ශ්‍යාම්ගේ නවතම කෘතිය
"ආර්ථික යුද්ධය ජය ගැනීම" ජනවාරි 28 එළිදකී



"දිවයින" මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත "ආර්ථික යුද්ධය ජයගැනීම" නම් කෘතිය එළිදැක්‌වීම, ජනවාරි 28 වැනි සිකුරාදා ප.ව. 3.00 ට කොළඹ 07, ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මේ අවස්‌ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙයි. තැපැල් හා විදුලි සංදේශ සහ තොරතුරු තාක්‌ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, නියෝජ්‍ය අධිපති ධර්මා ධීරසිංහ, හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ මහ බැංකුවේ මුදල් මණ්‌ඩල සාමාජික නිමල් වෙල්ගම, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ කේ. ඩී. රණසිංහ, ආචාර්ය සමන් කැලේගම සහ "දිවයින" ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර යන මහත්වරු ඇතුළු බැංකු හා මූල්‍යාතන ප්‍රධානීන්, ආර්ථික විද්වතුන් හා පුවත්පත් කතුවරුන් ඇතුළු විශාල පිරිසක්‌ මේ අවස්‌ථාවට එක්‌ වෙති.

මෙදින ශ්‍යාම් නුවන් ගනේවත්තගේ "ආර්ථික යුද්ධය ජයගැනීම" කෘතිය ඇතුළු කතුවරයාගේ වෙනත් කෘති සහන මිලට අලෙවි කෙරෙනු ඇත. සියලු විමසීම් 077 3558189 දුරකථන අංකයෙනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.