ස්‌ප්‍රිංවැලි වතුයායේ පස්‌ කන්දක්‌
කඩාවැටී වතු නිවාස 2ක්‌ විනාශ වේ


හාලිඇල - වීරසිංහ - බදුල්ල එස්‌. රත්නායක

ඊයේ (06 දා) පැවැති අධික වර්ෂාවෙන් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ස්‌ප්‍රිංවැලි වතුයායේ 03 කොටස පුදුමලේ වතු කම්කරු නිවාස 02 ක්‌ පස්‌ කන්දක්‌ කඩා වැටීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

පෙරේදා (05 දා) රාත්‍රි 9.45 ට පමණ පැවැති අධික වර්ෂාව නිසා එම වතුකම්කරු නිවාස 02 හි සිටි පවුල් 02 කට අයත් පුද්ගලයන් 8 දෙනකු දිවිගලවාගෙන ඇත්තේ දැඩි අසීරුවෙනි. මේ පිළිබඳ හාලිඇල ප්‍රාදේශීය ලේකම්

ස්‌ප්‍රිංවැලි

ශ්‍රීයානා ධම්මිකා ජයසේකර මහත්මියගේ උපදෙස්‌ පරිදි අවතැන් වූ පවුල් 02 එම වතු කොටසේ වෙනත් වතු කම්කරු නිවාසයක තාවකාලිකව පදිංචි කිරීමට ස්‌ප්‍රිංවැලි වත්ත ග්‍රාම නිලදාරි වරයා පියවර ගෙන ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.