ශ්‍රී ලාංකිකයන් 3500 කට ඉතාලි රැකියා අවස්‌ථා

ලසිත දුමින්ද

ඉතාලි රජය මගින් ශ්‍රී ලාංකිකයන් 3500 කට රැකියා අවස්‌ථා ලබා දීමට එකඟත්වය පළ කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති හේමන්ත වර්ණකුලසූරිය මහතා පවසයි.

ඒ අනුව එම රැකියා අවස්‌ථා ඉතාලියේ වෙසෙන සේවායෝජකයකු හරහා ලබා ගත හැකි බවද, අදාළ රැකියාලාභියා අන්තර්ජාලය හරහා ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්‌ කළ යුතු බවද හේමන්ත වර්ණකුලසූරිය මහතා සඳහන් කරයි.

එරට රජය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතාලියේ රැකියා ලබා දෙන බවට රවටමින් විශාල වශයෙන් මුදල් ලබා ගනිමින් රටවන කූට ඒජන්තවරුන්ගේ ක්‍රියාවන්වලින් ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනීමේ අරමුණින්ය.

මෙම රැකියා අවස්‌ථා ලබා ගැනීම මේ මස (ජනවාරි) 31 වැනි දින පෙරවරු 8.00 සිට ආරම්භ වන අතර, එහි වැඩිදුර තොරතුරු sකැපඉassහ? එසිජකසගසඑ වෙබ් අඩවිය වෙත ලිපියක්‌ යොමු කිරීමෙන් ලබාගත හැකි බවද හේමන්ත වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.