සෞදි කම්හලක පිපිරීමකින් ශ්‍රී ලාංකිකයෙක්‌ මියයයි

සමන් ගමගේ

සෞදි අරාබියේ දමාම් නුවර පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් ශ්‍රී ලාංකිකයකු මියගොස්‌ තවත් දෙදෙනෙක්‌ බරපතල තුවාල ලබා තිබේ. කර්මාන්ත ශාලාවේ තිබූ ගෑස්‌ නළයක්‌ අලුත්වැඩියා කිරීමට ගිය අවස්‌ථාවේ මෙම පිපිරීම සිදුව ඇති අතර එහිදී එක්‌ ඉන්දියානු  ජාතිකයෙක්‌ද තුවාල ලබා ඇතැයි විදේශ අමාත්‍යාංශ සඳහන් කරයි.

ලයනල් කුඩාගමගේ නමැත්තකු මෙහිදී මියගොස්‌ තිබෙන අතර අනිල් ප්‍රියන්ත හා සරත් කුමාර නමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇත.

තුවාල ලැබූ දෙදෙනා මේ වන විට සෞදි අරාබියේ අල්මනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ඉකුත් 4 වැනිදා මෙම පිපිරීම සිදුව ඇති අතර මෙහිදී අනතුරට පත් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අදාළ ස්‌ථානයට යෑවීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.