නාවලපිටියේ හොර රූපවාහිනි මධ්‍යස්‌ථානයෙන්
නිවාස 50 කට වැඩසටහන් විකාශය කරලා


නෝමන් පලිහවඩන

නාවලපිටිය පොලිසිය මගින් වැටලූ හොර රූපවාහිනි මධ්‍යස්‌ථා නයෙන් නිවෙස්‌ පනහකට විකාශනයක්‌ ලබාදී ඇති බවත් තොරතූරු ලැබී ඇතැයි මධ්‍යම ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා "දිවයින"ට ඊයේ (6 වැනිදා) ප්‍රකාශ කළේය.

මෙම රූපවාහිනි මධ්‍යස්‌ථානයට තරංග මාලා පහක්‌ ක්‍රියාත්මක වන බව කී නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මෙම තත්ත්වය අනුව මෙම හොර රූපවාහිනි මධ්‍යස්‌ථානයෙන් විකාශන සේවාවන් ලබාගත් ද්‍රවිඩ පවුල් වලින්ද ප්‍රකාශ ලබා ගත යුතුව ඇතැයි කීවේය.

උඩරට වතුකරයේ ද්‍රවිඩ ජනතාව ඉලක්‌ක කරමින් මෙම හොර රූපවාහිනි මධ්‍යස්‌ථානය ආරම්භ කර ඇති අතර දැනටමත් මෙය පවත්වාගෙන ගිය ද්‍රවිඩ ජාතිකයා පොලිස්‌ බාරයට ගෙන ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.