යාපනයේ පුද්ගල ඝාතන ගැන ජනපති වාර්තාවක්‌ කැඳවයි

රනිල් ධර්මසේන

යාපනයේ සිදුවන බව කියන පුද්ගල ඝාතන පිළිබඳ වහාම සොයා බලා තමන් වෙත කඩිනමින් වාර්තාවක්‌ ලබා දෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අංශ වෙත නියෝග කර ඇත.

ජිනීවා හි මානව හිමිකම් සමුළුව ඉදිරියේදී පැවැත්වෙන නිසා එහිදී ලංකාව අසීරුතාවට පත් කිරීමට මෙවැනි ක්‍රියා සිදුකරනු ඇති බවට විශ්වාස කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

මෙම ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව සිදුවන දෙයක්‌ බවද මේ නිසා වහාම මේ පිළිබඳව සොයා බැලිය යුතු බවට ජනාධිපතිවරයා පැවසූ බවද ඇමැතිවරයා කීය.

මුලින්ම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරුණු දැක්‌වූයේ ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතා යෑයි කී හෙතෙම මෙවැනි ඝාතන සිදු කිරීමට ආණ්‌ඩුවට හෝ ඊට සම්බන්ධ කිසිවකුට අවශ්‍ය නැතැයිද විපක්‍ෂය මේ පිළිබඳ වැරදි ප්‍රචාර පතුරුවන බවද ඊයේ (6 වැනිදා) කොළඹදී පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.