හෝමාගම ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට
ජීවිත කාලයටම විභාග රාජකාරි තහනම්


නිලන්ත මදුරාවල

සාමාන්‍ය පෙළ පන්තිවල සිසුන්ට ඉංගී්‍රසි විෂයක්‌ ලෙස උගන්වන්නේ නැති නමුත් සාමාන්‍ය පෙළ ඉංගී්‍රසි උත්තර පත්‍ර ඇගයීමේ යෙදුණු හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට ජීවිත කාලයටම විභාග රාජකාරි තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ (06 වැනිදා) පියවර ගත්තේය.

දින හතක කාලයක්‌ මෙම ගුරුවරිය ඉංගී්‍රසි උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත වී ඇති අතර ඇයට ඒ සඳහා අවස්‌ථාව ලබාදීමට එම විදුහල්පතිවරයා සෘජුව දායක වී ඇත්තේ ගුරුවරිය සාමාන්‍ය පෙළ සිසුන්ට ඉංගී්‍රසි උගන්වන බවට ව්‍යාජ කාලසටහනක්‌ සකස්‌ කර දෙමිනි. මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

මෙලෙස ව්‍යාජ කාලසටහනක්‌ සකස්‌ කර දෙමින් විදුහල්පතිවරයා මෙම ගුරුවරියට විශේෂත්වයක්‌ දක්‌වා ඇත්තේ ඇයිද යන්න පිළිබඳ වෙනම පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන බව දැනගන්නට ඇත.

මෙවැනි නුසුදුසු ගුරුවරුන් උත්තර පත්‍ර ඇගයීම් කරන බවට දැන ගන්නට ලැබුණහොත් ඒ පිළිබඳ තොරතුරු 2785211, 2785212 යන දුරකථන අංකවලට හෝ 2785220 දරන ෆැක්‌ස්‌ අංකයට යොමු කරන ලෙස විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා ඉල්ලීමක්‌ කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.