරන නිර්මාණයන් තුළ තෘප්තිමත් බව සේම රසිකයාට ගතයුතු දෙයකුත් තිබිය යුතු බව මගේ හැඟීමයි. සෑම දෙයකටම මුදල් ඇවැසි වුවත්, ඒ වෙනුවෙන් ලාබ ලබන්න බාල නිර්මාණයකට යොමුවීමට උත්සුක නොවන්නේ ඒ නිසයි. ලංකාවේ සිටින ප්‍රවීණ සහ නවක ගායන ශිල්ප ශිල්පිනියන් හා එක්‌ව මගේ සංගීතයට සංයුක්‌ත තැටියක්‌ නුදුරේදීම එළි දක්‌වන්නට මේ දිනවල සැලසුම් සකසමින් පසුවෙනවා.

ආදරය, විවාහය ඔබේ ජීවිතයට ළංකර ගැනුමට බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයටද...?

මමත් ආදරය කරනවා. ඇය මගේ රසිකාවියක්‌ නොවුණත්, මගේ සංගීත දිවියට හුඟක්‌ උපකාර කරනවා. ඇය වින්ද්‍යා විතාරණ. අපට දෙමාපියන්ගේ ආශිර්වාදයත් ලැබී අවසන්. ව්‍යාපාර කළමනාකරණය හදාරන ඇය, ලබන වසරේදී පමණ විවාහ කර ගැනුමට අදහස්‌ කරනවා.

ඔබේ පවුලේ තොරතුරුත් මෙතෙක්‌ ආ ගමන් මඟට සවියක්‌ වූ පිරිසත් පිළිබඳ සිහි කිරීමක්‌ සිදු කළොත්...?

මගේ පවුලේ සාමාජිකයන් 4 යි. එක්‌ සහෝදරයයි. මගේ පියා ව්‍යාපාරිකයෙක්‌. මේ හැමෝමත් සෙන්ටිග්‍රේඩ් මිතුරු කැළත්, කසුන් කල්හාර, චන්දන හේවාපතිරණ, සෙනෙශ් බණ්‌ඩාර දිසානායක, උදය කාන්ත වර්ණසූරිය, චන්න පෙරේරා, කපිල පූගලආරච්චි, චන්දන වීරසිංහ යන මහත්වරුනුත්, මාධ්‍ය මිතුරනුත් නම් සඳහන් කිරිමට නොහැකි වූ මට උපකාර කළ සෑම සියලු දෙනාත්, නිරතුරුව මා සමඟ සිටින මගේ රටේ ආදරණීය රසික රසිකාවියන්වත් කෘතවේදීව සිහිපත් කිරීමට මෙය අවස්‌ථාව කරගැනීමට කැමැතියි. 0771998117 දුරකථන අංකයටත්, මාaහ්ජැබඑසටර්dz ? ටප්සකගජදප විද්යුත් ලිපිනයටත්, අඅඅගජැබඑසටර්dzගජදප යන වෙබ් අවකාශය ඔස්‌සේත් ඔබටත් ඔහු හා සම්බන්ධ විය හැකියි. නො. 30, පරණ කැස්‌බෑව පාර, නුගේගොඩ ඔවුන්ගේ ශබ්දාගාරයෙහි ලිපිනයයි. මියුරු හඬින් ගීත ගයන, සුපැහැදිලි අනාගතයකට උරුමකම් කියන, උදය ශ්‍රී වික්‍රමසිංහ ගායන ශිල්පියාට යොවුන් කලාකරුවාණන්ට අපි ද මෙලෙසින් සුබ පැතුම් එක්‌කොට සිටිමු.

සංවාද සටහන - සුජීව තත්සර
ඡායාරූප - වාසල සේනාරත්න
 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.