ජනප්‍රිය ලේඛකයන් තිදෙනකුට 2011 ගාලූ
සාහිත්‍ය උළෙලට සහභාගි වීමට එමිරේට්‌ස්‌ අනුග්‍රහය



සම්මානලාභී අප්‍රිකානු ලේඛකයන් දෙදෙනකු හා ශ්‍රී ලංකාවේ උපත ලද ජනප්‍රිය ලේකාවක්‌ 2011 ගාලු සාහිත්‍ය උළෙලට සහභාගි වීමට එමිරේට්‌ස්‌ ගුවන් සේවය අනුග්‍රහය ලබා දී ඇත.

දකුණු අප්‍රිකානු ලේඛකයකු වන ඩේමන් ගල්ගට්‌, නයිජීරියානු ජාතික ලේකාවක්‌ වන කිමමන්ඩා අඩිචි හා දැනට කැලිෆොනියාවේ වෙසෙන කැරන් රොබර්ට්‌ස්‌ යන ලේඛක ලේඛිකාවන්ට සාහිත්‍ය උළෙලට සහභාගි වීම සඳහා ගුවන් පහසුකම් ලබා දීමට එමිරේට්‌ස්‌ ගුවන් සේවය ඉදිරිපත් වී ඇත.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් එමිරේට්‌ස්‌හි ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා කලාප කළමනාකරු චන්දන ද සිල්වා මහතා පැවැසුවේ නැවත වරක්‌ ගාලු සාහිත්‍ය උළෙලට අනුග්‍රහය දැක්‌වීමට හැකිවීම පිළිබඳ එමිරේස්‌ට්‌ ගුවන් සේවය සතුටට පත්වන බවයි. මෙම උළෙලේ වැදගත්කම වසරින් වසර ඉහළ යන බව වැඩිදුරටත් පෙන්වා දුන් ඒ මහතා ලේඛකයන් හා සාහිත්‍යලෝලීන් වැනි අන්තර්ජාතික ගුවන් මගීන් අතර ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි දැක්‌මක්‌ ඇති කරවීමට ද එය මනා රුකුලක්‌ වන බව පැවැසුවේය.

පෙර වසරවල ගාලු සාහිත්‍ය උළෙලට සහභාගි වීම සඳහා එමිරේට්‌ස්‌ ගුවන් සේවය මිෂෙල් ඩි ක්‍රෙට්‌සර්, රූ ෆ්‍රමන්, වාසුගී ගනේෂනාදන් හා ජර්මේන් ග්‍රියර් වැනි ජනප්‍රිය ලේඛකයන්ට අනුග්‍රහය ලබා දී ඇත.

සම්මානලාභී දකුණු අප්‍රිකානු ලේඛකයකු වන ඩේමන් ගල්ගට්‌ 1963 වසරේදී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි දී උපත ලබා ඇති අතර දැනට කේප්ටවුන්හි වාසය කරයි. ගල්ගට්‌ මහතාගේ නවතම ග්‍රන්ථය වන "ඉන් අ ස්‌ටේ්‍රන්ඡ් රූම්" 2010 මෑන් බුකර් සම්මානය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.