බ්‍රසීලයේ නව රජය හමුදා
පාලන සමය ගැන විභාග කිරීමට යයි


සාඕ පවුලෝ

බ්‍රසීලය පාලනය කළ හමුදා පාලන සමය තුළ සිදුවී ඇති හමුදාමය අනිසි ක්‍රියා සම්බන්ධයෙන් විභාග කිරීමට එරට නව රජය තීරණය කර ඇත.

බ්‍රසීලයේ නායකත්වයට පළමු කාන්තාව ලෙස පත්වූ ඩිල්මා රුසෙන්ගේ මානව හිමිකම් පිළිබඳ ලේකම්වරිය වන මාරියා රොසාරියෝ මෙවැනි කොමිසමක්‌ පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයක්‌ බව සඳහන් කළේය.

නව ජනාධිපතිවරියට පවා හමුදාවේ හිංසාකාරී ක්‍රියාකාරකම්වලට මුහුණදීමට සිදුවී ඇති අතර ඇයට තදබල ලෙස වධ හිංසා පමුණුවා ඇත. අන්තවාදී වාමාංශිකයන් සමග කටයුතු කරමින් හමුදා පාලනයට එරෙහිව කටයුතු කළාය යන චෝදනාව මත ඇය සිරගත කරනු ලැබුවාය.

ලූලා ද සිල්වා යටතේ බ්‍රසීලයේ අට වසරක හමුදා පාලනයක්‌ තිබූ අතර ජනවාරි පළමු වැනිදා එම පාලන සමය නිමාවට පත්විය.

මානව හිමිකම් පිළිබඳ ලේකම්වරිය සඳහන් කළේ හමුදා විසින් කරන ලද මිනීමැරුම් සහ අතුරුදන් වීම් සඳහා විශේෂයෙන්ම සොයා බැලිය යුත්තේ එම අත්දැකීම් ලද පවුල් වලට සාධාරණත්වයක්‌ ඉටු කිරීම පිණිස බවය.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.