සා. පෙළ උත්තර පත්‍ර ඇගයීම් කළ පරීක්‍ෂකවරු
5 දෙනකුට ජීවිත කාලයටම ඇගයීම් තහනම්


නිලන්ත මදුරාවල

විභාග දෙපාර්මේන්තුවේ උපදෙස්‌වලට පටහැනිව සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කළ පරීක්‍ෂකවරුන් පස්‌ දෙනකුට ජීවිත කාලයටම ඇගයීම් රාජකාරි තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ප්‍රධාන පරීක්‍ෂකවරුන් නියම කරන පිළිතුරු වෙනුවට මෙම පරීක්‍ෂකවරුන් තමන්ට අවශ්‍ය ලෙස ඇගයීම් කර ඇති බව අනාවරණය වීමෙන් පසුව ප්‍රධාන පරීක්‍ෂකවරුන් විභාග කොමසාරිස්‌ ජෙනරාල් අනුර එදිරිසිංහ මහතාට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලට අනුව ඔවුන් වහාම ඉවත් කර ඇගයීම්a කටයුතු ජීවිත කාලයටම තහනම් කළ බව විභාග කොමසාරිස්‌ ජෙනරාල්වරයා "දිවයින"ට පැවසීය.

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පරීක්‍ෂකවරුන් 35000 ක්‌ පමණ යොදවා සිටින අතර ඇගයීම් කටයුතු මේ මාසය ඇතුළත අවසන් කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.