2011 ජනවාරි  07  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

තවත් එල්ටීටීඊ නැව් අටක්‌
අත්පත් කර ගැනීමට පියවර

මේ වනවිට කොටි සංවිධානය සතු නැව් අටක්‌ විදෙස්‌ රටවල ලියාපදිංචි කර ඇතැයි ද ඒ සමහර නැව් යොදා ගනිමින් එල්. ටී. ටී. ඊ. විදෙස්‌ ක්‍රියාකාරීන් විසින් පුද්ගල ජාවාරම් වැනි නීති විරෝධී කටයුතු සිදු කරන බවට වාර්තා ලැබී ඇතැයි ද කී දිනේෂ් ගුණවර්ධන මහතා තවත් නැව් කිහිපයක්‌ අග්නිදිග ආසියානු රටක වරායක නැංගුරම්ලා තිබෙන්නේ යෑයිද ඒවා අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයේ ඇතැයි ද කීය.


මූන්ගේ විද්වත් කමිටුව
මෙරටට එන බව කියයි

විද්වත් මණ්‌ඩලය විසින් උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම පමණක්‌ හමුවී සාකච්ඡා කළ යුතු යෑයි රජය විසින් කොන්දේසියක්‌ පනවා ඇත. එහෙත් තමන්ට පැවරී ඇති කටයුත්ත කොමිසම හමුවීම පමණක්‌ නොවේ යෑයි එකී කොමිසම විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.



ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු 4 දෙනෙක්‌ ඊයේ (06) සිය ධුරවල වැඩ භාර ගත්හ. ඡායාරූපයෙන් දැක්‌වෙනුයේ මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත් අයුරුයි. ඡායා - ධර්මසේන වැලිපිටිය.


මෙරට සරසවිවලට එන විදේශ සිසුන්ට රු. 30000 ක මාසික දීමනාවක්‌
විශ්වවිද්‍යාල සිසුන් දස දහසකට දුරස්‌ථ අධ්‍යාපන ක්‍රමය යටතේ ඇමරිකාවේ සිට මෙහෙයවන ඉංග්‍රීසි පාඨ මාලාවක්‌ අන්තර්ජාලය....




 
  • මියුරු තනු නිමැයුම් කොතරම් වේද මනරම්
    ගලගෙදර හක්‌ සංගීතවේදියා

    "දකින දසුනේ දෙනෙත රුඳුනේ සොඳුරු රුව ඔබ වේ...." (ජෝති), හිටින්න පොඩ්ඩක්‌ හිටින්න දුවන්නේ ඇයි ඔයා... පැන පැන එන සඳේ (සුජාතා), සීතලේ මල්වනේ පාවෙලා (ලතා), ආදරණීය බබෝ (එම්. එස්‌.), ඈත වනපෙත සරසාලා (සුජාතා) ආදි ජනප්‍රිය ගීත 39 ක තනු හා සංගීතය නිර්මාණය කළේ මෙම සංගීතවේදියා විසිනි.

  • ක්‍රිකට්‌ තරගයක්‌ විචාරය කළදාට පසුදා
    රඟපාන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්
    ඒ තරම් සතුටක්‌ තවත් නැහැ

    - කමල් දේශප්‍රිය

    මගේ අම්මා තමයි මට කිව්වේ කලාව රැකියාවක්‌ ලෙස කරන්න එපා කියලා. ඇය මට එදා දුන් අවවාදය හරියටම හරි. කලාව රැකියාවක්‌ ලෙස කළ හැකි තත්ත්වයක්‌ අදත් රටේ නැහැ. වෙනත් රැකියාවක්‌ කරන ගමන් කලාව විනෝදයට කළොත් ඒ දෙකටම සාධාරණයක්‌ ඉටුවේවි. කලාව රැකියාවක්‌ ලෙස කරන්න ගියා නම් මුදල් හම්බ කරනවා මිසක්‌ කලාව නියමාකාරයෙන් නොකෙරෙන්න පුළුවන්.

  • සංවර්ධනය, දේශපාලනය සහ මිථ්‍යාව
    බොහෝ දෙනෙක්‌ පවසන්නේ ජීවන වියදම දරා ගත නොහැකි අන්දමට උත්සන්න වී ඇති බවකි. රාජ්‍ය ආදායමෙන් 90% ක්‌ උපයනු ලබන්නේ ජනතාව මත පැටවූ සෘජු හා වක්‍ර බදු මගිනි. ඒ අනුව දිනෙන් දිනම බඩු මිල ඉහළ යයි. රටේ මේ වනවිට පවතින ආදායම් විෂමතාවය ද බරපතළය. රජයේම සංඛ්‍යා ලේඛනවලට අනුව රටේ මුළු ජනගහනයෙන් 41.6% ක්‌ දිනකට ලබන ආදායම රු. 300/- ට අඩුය.

  • අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට්‌ ශුරතාව
    හලාවත මේරියන්ස්‌ සහ කෝල්ට්‌ස්‌
    දෙවැනි අවසන් පූර්ව තරගය අද

    ජාතික කණ්‌ඩායම නියෝජනය කරනු ලබන වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාව අද තරගයේදී කෝල්ට්‌ස්‌ කණ්‌ඩායම නියෝජනය කරනු ලබන අතර පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක චමින්ද වාස්‌, නායක මලින්ද වර්ණපුර, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්‌, දිල්රුවන් පෙරේරා සහ නුවන් කුලසේකර එම ක්‍රීඩකයයෝ වෙති.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.