යෝධ කෙලවල්ලා වාර්තාගත මිලකට අලෙවි වෙයි

ටෝකියෝ - ඒ. පී.

රාත්තල් 754 බරැති ටූනා මත්ස්‍යයෙක්‌ (කෙලවල්ලා) මේ වසරේ ජපානයේ පැවැති පළමු මාළු වෙන්දේසියේදී ඩොලර් 3,96,000 කට අලෙවි වී ඇත. මෙම මාළු වෙන්දේසි පොළ ලෝකයේ ඇති විශාලතම එක ලෙස සැලකේ.

මෙයට පෙර වාර්තා වූ විශාලතම ටූනා මත්ස්‍යයාගේ බර රාත්තල් 445 ක්‌ විය.

මත්ස්‍ය පරිභෝජනයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ ජපානය. එයිනුත් ඔවුන් අතර ජනප්‍රිය වී ඇත්තේ ටූනාය.



යෝධ ටූනා මත්ස්‍යා දෙස බලා සිටින වෙළෙඳ සල් හිමියන් පිරිසක්‌.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.