ඇඟළුම් ආයතනයේ ලක්‍ෂ 230 මුදල්
වංචා කළ කාන්තාව ලක්‍ෂ 50ක ඇප මත මුදාහරී


ප්‍රධාන පෙළේ ඇඟළුම් අපනයන නිෂ්පාදන ආයතනයක ඇඟළුම් නිෂ්පාදනයට අදාළ රෙදිපිළි ආයතනයේදී රුපියල් ලක්‍ෂ 230 කට වැඩි මුදක්‌ වංචා කර සැඟව සිට අපරාධ විමර්ශන අංශ මගින් පසුගියදා අත්අඩංගුවට ගත් කතක්‌ ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන අධිකරණ මහෙස්‌ත්‍රාත්වරිය වන නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය වෙත පමුණුවන ලදුව රුපියල් ලක්‍ෂ 50 ක පුද්ගල ඇප දෙකක්‌ මත මුදා හරින ලදී.

සැකකාරිය රාජගිරිය ලේක්‌ ක්‍රෙසන්ට්‌ පාරේ පදිංචිකාරියකි.

කොහුවල දුටුගැමුණු වීදියේ වෝග් ටෙක්‌ස්‌ නම් පුද්ගලික ආයතනයක අයිsකරු වන ලෙස්‌ලි ප්‍රේමාල් මෙන්ඩිස්‌ මහතාගෙන් ලද පැමිණිල්ලක්‌ අනුව අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදුකර ඇත. එහිදී අනාවරණයවී ඇත්තේ මැය මෙම ආයතනයේ රෙදිපිළි තාක්‌ෂණික නිලධාරිණිය= වශයෙන් සේවය කළ කාලය අතරතුර මෙම ලක්‌ෂ 230 කට වැඩි මුදල වංචාකොට ඇති බවයි.

පැමිණිල්ලට අනුව නො. 475/19 දරණ මහල් නිවස වෙත ගිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට කට්‌ටි පනිමින් සැඟව සිට ඇති අතර පසුව මෙම නිවස පරික්‍ෂා කිරීම සඳහා උසාවි නියෝගයක්‌ද ගෙන තිබිණි. මෙම තැනැත්තිය මත්තේගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සැඟව සිට පසුගිය ජනවාරි 02 වන දින අපරාධ විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.