දියර කිරි ලීටරයකට රු. 50 ක්‌
කිරි ගවයන් හා උපකරණ සඳහා ආනයන බදුත් ඉවත් කරයි

රනිල් ධර්මසේන, ජනිත සෙනෙවිරත්න

කිරි ගොවීන්ගෙන් මිලදී ගන්නා දියර කිරි ලීටරයක්‌ සඳහා රුපියල් 50 ක්‌ ගෙවීමට රජය තීරණය කර ඇත.

දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහාත් කිරි ගොවීන් මීට දිරිගැන්වීම සඳහාත් රජය මෙම පියවර ගෙන තිබේ.

දැනට දේශීය කිරි නිෂ්පාදනය සියයට 35 කින් ස්‌වයං පෝෂිත තත්ත්වයට ළඟා වී ඇති අතර එය වසර 2016 වන විට සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂණය වීම රජයේ ඉලක්‌කය වී ඇත.

මේ අතර කිරි නිෂ්පාදනය කරන සතුන් ආනයනය කිරීමේදී අයකර ගනු ලබන සියලු බදු ඉවත් කිරීමටද රජය තීරණය කර ඇත. ඒ අනුව නුමුහුම් කිරි එළදෙනුන්, කිරි මී දෙනුන්, එළිච්චියන් මෙන්ම කිරි සැකසීමේ උපකරණ ආනයනය කිරීමේ දැනට අයකරනු ලබන සියලු බදු ඉවත් කෙරේ.

ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතා මේ පිළිබඳ ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවලට අනුමැතිය හිමිව ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.