තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු 4 දෙනෙක්‌ වැඩ බාර ගනිති

අනුර බාලසූරිය

තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු සිව්දෙනකු කොල්ලුපිටියේ පිහිටි සිය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේදී වැඩභාර ගත්හ.

මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර, ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, ආහාර හා පෝෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරු ඊයේ වැඩ භාරගත්හ.

මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සිව්දෙනා වැඩ භාර ගැනීමේ අවස්‌ථාවට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්‌ හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම්වරු දෙදෙනා වන එස්‌. ලියනගම, මහින්ද මඩිහහේවා යන මහත්වරු ද සහභාගි වූහ.

පෙරේදා (5) වැඩ භාරගත් අතාවුද සෙනෙවිරත්න, මහාචාර්ය තිස්‌ස විතාරණ යන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සමග මේ වනවිට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු හයදෙනකු සිය ධුqරයන්හි වැඩ ආරම්භ කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.