බොදුනු කලාවේ ග්‍රීක බලපෑම

ඉන්දීය කලාව පිළිබඳ අධ්‍යයනය නොමේරු අවධියක පවතිද්දී සෑම කලාවක්‌ම, යුරෝපීය තත්ත්වයෙන් තීරණය කරනු ලැබූ යුගයක ග්‍රීක ආභාෂය ලැබූ වයඹ දිග ඉන්දීයානු කලාව ඉන්දීය කලාවේ මාහැඟි ගුරුකුලය ලෙස සැලැකෙන අතර, අති සුන්දර වූත් කලාකෘති එහි නිර්මාණය වූයේය. මෙහි 1 වැනි රූ සටහනේ දැක්‌වෙන බුදුරුව ඉන්දීය කලාවේ අති සුලලිත වූ නිර්මාණයක්‌ ලෙස සැලැකේ. එසේද වූවත් ජාතික හැඟීම් උද්දීපනය වීම හේතුකොට ජනමතය හැරුණේ අනික්‌ පැත්තටය. ග්‍රීක ආභාෂය ලැබු මූර්ති හැඳින්වූයේ අනුකරණයකින් අනුකරණය කරන ලද්දක්‌ මෙන්ම අවඥවෙන් පිරුණු නීරස නිමැවුවක්‌ ලෙසය. එම නිගමනයෙහි එතරම් සාධාරණ බවක්‌ නැති වූවද මඳ වශයෙන් මඳ වශයෙන් නීරස වූද තරමක දුබල බවින් හෙබි, පිරිමිගති ලක්‌ෂණ නිරූපණය නොවන මෙම ග්‍රික ආභාෂය ලැබූ බුදුරුව මඳ සිනහවෙන්ද කඩවසම් බවින් හා ප්‍රතාපවත් බවින්ද යුක්‌ත වන බව කිව හැකිය.

මෙම ග්‍රීක ආභාෂය ලැබූ වයඹ දිග ඉන්දියානු කලාව ගන්ධාර ගුරුකුලය යනුවෙන් හඳුන්වනු ලැබේ. එසේ වීමට හේතුපාදක වී ඇත්තේ බලුකිස්‌තානයේත්, උතුරු පාකිස්‌තානයේත් වයඹ දිග ඉන්දියාවේත් කොටස්‌වලින් ගන්ධාර දේශය සංයුක්‌ත වී තිබීමයි.

මෙම ග්‍රීක බලපෑම ක්‍රි.පු. 327 දී මහා ඇලෙක්‌සැන්ඩර්ගේ ආක්‍රමණය සිදුවූ යුගය තෙක්‌ ඈතට විහිදේ. ඔහුගේ හමුදාව බියස්‌ (Beas) ගඟ අසබඩ දක්‌වා පැමිණීමෙන් පසු ඉන් ඔබ්බට යෑම ප්‍රතික්‍ෂේප කරමින් කැරැලි ගැසූ හේතුවෙන් තවදුරටත් රටතුළට කඩා වැදීමට ඇලෙක්‌සැන්ඩර්ට අවස්‌ථාව නොලැබිණ. ඒ නිසා ඔහුට පසුබැසීමට සිදුවූ අතර සමස්‌ත ඉන්දියාව ආක්‍රමණය කිරීමේ සිහිනය අතර මඟදී අත්හැර දැමීමටද සිදුවිය. ඔහු යටතට පත්වූ වයඹ දිග පළාත ඉන්දියානු ආණ්‌ඩුකාරවරුන් කීපදෙනෙකු යටතේ තබා දිනාගත් ආසියාවේ අනෙකුත් පෙදෙස්‌ ග්‍රීක ආණ්‌ඩුකාරවරු කීප දෙනෙකු යටතට පත් කැරිණි.

නොබෝ දිනකින් ඔහු මියගිය හෙයින් ඔහුගේ අධිරාජ්‍යයේ ආසියානු පෙදෙස සෙලියුකස්‌ seleucass භාරයට පත්වූයේය. ක්‍රි.පු. 250 වන තෙක්‌ම වයඹ බලුකිස්‌තානයේ පාර්තීය හා බැක්‌ටි්‍රයා පෙදෙස්‌ සෙලියුකස්‌ අධිරාජයාගේ වැදගත් පළාත් දෙකක්‌ වශයෙන් පැවැතුණද එහි ජනයා කැරැලි ගසා තම නිදහස තහවුරු කරගත්හ. එතැන් සිට මෙම රාජධානි දෙකක්‌ වශයෙන් ස්‌වාධීන ග්‍රීක පාලකයන් කීප දෙනෙකු යටතේ පාලනය කිරීම සිදුවිය.

බැක්‌ටි්‍රයාවේ කීප තැනෙක කරන ලද කැණීම් වලින් හෙළිවී ඇත්තේ මෙම ග්‍රීක රාජධානි ග්‍රීක සංස්‌කෘතිය රැකගනිsමින් ඒ තුළ සංවර්ධනය වූ බවයි. ග්‍රීක වාස්‌තු විද්‍යාත්මක හා සැරැසිලි සහිත විසිතුරු ග්‍රීක මූර්ති, සෙල්ලිපි, වැනි ප්‍රත්‍යක්‌ෂ සාක්‌ෂි හමුවී තිබීමෙන් ඒ බැව් සනාථ වේ. පාකිස්‌තානයෙන් හා වයඹ දිග ඉන්දියාවෙන් ලැබී ඇති සාක්‌ෂි අනුව ඉන්දු ග්‍රීක රාජධානි එක දිගටම පැවැති අතර මෙනැන්ඩර් menader නමැති පාලකයා ඔවුන් අතර ජනප්‍රියවූත්, වැදගත්ම ඉන්දු- ග්‍රීක රජු බව කැපී පෙනේ.

මෙම ගී්‍රක ආධිපත්‍ය තැබූ පළාත් කුෂාණවරුන් විසින් ආක්‍රමණය කිරීමත් සමග. එහි තැබූ ග්‍රීක සම්ප්‍රදාය යන් ගෙන් පෝෂිත වීම කේන්ද්‍ර කොට ගෙන ඉන්දු- ග්‍රීක කලාව ආරම්භ විය.

මෙම කුෂාණවරුන් නම් ක්‍රි.පූ දෙවැනි සිය වසේදී චීනයේ කන්සු නම් පළාතෙන් පළවාහරිනු ලැබූ යුඑෂි yuechchi නම් එඩේර ගෝත්‍රිකයන්ගෙන් Nomaadie පැවැත එන්නාවූ ජන කොටසකි. ක්‍රි.පූ. 130 දී බැක්‌ටි්‍රයාවේ ග්‍රීක ජනපදවලට පැමිණ ග්‍රීක පෙළපත පරදවා යටපත් කොට ගෙන එහි පදිංචි වු අතර එහි විසූ නිජ බිම් වැසියන් සමග වහාම සමීප සබඳතාවයන් ගෙඩ නගා ගැනීමටද ඔවුහු සමත් වූහ. මෙහිදී ග්‍රීක සභ්‍යත්වය හඳුනාගෙන එය අගය කිරීමටත්, රස විඳීමටත් පෙළැඹුණු කුෂාණවරු පාලකයන් වශයෙන් එම ග්‍රීක සම්ප්‍රදායයන් වැඩි දියුණු කිරීමටද කටයුතු කළෝය. ක්‍රි.පූ. 90 දී පමණ පාකිස්‌තානයත් වයඹ දිග ඉන්දියාවත් ආක්‍රමණය කොට එවකටත් ඒ පළාතේ දුබලව සිටි ඉන්දු- ග්‍රීක රාජධානි පරාජය කළහ. මෙහිදී ද එම ග්‍රීක අත්තිවාරම නොනසා සියලු කටයුතු ගොඩ නගාගෙන ගියහ.

ඒ සමගම තෙවැනි කුෂාණ පාලකයා වූ කණිෂ්ක සිංහාසනාරූඪ වීමත් සමග කුෂාණ අධිරාජ්‍යය බැක්‌ටි්‍රයාවේ සිට මථුරා දක්‌වා ව්‍යාප්තවීමද සිදුවූයේය. මේ වනවිට ඉන්දියාවේ ප්‍රබල තත්ත්වයකට පත්ව තිබූ බෞද්ධාගම හඳුනා ගැනීමට හා සබඳතා ගොඩනගා ගැනීමට කුෂාණවරු කටයුතු කළහ. හීනයාන බුqදුදහම මෙම වකවානුව වන විට ඉතා සරල වූද ජනප්‍රිය වූද විශ්වාසයක්‌ බවට පත්වීමේ හේතුවෙන් බුදුන් දේවතාවකුගේ තත්ත්වයකට පත්වී තිබිණ. එහෙත් බුදුහු කිසිදිනෙක මිනිස්‌බව ඉක්‌මවා ගිය තැනැත්තෙකු ලෙස පෙනී සිටීමට කටයුතු නොකළ අතර ජනතාව සංසාර දුකෙන් මුදා ගැනීමට මඟ පෙන්වා දුන් සැබෑ මිනිසෙකු වශයෙන් පමණක්‌ පෙනී සිටියහ. එසේද වූවත් බොදුනුවන් බවට පත්වූ ජනතාවට තම භක්‌තිය දැක්‌වීම සඳහා යම් අරමුණක්‌ නැතහොත් වස්‌තුව ඇවැසි බවක්‌ තිබිණි. මේ හේතුව නිසා ඉන්දීය බෞද්ධ ජනතාව මෙම නව මතයට පෙළ ගැසුණහ.

ජනතාවගේ ඉල්ලීම වූ මෙම ආගත්තුක වූ දේවත්වයට පත් බුදුපිළිමයක ඉල්ලුමට මුහුණ දීමට මෙම ආක්‍රමණශීලි කුෂාන් පාලකයන්ට සිදුවිය. මේ කරුණු හේතුකොට බැක්‌ටි්‍රයාවේ ග්‍රීක සම්ප්‍රදායයන් රසවිඳීමට හා සුරැකීමට ඇබ්බැහිවී සිටි ඔවුහු තුරුණු කඩවසම් රුසිරියෙන් යුත් ග්‍රීක "ඇපලෝ" (හිරුදෙවි)" දෙවිඳුගේ රුව අනුව යමින් බුදුරුවක්‌ නිර්මාණය කළහ.

පුළුල් ජාත්‍යන්තර දුර දැක්‌මකින් යුත් බුද්ධිමත් ජනතාවක්‌ වූ ඔවුහු ග්‍රීක බැක්‌ටි්‍රයාවෙන්ද පර්සියානු ප්‍රාන්ත රාජධානිවලින්ද බටහිර ආසියාවේ රෝමානු පළාත්වලින්ද කලා කර්මාන්තකරුවන් බඳවා ගැනීමටද කටයුතු කළහ. කුෂාණ අධිරාජ්‍යය තුළ වෙළෙදාම දියුණු තත්ත්වයකින් පැතිර ගිය අතර ඇලෙක්‌සැන්ඩි්‍රයාවෙන්, මිසරයෙන්, චීනයෙන් හා ඉන්දියාවෙන්ද කාල නිර්මාණ ඇතුළු සුඛෝපභෝගි භාණ්‌ඩවලින් කුෂාන් වෙළෙඳ ගබඩා පිරී ගියේය. එවන් වාතාවරණයක්‌ තුළ ග්‍රීක- ආභාෂය තුළින් පිබිදීම හේතුකොට ගන්ධාර කලාව නිර්මාණය වීමට මග පෑදින.

මෙහි නිමැවූ ආකෘතික ගන්ධාර බුදු හිස, තුරුණු වූ මනා කඩවසම් පෙනුමින් හා රැළි ගැසුණු කෙස්‌ වලින්ද යුක්‌ත වේ. (1 වැනි රූ සටහන බලන්න) එය නිරීක්‌ෂණය කිරීමේදී ග්‍රිSක "ඇපලෝ" (හිරු දෙවි) දෙවියාගේ ලක්‌ෂණ පැහැදිලිව දැක්‌ක හැකිය. කෙසේ වෙතත් ඉන්දියානු සම්ප්‍රදාය රැකගනු ලැබුවේ නැසෙන සුළු සාමාන්‍ය මිනිසකු වඩා අධි මානුෂික පරිපූර්ණ ශාරීරික ලක්‌ෂණ වලින් යුත් බුදුරුවක්‌ නිර්මාණය කිරීමෙනි. එම භෞතික හා අධ්‍යාත්මික පරිපූර්ණ අංගලක්‌ෂණ අතර උෂ්නීෂයක්‌, ඌර්ණරෝම ධාතුවත් ලඹ සවන්ද සුවිශේෂ වේ. ග්‍රිSක ඇපලෝ රුව, පෙර දැක තිබූ අයට උෂ්නීෂය අපූර්ව වූ කොණ්‌ඩා සැරැසිල්ලක්‌ මෙන් දිස්‌ වූවේය. ඇස්‌බැමිවලට ඉහළින් නළලේ පිහිටි ඌර්ණාව දැක්‌වූයේ කැරුකුණු කෙස්‌ රොදක්‌ මෙන් නොව නළලේ තබන ලද තිලකයක්‌ ලෙසිනි.

රෝම මූර්තිවල දක්‌වා ඇති ලෙසින් ගන්ධාර බුදු පිළිමවලද සම්පූර්ණ උස ප්‍රමාණය සඳහා හිසේ උස ප්‍රමාණය මෙන් පස්‌ගුණයක්‌ යොදා ගෙන ඇති අතර රෝම "ටෝගා"වට සමානවූ ගැඹුරු රැළි සහිත සිවුරකින් සැරැසී තිබේ. ගන්ධාර බුදු පිළිම අලංකාර මූර්ති වූවද ඒවායේ නිරූපණය වන්නේ භෞතික අලංකාරයයි. එහෙයින්ම සන්සුන් බවින් හා ගැඹුරු සමාධිගත අයුරුවක්‌ නිරූපණය කැරෙන පිළිමයක්‌ මෙහිදී අපේක්‌ෂා කිරීම නිෂ්ඵල වෑයමක්‌ බව කිවයුතුය. නිදහස්‌ හිටි බුදු පිළිමවලට අමතරව වෘතාන්ත දැක්‌වෙන උන්නත මූර්තිවලින් සමන්විත ගල්ලෑලි (පැතැලිකුට්‌ටි) සමූහයක්‌ද දැක්‌ක හැකි අතර ගන්ධාර කලාපයේ ආරාමවල බොහෝ ස්‌තූපයන්හි ඉදිරියෙන් මතුපිට ඒවා රඳවා තිබේ. මුල් කාලීන බොදුනු ගුරු කුලයට අයත් සාංචි කැටයම්හි බුදුන් දක්‌වා ඇත්තේ රූපකායෙන් නොව විවිධ වූ සංකේත භාවිත කරමිනි. එසේද වූවත් ගන්ධාර කලා කර්මාන්තවල නිරතවූ මූර්ති ශිල්පීහු, බුදු පිළිම හඳුන්වාදීමේදී විෂය පථය පුළුල් වූ අතර බුදු පිළිම ඉදි නුවූ වකවානුවේ දැක්‌විය නොහැකි වූ බුදුන්ගේ ළමා කාලයේ සිට තුරුණු අවධිය දක්‌වා කාලය තුළ වැදගත් සිදුවීම් ඇතුළත් දර්ශනවල විවිධ ජවනිකා කොටස්‌ වශයෙන් නිරූපණය කිරීමට සමත් වූහ.

මුල් බොදුනු කලාගුරුකුල හා පැසැදීමේදී පෙනී යන සුවිශේෂ කරුණක්‌ නම් බුදුන්ගේ පරිනිර්වාණය නිරූපණය කැරෙන ඇතැම් අවස්‌ථාවල අතිs විශාල අසමානතාවයන් දැක්‌ක හැකි බවය. සංකේත භාවිත කළ යුගයේදී බුදුන්ගේ පරිනිර්වාණය දැක්‌වූයේ ස්‌තූපයක්‌ යෙදීමෙන් වූවද මෙම යුගයේදී නිමැවූ එක්‌ පනේලය මැද බුදුන් කවිච්චියෙක (COUCH) සැතැපී සිටින ඉරියව්වෙන් නිරූපණය වන අතර අවට වැලපෙන අයුරින්ද දැක්‌වෙන රූප සමූහයකි. බුදුන්ගේ වියෝවීම දරාගත නොහැකිව සිටින පිරිස්‌වල මුහුණුවල මලානික බව සංවර බවින් තොරව විලාප නගමින් හැසිරෙන අයුරු කදිමට නිරූපිතය. කවිච්චියක පිටුපසින් මල්ල රාජ්‍ය ප්‍රධානීන්ද පළාතේ ප්‍රභූවරුන්ද දැක්‌වෙන අතර දෙපස කම්පනය දරා ඉතා තැන්පත් අයුරින් සිටින භික්‌ෂූන් වහන්සේලාද නිරූපණය කොට තිබෙන අයුරු කදිමය. පිරිනිවන් පා සිටින බුදුන් වහන්සේ ඉතා සැහැල්ලුවෙන් සැතපී සිටින ලෙසින් නිරූපණය කර තිබීමෙන් එය නිර්මාණය කළ කලාකරුවන්ගේ ප්‍රතිභාව සනාථ කරන්නක්‌ බව පැවැසිය හැකි වූවද සිවුරේ පහත තීරුවේ රැලිවල දැඩි දළදඹු බවක්‌ දිස්‌වෙන බවක්‌ද පැවැසීය යුතුය. (3 වැනි චිත්‍රය)

නැගෙනහිරත් බටහිරත් සම්මිශ්‍රණයෙන් බිහිවූ ගන්ධාර කලාව බටහිර නිර්මාණයක්‌ ලෙස කලාතුරකින් කෙනෙකුට වැරදි ලෙස ගිනිය හැකි වූවද, පැහැදිලි බටහිර ලක්‌ෂණයන්ද එහි අන්තර්ගතවී ඇති බව කිවයුතුය. බටහිර විලාසිතා වන්ගෙන් යුත් ඇඳුම් හා මුහුණුවල සියුම්වටකුරු බව උදාහරණ ලෙස දැක්‌විය හැකිය. (4 රූපය) එම 4 වැනි චිත්‍රඵලකයේ මායාදේවියගේ රුව විමසිල්ලෙන් නිරීක්‌ෂණය කළහොත් එය සනාථ වේ. ඇයගේ දිගු ඇඳුමත්, වටකුරු අඟ පසඟත්, කොණ්‌ඩයත් පිළිබඳ සලකා බැලීමේදී ඒවා ඉන්දියානු ලක්‌ෂණවලින් තොර බැව් කිව හැකිය. සිදුහත් උපත නිරූපණය කැරෙන මෙම දර්ශනයේ සිදුහත් බිළි¹ මව්පස සිට ඉදිරියට පැමිණෙන අයුරුත්, මායාදේවිය සල් අත්ත අල්ලාගෙන සිටින සැටිත් මෙහි කදිමට දිස්‌වේ.

ගන්ධාර කලාව වෙනත් බටහිර අලංකාරවත් විසිතුරු අංගවලින් සමන්විත වී ඇති බවට සාධකයක්‌ වන්නේ පැහැදිලිවම බටහිර අංගයක්‌ වන අනංගයා වැනි සකේතයන්ද එකතු වී තිබීම නිසයි.

ගන්ධාර මූර්ති අති විශාල සංඛ්‍යාවක්‌ හවුවී ඇතත් අවාසනාවකට මෙන් ඉන් අඩකට වැඩි ගණනක්‌ කලාත්මක බවින් තොරවූ නරඹන්නාගේ සිත් ප්‍රබෝධවත් නොකැරෙන ඒවා බවද කිව යුතුවේ. එසේ වීමට හේතු වූයේ කුෂාන්වරුන් ගේ අනුශාසකත්වය යටතේ බෞද්ධ දර්ශනයේ වේගවත් ව්‍යාප්ති හේතුකොට ඊට සරිලන නිර්මාණ සැපැයීමේ අවශ්‍යතාවයක්‌ ඇති වීමයි. ස්‌තූප හා සිද්ධස්‌ථාන ඉතා සීග්‍රයෙන් ඉදිවීමත් ඒවා සැරැසීමට මූර්තිමය කැටයම්වලින් යුත් ඵලකත් Panels නිදහස්‌ හිටිපිළිමත් ඇවැසි වීම හේතුකොට ගුණාත්මක බවට වඩා නිපදවීමේ ප්‍රමාණයේ ඇවැසිතාවය ප්‍රධාන විය. ගුණාත්මක බවට වඩා අවැසි ප්‍රමාණයේ වැදගත් බව ප්‍රධාන වූවිට ඕනෑම කලාවකදී වෙසෙසින් ආගමික වූ කලාවකදී තරගකාරී බව නිසා යාන්ත්‍රික බවට පත්වීම නොවැලැක්‌විය හැකිය.

ග්‍රීක ආභාෂයෙන් යුත් බුදු පිළිම ප්‍රථමයෙන්ම හඳුන්වා දෙන ලද්දේ ක්‍රි.ව. පළමුවැනි සියවසේ අගභාගයේදීය. මෙකී කරුණු සලකා බැලීමේදී කුෂාන් පෙළපතේ කණිෂ්ක අධිරාජයාගේ පාලන යුගයේදී ග්‍රීක ආභාෂය ලැබූ බුදු පිළිමය නිර්මාණය වූ බව තිරලෙසම පැවැසිය හැකිය. කණිෂ්කගේ කාසිවල එක්‌පැත්තක ඔහුගේ පිළිරුවත් අනික්‌පැත්තේ හිටි බුදු පිළිමයක්‌ යොදා පසෙක ග්‍රීක බසින් "බුද්ධ" යනුවෙන් ලියා තිබේ. කණිෂ්කගේ නියමිත දාතම තිර ලෙස නොදනිතත් ක්‍රි.ව 78 දී හෝ ක්‍රි.ව. 144 දී හෝ එම කාලය අතරතුර විය හැකිය යන්න පිළිගැනේ. මෙම ශෛලිය ක්‍රි.ව. 5 වන තුරුත් ක්‍රියාත්මක වෙමින් පැවැතිණ. මේ වකවානුවේදී මධ්‍ය ආසියාවේ සිට ම්ලේච්ඡ ආක්‍රමණ සිදුවිය. චීන පුරාවෘතවලට අනුව හුං පෙළපතේ මිහිරකුල රජ, ගන්ධාර පෙළපත අවසන් කරමින් 90,000 කට අධික ජනතාවක්‌ සමූල ඝාතනය කරමින් බොදුනු ආරාම 1600 ක්‌ පමණ විනාශ කර දමන ලදී. ගන්ධාර වාසීහු තැනින් තැන අහුමුලුවල ඇදී ඇදී සිටියද සමූලඝාතනයට ලක්‌වූහ.

LAND MQRKS OFINDIAART නම් ග්‍රන්ථය ඇසුරිනි.


සෝමපාල විඡේසුන්දර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.