විවිධ ක්‍ෂේත්‍රයන්හි අති දක්‍ෂයන් සීමිත පිරිසකට සරසවි වරම්

නිලන්ත මදුරාවල

විවිධ ක්‍ෂේත්‍රයන්හි දක්‍ෂතා දක්‌වා ඇති පුද්ගලයන් ට උසස්‌ පෙළ විභාගය නොසලකා මෙම වසරේ සිට විශ්වවිද්‍යාල වරම් ලබාදීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ක්‍රීඩා, චිත්‍ර, නැටුම් ආයුර්වේද හා ව්‍යාපාරික යන ක්‍ෂේත්‍රයන්හි අතිදක්‍ෂයන් සීමිත පිරිසකට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබා දෙන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.

ඉතා ඉක්‌මනින්ම මේ සඳහා අයදුම්පත් කැඳවන බවත් ඇතුළත් කර ගන්නා වයස්‌ සීමාව පිළිබඳව තීරණය කර නොමැති බවත් ඇමැතිවරයා පැවසීය.

ශ්‍රි ලංකාවේ අති දක්‍ෂයන් වශයෙන් නම් දරා සිටින සුසන්තිකා ජයසිංහ, සනත් ජයසූරිය, වැන්නන්ට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.