චෝදනාවලට ලක්‌වූ ප්‍රා. සභා
මන්ත්‍රීවරුන්ට හා සභාපතිවරුන්ට
යළි ඉදිරිපත්වන්න දෙන්න එපා!


ජනාධිපති විමර්ශන ඒකකයට දන්වති

නෝමන් පලිහවඩන

විවිධ චෝදනා වලට ලක්‌වූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සභාවට යළි ඉදිරිපත්වීමට අවස්‌ථාව ලබා නොදෙන ලෙස පළාත් ගණනාවකම පක්‌ෂ සාමාජිකයෝ සහ සංවිධාන ජනාධිපති විමර්ශන ඒකකයට දැනුම්දීමක්‌ කර ඇත. මෙම චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය දැනටමත් පරීක්‌ෂණ අරඹා ඇත.

සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන් 50 කට ආසන්න පිරිසක්‌ පිළිබඳ මෙම පරීක්‌ෂණ පැවැත්වේ.

එම පරීක්‌ෂණ වාර්තා අද හෙටම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති විමර්ශන ඒකකය කියයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.