2011 ජනවාරි  28  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

පුංචි ඡන්දයට නාමයෝජනා භාරදීම ඊයේ (27) රට පුරා උණුසුම් අන්දමින්
සිදුවිය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය වෙනුවෙන් අගමැති දි.මු. ජයරත්න මහතා මහනුවරදීත්, එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ගාල්ලේදීත්නාම යෝජනා භාරදුන් අයුරු සහ නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිටට රැස්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ සාමාජිකයන් සිය අපේක්‍ෂකයන් සමග පෙළපාලියෙන් ගමන්ගත් අයුරු. ඡායාරූප මහනුවර සිරිල් විමලසුරේJද්‍ර සහ අක්‌මීමණ කේ. මතිලාල් -  කමල් බෝගොඩ

පළාත් පාලන ඡන්දය
මාර්තු 17 වැනිදා

පළාත් පාලන මැතිවරණය මෙම මාර්තු මස 17 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා ඊයේ (27 වැනිදා) නිවේදනය කළේය. ඒ අනුව මහ නගර සභා 04 ක්‌ නගර සභා 39 ක්‌ හා ප්‍රාදේශීය සභා 258 ක්‌ ඇතුළු පළාත් පාලන ආයතන 301 කට සභිකයන් 3931 දෙනකු තෝරා ගැනීමට ඡන්ද දායකයන් එක්‌කෝටි විසිහත් ලක්‍ෂ හැත්තෑ හත්දහස්‌ එකසිය දහතුන් (1,27,73,113) දෙනෙකු ඡන්ද මධ්‍යස්‌ථාන 9618 කදී ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.


එජාපය තනිවම
තරග කරයි

2002 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් එක්‌සත් ජාතික පෙරමුණ රටේ පළාත් පාලන ආයතනවලින් 95% ක බලය ලබාගනිමින් වාර්තා ගත ජයග්‍රහණයක්‌ ලැබුවා සේම මෙවරද වාර්තාගත ජයග්‍රහණයක්‌ ලබන බව ජයසූරිය මහතා වැඩිදුරටත් කීය.




  • "මගේ හිතවතුන් කීපදෙනකුගේ නම් කපා දාලා"
    මන්ත්‍රී සජිත් ප්‍රේමදාස
    මෙය අසාධාරණයක්‌ බව අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් කැපුණු කීපදෙනකුම දැනුම්දී ඇති නමුත් මෙම මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය ලබාගැනීම සඳහා උපරිම සටනක යෙදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

  • කහවත්තේ ඡන්ද ගැටුමකින් ස්‌වාධීන අපේක්‍ෂකයකුට වෙඩිවදී
    විදුලිබල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක්‌ සහ ප්‍රාදේශීය සභාවට තරගවදින ස්‌වාධීන අපේක්‍ෂකයන් පිරිසක්‌ අතර පෙරේදා (26 වැනිදා) රාත්‍රි කහවත්ත ඇන්දානවත්ත ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකින් වෙඩි ප්‍රහාරයට ලක්‌වූ ස්‌වාධීන අපේක්‍ෂකයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 
  • රෝහලේදී දුම අල්ලනකොට "අනේ අප්පච්චි
    හුස්‌ම ගන්න බැහැ" කියලා දුව කෑ ගැසුවා

    හත් හැවිරිදි දියණියට මරු කැඳ වූ රෝහල් සිද්ධිය ගැන තාත්තා කියයි

    මට බොරුවට මැෂින් දාලා පෙන්නුවා. පස්‌සෙ කිව්වා ඔයාගෙ දුව නැතිවුණා කියලා. දුවව නාගොඩට ගෙනාවට පස්‌සෙ නැතිවුණ විදිහට හැමෝම හැසිරුණා. ඒ ගොල්ලො තමන්ගේ අතින් වුණ ප්‍රමාද ඔක්‌කොම වහගන්න උත්සාහ කළා. මේ හැමදේම සිද්ධ වුණේ වෑත්තෑව ඉස්‌පිරිතාලෙ හිටපු හිතේ තෙතමනයක්‌ නැති වෛද්‍යවරයයි.

  • "මතක ලොවේ දොර අගුළු ඇරේ අද.... "
    හරුන් ලන්ත්‍රාගේ අද දුක්‌බර ජීවිතය දෙස නෙත් යොමමු

    මිතුරන් අතරේ මිත්‍ර සමාගමයේ යෙදෙමින් විහිළු තහළු කරමින් වරෙක මධුවිත තොලගාමින් ඔහු සමඟ ගතකළ යහළුවන් වැනි අය අද ඔහු ළඟ දකින්නට නැත. මට ඒ දසුන විටින් විට මතක්‌ වනුයේ මධුවිත තොලගෑමෙන් පසු ඉතිරිවන දෙයක්‌ නැතැයි කියමින් ත්‍රිරෝද රථයක පිටුපස වරෙක මා දුටු සටහනකි. "සල්ලිත් නෑ. සනීපත් නැහැ. අන්තිමේ යහළුවොත් නැහැ"....

  • කඩිනමින් බිහි වී කඩිනමින් ම කඩා වැටුණු
    මහවැලියේ අරමුණු

    මහවැලියෙ ඉඩම් කෑල්ලක්‌ දේශපාලකයෙක්‌ කම්බි ගහල වෙන්කරගෙන. එහෙම කරන්න තියෙන නීතිමය තත්ත්වය මොකක්‌ද? ඇත්ත කීවට පස්‌සෙ අපි මැරුවත් කමක්‌ නෑ. අද මහවැලියයි ගොවියොයි අතර සම්බන්ධතාවක්‌ නෑ. අද මහවැලිය ජනතා සල්ලි විනාශ කරන "සුදු අලියෙක්‌" වෙලා තියෙනවා.

  • අපි මෙහෙමයි "බැට්‌" කරන්නෙ

    ජයග්‍රහණය වෙනුවෙන්ම කඳවුරු බඳිමින් අත්හදා බැලීම් කරමින් සටනට සූදානම් වන සංගක්‌කාර ප්‍රමුඛ නඩය මෙවර ලෝක කුසලාන තරගාවලිය දකින්නේ කෙසේද? ඒ සඳහා ඔවුන්ගේ සූදානම කෙසේද? මේ ඔවුන් ඒ පිළිබඳව කරන හෙළිදරව්වයි....


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.