අල්ලස්‌ ගත් පළාත් සභා මන්ත්‍රීන් තිදෙනාට විනය පියවර

ඒමන්ති මාරඹේ

සනීපාරක්‍ෂක කම්කරුවන් වශයෙන් රැකියා අවස්‌ථා ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් තිදෙනකුගෙන් රුපියල් තුන් ලක්‍ෂ හැත්තෑපන් දහසක මුදලක්‌ අල්ලස්‌ වශයෙන් ලබා ගත් ශ්‍රීලනිප පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනාගේ මන්ත්‍රී ධුරයන් අහෝසි කිරීමට අදාළව ශ්‍රීලනිප මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉකුත් 04 වැනිදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව එම කාරක සභාව මගින් පිළිගෙන තිබේ.

මේ අනුව අදාළ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනා සම්බන්ධව විනය පරීක්‍ෂණයක්‌ පවත්වා අවශ්‍ය පියවර ගැනීමට පක්‍ෂයේ විනය මණ්‌ඩලය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

අල්ලස්‌ මුදල් ලබා ගැනීමේ චෝදනාවලට ලක්‌ව සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහිව පවතින චෝදනා සම්බන්ධ ලියකියවිලි ද සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.