මන්ද පෝෂණය පිටු දැකීමට කවුන්සලයක්‌

කූෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

මන්ද පෝෂණය පිටු දැකීම සඳහා පෝෂණය පිළිබඳ ජාතික කවුන්සලයක්‌ මෙම මාසය තුළ පිහිටුවන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමැති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත මෙම ජාතික කවුන්සිලය පිහිටුවන බවද ඇමැතිවරයා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.