කර්මාන්තශාලා පරිසර හිතකාමී ලෙස පවත්වා
ගෙන යැමට කම්හල් හිමියෝ දැනුවත් කෙරෙති


සිරිමන්ත රත්නසේකර

කර්මාන්තශාලා පරිසර හිතකාමී ලෙස පවත්වා ගෙන යැම සම්බන්ධයෙන් සියලු කර්මාන්තකරුවන් දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ යටතේ සියලු මහා, මධ්‍ය හා කුඩා පරිමාණ කර්මාන්තකරුවන් සහ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නන් පළාත් මට්‌ටමින් දැනුවත් කිරීම ඉදිරියේදී ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා "දිවයින"ට පැවසීය.

කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්‍ෂණ බලපත්‍රය හිමිකර ගැනීම සහ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව ලබාගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය තාක්‍ෂණික දැනුම අදාළ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන බවත් හේරත් මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.