ජවිපෙ අත්පත්‍රිකා බෙදීම අද

සිරිමන්ත රත්නසේකර

රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ අද (07 වැනිදා) දීප ව්‍යාප්ත අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක්‌ අරඹයි.

එහි ප්‍රධාන වැඩසටහන අද (07 වැනිදා) පෙරවරු 10.00 ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කීවේය.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය, දේශපාලන තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම එමගින් බලාපොරොත්තු වන බවත් හෙතෙම කීවේය.

මෙම ජනවාරි මස තුළදී ජනතා විමුක්‌ති පෙරමුණ නව දිශාවකට රැගෙන යැම සඳහා දිස්‌ත්‍රික්‌ සමුළු පැවැත්වීමට කටයුතු කරන බවත් එමගින් දිස්‌ත්‍රික්‌ සංවිධාන ශක්‌තිමත් කිරීමටත් බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

ටිල්වින් සිල්වා මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (06 වැනිදා) බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්‌ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දක්‌වමිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.