ආසියානු පාපන්දු ශූරතා අවසන් වටය අද ඇරඹෙයි

අවසන් මහ තරගය 29 දා

ආසියානු පාපන්දු සම්මේලනය විසින් සිව් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් වටය අද (07 දා) මැද පෙරදිග කටාර් රාජ්‍යයේදී ආරම්භ වේ.

ආසියානු පාපන්දු සම්මේලනය අනුබද්ධිත රටවල් 43 ක සහභාගිත්වයෙන් පැවැති අදාළ පූර්ව වටයෙන් අනතුරුව රටවල් 16 ක්‌ මෙම අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ අතර කටාරය සහ උස්‌බෙකිස්‌තානය අතර අද (07 දා) පැවැත්වෙන තරගයෙන් එම අවසන් වටය දියත් වේ.

අවසන් වටයේ කණ්‌ඩායම් 16 ක්‌ "ඒ" සිට "ඩී" දක්‌වා කාණ්‌ඩ හතරකට වෙන් කර ඇති අතර චීනය, කුවේටය, කටාරය සහ උස්‌බෙකිස්‌තානය එහි "ඒ" කාණ්‌ඩයට අයත් වෙති.

"බී" කාණ්‌ඩය සඳහා ජපානය, ජෝර්දානය, සවුදි අරාබිය සහ සිරියාවද "සී" කාණ්‌ඩය සඳහා ඔස්‌ටේ්‍රලියාව, බහ්රේනය, ඉන්දියාව සහ උතුරු කොරියාවද සහ "ඩී" කණ්‌ඩායම දකුණු කොරියාව, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය සහ ඉරානය අයත් වේ.

තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 29 දා පැවැත්වේ.

අවසන් වරට පැවැති ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේදී සෞදි අරාබිය ගෝල් 1-0 කින් පරදා ඉරාකය අදාළ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

තරග කාල සටහන

"ඒ" කාණ්‌ඩය

ජනවාරි 07දා - කටාරය - උස්‌බෙකිස්‌තානය

08දා - කුවේටය - චීනය

12දා - උස්‌බෙකිස්‌තානය - කුවේටය

- චීනය - කටාරය

16දා - කටාරය - කුවේටය

- චීනය - උස්‌බෙකිස්‌තානය

"බී" කාණ්‌ඩය

ජනවාරි 9දා - ජපානය - ජෝර්දානය

- සිරියාව - සවුදි අරාබිය

13දා - සවුදි අරාබිය - ජෝර්දානය

- සිරියාව - ජපානය

17දා - ජපානය - සවුදි අරාබිය

- සිරියාව - ජෝර්දානය

"සී" කාණ්‌ඩය

ජනවාරි 10දා - ඉන්දියාව - ඔස්‌ටේ්‍රලියාව

- ද.කොරියාව- බහ්රේනය

14දා - ඔස්‌ටේ්‍රලියාව - ද. කොරියාව

- බහ්රේනය - ඉන්දියාව

21දා - ද. කොරියාව - ඉන්දියාව

22දා - බහ්රේනය - ඔස්‌ටේ්‍රලියාව

"ඩී" කාණ්‌ඩය

ජනවාරි 11දා - උ. කොරියාව - එක්‌සත් අරාබි එමීරය

- ඉරානය - ඉරාකය

15දා - ඉරානය - උ. කොරියාව

- ඉරාකය - එක්‌සත් අරාබිය

19දා - උ. කොරියාව - ඉරාකය

- ඉරානය - එක්‌සත් අරාබිය

ජනවාරි 21-22 - අර්ධ අවසන් පූර්ව

25දා - අවසන් පූර්ව

28දා - තුන්වන ස්‌ථානය තරගය

29දා - අවසන් මහ තරගය

අසෝක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.