\
 
 
 
 

 

HVA ෆුඩ්ස්‌ රුපියල් මිලියන 319 ක
මූලික කොටස්‌ නිකුත් කරයි


ශ්‍රී ලංකාවේ තේ ආශ්‍රිත නිෂ්පාදන සැකසීම, අෙවිය බෙදාහැරීම හා අපනයනය සිදු කරන ප්‍රමුඛ සමාගමක්‌ වන HVA ෆුඩ්ස්‌ සමාගම රුපියල් මිලියන 318,857,568 ක්‌ සම්පාදනය කර ගැනීමේ අරමුණින් යුතුව සිය කොටස්‌ හිමිකාරීත්වයෙන් සියයට 30 ක මූලික කොටස්‌ නිකුත් කරන බව ප්‍රකාශයට පත් කළේය.

කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ දිරිසවි මණ්‌ඩලයේ ලැයිස්‌තුගත මෙම සමාගම කොටසක්‌ රුපියල් 16 බැගින් සාමාන්‍ය ඡන්ද බලය සහිත කොටස්‌ 19,928,598 ක්‌ මෙසේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. මූලික කොටස්‌ නිකුතුව මෙම මස 12 වැනිදා දින ආරම්භ වන අතර පෙරබවාරි 01 දිනට පූර්ණ දායකත්වයක්‌ හිමි නොවූයේ නම් එදින දක්‌වා විවතව පවතිනු ඇත. මෙහි අවම දායකත්වය කොටස්‌ සියයක්‌ වශයෙන් වන අතර ඉන් අනතුරුව සියයේ ගුණාකාරයන් වශයෙන් කොටස්‌ මිලදී ගත හැක.

1997 දී සුළු පරිමාණයෙන් ආරම්භ කරන ද මෙම සමාගම ඒ වන විට පැවතියේ නෙදර්ලන්තයේ HVA ඉන්ටර්නැෂනල්හි අපනයනය අංශය වශයෙන් 1990 දී ස්‌ථාපනය කෙරුණු HVA ලංකා එක්‌ස්‌පෝට්‌ස්‌ සමාගමෙහි පූර්ණ අනුබද්ධ ආයතනයක්‌ වශයෙනි. ඉන් අනතුරුව HVA ලංකා එක්‌ස්‌පෝට්‌ස්‌ සමාගම පූර්ණ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතනයක්‌ බවට පත්වූ අතර එමගින් තොග වශයෙන් තේ අපනයනය අගය එකතු කළ වෙළෙඳනාමගත තේ අපනයනය සාන්ද්‍ර අපනයනය හා වරලත් ව්‍යාපාරික මෙහෙයුම් ජාලයක්‌ ක්‍රියාත්මක කෙරිණි. මේ වන විට හෙළදිව් වෙළෙඳනාමය යටතේ නිෂ්පාදන 80 ක්‌ පමණ අලෙවි කෙරෙන අතර ඒ අතරට බ්ලැක්‌ ටී, ග්‍රීන් ටී, හර්බ් ටී, විශේෂිත තේ වර්ග, සාන්ද්‍ර තේ සහ විවිධ රස ගන්වන ලද තේ වර්ග රැසක්‌ අයත් වේ.

HVA සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව සිය අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. "රුපියල් මිලියන 45 ක පළමු වෙන් කිරීම HVA හෝල්ඩින්ග්ස්‌ සමාගම පූර්ණ වශයෙන් අත්පත් කර ගනිමින් HVA ෆුඩ්ස්‌ සමාගමෙහි "හෙදිව්" වෙළෙඳනාමය වෙත ඡාත්‍යන්තර ලාංඡන හිමිකාරිත්වය ලබා ගැනීම සඳහා භාවිත කෙරෙනවා. මෙහිදී HVA හෝල්ඩින්ග්ස්‌ සමාගමෙහි සියයට 100 ක හිමිකාරීත්වය HVA ෆුඩ්ස්‌ සමාගම වෙත ලබාදීමට නියමිතය. මෙම අත්පත් කර ගැනීම ඔස්‌සේ වෙළෙඳනාමය පිළිබඳ පූර්ණ හිමිකාරිත්වය අප වෙත පැවරෙන බැවින් අවහිරයකින් තොරව ශ්‍රී ලංකාව තුළ හා ලොව පුරා හෙළදිව් නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්‌ථාව උදාවෙනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.