\
 
 
 
 

 

ලොවෙහි ප්‍රථම වතාවට එක්‌ වසරක්‌ තුළදී
මංගල උත්සව 12 කට අනුග්‍රහය


වෝග් ජුවලර්ස්‌ සහ සිරස ටීවී ආයතනය රටපුරා ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන් වෙත ත්‍යාග පිරිනමමින් ඔවුන් ප්‍රීතිමත් කිරීමට අත්වැල් බැඳ ගැනීමත් සමගම ශ්‍රී ලංකාවේ ප්‍රථම මංගල රියෑලිටි වැඩසටහන වන "මංගල සිහිනය" මේ මාසයේ රූපවාහිනී තිරය මත දිදුලයි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරය මත මෙතෙක්‌ දිගහැරුණු වඩාත් අලංකාර වැඩසටහන ලෙස සුපතලවීමට උත්සාහ දරන මෙම මංගල සිහිනය වැඩසටහනින් මුළුමනින්ම නොමිලයේ මංගල උත්සව සඳහා පැකේජ 12 ක්‌ සහ රන් මාල 12 ක්‌ බැගින් වසරේ එක්‌ එක්‌ මාසයේදී ලබා දෙන අතර එය මනාලියන් වීමට සැරසෙන යුවතියන්ගේ සිහිනයක්‌ සපුරා ගැනීමක්‌ වෙයි.

2011 වසරේ ජනවාරි මස සිට රාත්‍රී 7.30 ත් 9.00 ත් අතර සිරස ටීවී තිරය මත රන් මාලයක්‌ ප්‍රදර්ශනය කෙරේ. සිරස තිරස නමින් හැඳින්වෙන මෙම ගුවන් කාලය තුළ "සිහින සිතුවම්", "ගඟ අද්දර" සහ "වැහි පබළු සේල" යන ප්‍රධාන ටෙලි නාට්‍ය තුන විකාශනය කෙරේ.

ප්‍රේක්‍ෂකයන් කළ යුත්තේ මෙම කාල පරාසය තුළ වෝග් මාලය තිරය මත දිස්‌වෙන වාර ගණන ගණන් කොට "මංගල සිහිනය" සිරස ටීවී තැ.පෙ. 929, කොළඹ යන ලිපිනයට තැපැල් කිරීම හෝ 7788 අංකයට එස්‌ එම් එස්‌ පණිවුඩයක්‌ එවීමය. සෑම තැපැල් පතකදී සහ එස්‌ එම් එස්‌ පණිවුඩයකදී 2011 වසරේදී විවාහ වන යුවළකගේ නම සඳහන් කළ යුතුය.

සෑම මාසයකදීම දිනුම් ඇදීමෙන් වාසනාවන්ත ජෝඩු තෝරා ගැනෙන අතර සම්මුඛ පරීක්‌ෂකවරුන්ගේ මණ්‌ඩලයක්‌ විසින් ඔවුන් අතුරින් එක්‌ වාසනාවන්ත යුවළක්‌ තෝරා ගැනේ. එම වාසනාවන්ත යුවළගේ මංගල සිහිනය සිරස ටීවී සහ වෝග් ජුවලර්ස්‌ විසින් යථාර්ථයක්‌ බවට පත් කරනු ලැබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.