ඉල්ලීම් 8 ක්‌ දිනා ගන්න සුවසේවා සංගමය
අද වෘත්තිය අරගලයක්‌ අරඹයි

ඇම්. ඇස්‌. අමරසිංහ

සමස්‌ත ලංකා සුවසේවා සංගමය දිවයිනේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයට අයත් සාමාජික සාමාජිකාවන්ගේ ඉල්ලීම් අටක්‌ දිනා ගැනීම සඳහා අද (7 වැනිදා) වෘත්තිය අරගලයක්‌ ආරම්භ කිරීමට තීරණය කර ඇත.

කොළඹ 10 සිරිධම්ම මාවතේ පිහිටි සමස්‌ත ලංකා සුවසේවා සංගමයේදී ඊයේ (6 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී එහි සභාපති ගාමිණී කුමාරසිංහ මහතා මේ බැව් අනාවරණය කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගාමිණී කුමාරසිංහ මහතා මෙසේද පැවසීය. අප සංගමය ඉදිරිපත් කළ යෝජනා මෙසේය.

උපස්‌ථායක පුහුණු ආරම්භ නොකිරීම, ශනිදා විවේක දින කප්පාදු කිරීම, දින 180 සම්පූර්ණ කර ආදේශක සේවකයින් ස්‌ථිර නොකිරීම, අතිකාල ගෙවීම සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම, නිළ ඇඳුම් දීමනාව ලෙස රු. 7500 ක්‌ ලබා ගැනීම, මාසිකව රුපි. 5000 ක අනතුරු දීමනාවක්‌ ලබා ගැනීම, සෙනසුරාදා සේවය සඳහා 130 ක දීමනාවක්‌ ලබා ගැනීම, කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයේ නිල නාමය "සෞඛ්‍ය සහයක" ලෙස වෙනස්‌ කිරීම.

එම ඉල්ලීම් පිළිබඳව කිසිදු විසඳුමක්‌ මේ වන තුරු ලැබුණේ නැහැ. එනිසා සමහර රෝහල්හි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයට එම ප්‍රශ්න උග්‍රවී තිබෙනවා.

සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. එම්. ඩබ්ලිව්. රණසිංහ, ඩබ්ලිව්. රණසිංහ, උප ලේකම් ඩබ්ලිව්. අරුණ ශාන්ත යන මහත්වරුන් ඇතුළු තව කීප දෙනෙක්‌ අදහස්‌ ඉදිරිපත් කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.