ඔස්‌ටේ්‍රලියාවට තවත් ඉනිමක
පරාජයක්‌ ආසන්නයේ!


එංගලන්ත-ඔස්‌ටේ්‍රලියා අළු බඳුන ක්‍රිකට්‌ තරගාවලියේ සිඩ්නිහි ක්‍රියාත්මක අවසන් ටෙස්‌ට්‌ තරගයද ඉනිමක පරාජයවීමේ අවදානමකට ලක්‌ව සිටින ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සිව්වැනි දිනය වූ ඊයේ තරගය නිමා කරන විට කඩුලු 7 කට ලකුණු 213 ක්‌ ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියි. තරග 5කින් සමන්විත දෙරට අතර ටෙස්‌ට්‌ තරගාවලිය තරග 2-1 ක්‌ ලෙස එංගලන්තය පෙරමුණේ පසුවෙයි.

ඔස්‌ටේ්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් රැස්‌ කළ ලකුණු 280 ට පිළිතුරු ලෙස එංගලන්තය කණ්‌ඩායම ඊයේ දිනයේදී සියලු දෙනා දැවී ලකුණු 644 ක්‌ ලබා ගත් අතර එහිදී ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ඔස්‌ටේ්‍රලියාවට දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 364 ක්‌ ලබා ගත යුතුව තිබේ.

එංගලන්ත වේග පන්දු යවන්නන් විසින් ඉදිරි පෙළ කඩුලු ඉක්‌මනින් බිඳ දැමීම මත ඉනිමක පරාජයවීමේ අවදානමකට දැන් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම මුහුණ දී සිටින අතර එම අභියෝගය ජය ගැනීමට නම් ඔවුන් කඩුලු 3 කදී තවත් ලකුණු 151 ක්‌ ලබා ගත යුතුව තිබේ.

ඊයේ දිනයේදී එංගලන්ත පිලේ කැපී පෙනෙන පිතිකරුවා වූ මැට්‌ ප්‍රයර් තම ටෙස්‌ට්‌ දිවියේ සිව්වැනි ශතකය(118) වාර්තා කිරීමට සමත්වූ අතර එය අළු බඳුන තරගාවලියකදී හෙතෙම රැස්‌ කළ පළමු ශතකය වශයෙන්ද ඉතිහාස ගත විය.

ලකුණු සාරාංශය

ඔස්‌ටේ්‍රලියාව පළමු ඉනිම 280 යි සහ දෙවැනි ඉනිම 213/7යි(වොට්‌සන් 38, ක්‌වාජා 21, ක්‌ලාක්‌ 41, හැඩින් 30, ස්‌මිත්(නොදැවී) 24, ඇන්ඩර්සන් 50/2, ටි්‍රම්ලට්‌ 53/2, බ්‍රෙස්‌නන් 32/2)

එංගලන්තය පළමු ඉනිම ලකුණු 644 යි(ස්‌ට්‍රොaස්‌ 60, කුක්‌ 189, පීටර්සන් 36, බෙල් 115, ප්‍රයර් 118, බ්‍රෙස්‌නන් 35, ස්‌වෝන්(නොදැවී) 36, හෙල්ෆෙන්හස්‌ 121/3, ජොන්සන් 168/4)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.