පිහිට ලබා නිති වොරැදේ සරස්‌වතී දේවි වන්දේ

සරස්‌වතී දේවිය අධ්‍යාපනයේ මිණි පහනයි. ඇයත් ජ්‍යෙdතිෂ්‍යශාත්‍රයත් ගුප්ත විද්‍යාවත් අතර ඇති සම්බන්ධතාවයන් බොහෝය. ඇය විසින් මිනිස්‌ මනසෙහි සදා පවතින රසිකත්වයේ ප්‍රතිමූර්තියයි. කලා කරුවාගේ මනසෙහි පිපෙන චමත්කාරයේ පිළිබිඹුවයි. වචනයේ බල ශක්‌තිය ආලෝලනය වන අධ්‍යාත්මය මැවෙන වාග් ශක්‌තිය පිළිබඳ සංකේතයයි.

"කව් සිළුමිණි" කතුවර කලිකල් සවැනි පැරකුම් මහ රජතොමෝ සරසවියගේ අංශ මාත්‍ර බැල්මක්‌ ලබා හෝ සිංහල කවියෝ සුලභ වෙත්වායි පතමින්

"සරසවිය බැලුම

සෙත් නිවෙත්වා කිවි දන,

පෙදෙහි රස හව් විදුනා,

දෙනෙතා ඉතා දුලබෝ" යි පවසති.

"සරසවිය මා මුව තඹරැ ඉස්‌බේවා" යි පතන පැරැණි හෙළ කවියකු සිදත් කතුවරයනට හමුවනතුරු ඔහු කවරෙක්‌ දැයි දවසකින් මිස සෙවිය නොහැකිය. පවසා ඇත. එමෙන්ම ජන්දොලංකාර ශාස්‌ත්‍රයන්හි හා පාලි භාෂාමය පද්‍ය රචනාවෙහිද අනුපම ප්‍රතිභා ශක්‌තියක්‌ විදහා දක්‌වන එක ශ්‍රැතියෙන් නෛක ග්‍රන්ථ ශත සහශ්‍රයන් ධාරණයෙහි ව-ර ප්‍රඥd ඇති ශ්‍රී සංඝ රක්‍ෂිත මාහිමියෝ වනාහි "බුදුරදුන්ගේ මුව පියුමෙන් පහළවූ සියලු සතුනට පිහිට වන සොඳුරු සරසවිය මගේ සිත පිනවාවා" යි පතන්නේ මෙලෙසිනි.

"මුනින්ද මදනම් භෝජ - ගබ්භ සම්භව සුන්දරී

සරණං පාණිනං වාණි - මය් හං පීණයතංමනං

සරසරවියගේ එක්‌ අතක පළිඟු මැණිකෙන් කරන ලද අක්‍ෂ මාලාවකි. (ජප මාලයකි) ඇයගේ නිය රැස්‌වැදී එම පළිඟ මාලයෙහි ඇට මද රත් පැහැයෙන් බබලයි. එවිට ඇගේ අනෙක්‌ අතහි වෙසෙන ගිරවා ඒ දෙළුම් ඇටයයි රැවටී හොටයෙන් අදියි. ගිරවා රැවටෙන හැටි දකින සරසවියට සිනා පහළ වෙයි. එයින් ගිරවා තමන් රැවටුණු බව වැටහී එසේ ඇදීම නවත්වයි. මෙම සිද්ධියේදී පහළවන සරසවියගේ මඳ සිනාව තමන්ගේ යස ඉසුරු වැඩීම සඳහා උපයෝගී වේවායි කාව්‍ය රචකයන් සිතූහ.

සරසවි දේවියගේ ඉතිහාසය ඉතා පැරණිය. ඇගේ උපත සිදුවී ඇත්තේ ඉන්දියාවේ ඉංදු ගං දෙණියේය.

ඉංදු අයිරාණ යුගයේ මිත්‍ර, වරුණ, සෝම වැනි දෙවිවරු පහළවී ඇත. එම දෙවිවරුන් නැවත පෘඨවි, අන්තරීක්‍ෂ, ද්යුස්‌ථාන යනුවෙන් කොටස්‌ තුනකට බෙදේ එයින් සරස්‌වතී දේවිය පාඨවි ගනයට අයත්වේ. ඌෂස්‌ධිෂණ, පුරන්ධි, සරස්‌වතී, ඌර්විෂස්‌, ඌර්විසි ඈ විසින් මෙම වෛදික දෙවිවරුන් කිහිප දෙනකුගැන සෘග්වේද සුත්ත කීපයක සඳහන්වේ. මෙම දේවතාවියෝ ගර්භ දාන වැනි කරුණු වලදී පුද පූජාවන් ලබා ඇති බව සෘග්වේදයෙහි දැක්‌වේ. සරස්‌වතී ගැන බොහෝ පොත්වල විවිධ මතයන් දක්‌වා ඇත. සමහර තැනක ඇය ආර්යයන්ට උපකාර වූ නදියක්‌ සේ සැලකේ. එනිසා ආදීන යුගයේ සරස්‌වතී නදිය නමින් ආර්ය ජනපදවල දේශ සීමාවක්‌ද විය. ජාර්මන් ජාතික විද්වතකු වූ "හිලෙබ්‍රොඩට්‌" මහතා සිය වෛදික දේව කථානම් වූ ග්‍රන්ථයෙන් සරස්‌වතී නදිය ක්‍රමයෙන් දේවත්වය ලබා ඇති බවට සාක්‍ෂි හා කරුණු දක්‌වා ඇත. පශ්චාත් යුගයේදී සරස්‌වතී දේවී වාග් දේවිය වශයෙන් පිළිගෙන පුද පූජාවන් පවත්වා ඇත. නදී බඩ පැවැත්වූ යාගහෝමාදියහි ගායනා කළ ස්‌ත්‍රොaත්‍ර එම නදියට අධිපතිනියව දෙව්දුවකගේ බලයෙන් පහළවූවා යෑයි යන විශ්වාස අනුව සරස්‌වතී නදිය දේවත්වය ලබා ඇති බවට මතයක්‌ද ඇත. එබැවින් න්ත්‍රොaත්‍ර ගීතිකා ආදියේ ගැබ්වී ඇති වචන වලටත් අධිපතිනියක වූවාය.

ප්‍රාග් ෙඓතිහාසික මුල් යුගයේ සිට සරස්‌වතී ජනතාව අතර අග්‍රස්‌තානය ලබා ඇත. ඇගේ නමින් ප්‍රබන්ධිත සූන්ග කීපයක්‌ සෘග්වේදයෙහි දැක්‌වේ. මුල් යුගයේ සිටම භාරතීය සාහිත්‍ය ධාරයින් සරසවියෙන් පිහිට පතා ඇත. ඇගේ නමින් ප්‍රබන්ධිත සුත්ත බොහොමයක්‌ සෘග් වේදයෙහි අපට දක්‌නට ඇත. එහි සරස්‌වතිය ගැන රසවත් කථා ප්‍රබන්ධ කොට ඇත. ශ්‍රීමත් දණඩීහූ තම කාව්‍යය අරඹන්නේ සරස්‌වතිය සමරමින්ය. පංචතන්ත්‍රකාරක විෂ්ණු ශරමන්ගේ ප්‍රණාමය ලබන දෙවියන් අතර සරස්‌වතියද වෙයි. සරසවි බැල්ම ලත් භාරතීයන් වාග් ශක්‌තිය දියුණු වන විට සරස්‌වතී විවිධ උපනම් වලින් හඳුන්වන්නට විය. සෘග්වේදී නිගණඩුවල පමණක්‌ ඇයට පර්යාය නාමයන් සීයක්‌ පමණ යොදා ඇත. සරස්‌වතී, බ්‍රහ්මී, භාරතී, වාග්දේවී, කාක්‌ක, වාගීෂ්වරී, වීණාධාරී, ගීදේවි, හංසවාහිණී, සාරදා ආදී බොහෝ නාමයන්ගෙන් හඳුන්වා ඇත. වචනවලට ප්‍රථමයෙන්ම අධිපතිනිය වූ ඇය පසුව ගීතයටත් ලලිත කලාවටත් ආධිපත්‍ය ලැබුවාය.

ඉන්පසු පශ්චාත් කාලීන ඉන්දියානු කලා ශිල්පියෝ සරසවියගේ රුව අර්ථ සහිතව අත් හතරක්‌ පද්මාසනයක්‌ යොදා එක්‌ අතකට විණාවක්‌ද යොදා කේශ කලාපය අඩ සඳක්‌ සේ සරසා, ශරීර පැහැය ගෞරී පැහැයෙන් යුක්‌තව මුර්තිමත් කලහ. ඇතැමුන් සරසවිය විෂ්ණුගේ ප්‍රියාදර බිරිඳ වශයෙන් සැලකූහ, විෂ්ණු දෙවිඳුට සරසවියත් සමග ගංගා, ලක්‍ෂ්මී යනුවෙන් භාර්යාවන් තිදෙනෙක්‌ සිටිය බවත්, මේ තිදෙනා අතර නිතර නිතර විවිධ ආරවුල්ද ඇතිවූ බවද සඳහන් ව ඇත. එම ආරවුල් වලින් ඔවුන් මුදා ගැනීම උදෙසා විෂ්ණු දෙවිඳු ලක්‍ෂවීය තමන්වෙත රඳවාගෙන ගංගා ඊශවරටත්, සරසවිය මහා බ්‍රහ්මයාටත් භාර දුන්නේය. මහා බ්‍රහ්මගේ වාහනය හංසයෙකි. ඒ අනුව තම බිරිඳට හංස වාහනය ලබාදුනි. ඒනිසා සමහරක්‌ ලක්‍ෂමී රූප හා මූර්තිවල හංසයා යොදා ඇත. පද්මාසනයද ඇයට ලැබුණේ ඒ ලෙසින්මය, පද්මය විෂ්ණු දෙවිඳු හා සම්බන්තා ඇත. ලක්‍ෂමීටද පද්මධාරී හස්‌ථයක්‌ ද ඇත. ඇය විෂ්ණුගේ භාර්යාව වූ නිසා එය සිහි පත්වීම සඳහා කලාශිල්පීන් ඇගේ ශාත්‍රධාරී පතිත්වය විදහා දැක්‌වීමට ඇගේ එක්‌ අතකට ග්‍රන්ථයක්‌ද විචිත්‍රාවය දක්‌වන මුත්තාභරණයක්‌ ද තැන්පත් කළහ. තවත් සමහර ශිල්පීන් අතකට ගිරවෙක්‌ද යොදා ප්‍රතිමා කරණය කර ඇත.ඇතැමුන් සරසවිය විෂ්ණුගේ ප්‍රියාදර බිරිඳ වශයෙන් සැලකූහ, විශ්ණු දෙවිඳුට සරසවියත් සමග ගංගා, ලක්‍ෂ්මී යනුවෙන් භාර්යාවන් තිදෙනෙක්‌ සිටිය බවත්, මේ තිදෙනා අතර නිතර නිතර විවිධ ආරාවුල්ද ඇතිවූ බවද සඳහන් ව ඇත. එම ආරවුල් වලින් එවුන් මුදවා ගැනීම උදෙසා විෂ්ණු දෙවිඳු ලක්‍ෂමීය තමන්වෙත රඳවාගෙන ගංගා ඊශවරටත්, සරසවිය මහා බ්‍රහ්මයාටත් භාර දුන්නේය. මහා බ්‍රහ්මගේ වාහනය හංසයෙකි. ඒ අනුව තම බිරිඳට හංස වාහනය ලබාදුනි. ඒනිසා සමහරක්‌ ලක්‍ෂමී රූප හා මූර්තිවල හංසයා යොදා ඇත. පද්මාසනයද ඇයට ලැබුණේ ඒ ලෙසින්මය, පද්මය විශ්ණු දෙවිඳු හා සම්බන්ධතා ඇත. ලක්‍ෂමීන්ටද පද්මධාරී හස්‌තයක්‌ ද ඇත. ඇය විෂ්ණුගේ භාර්යාව වූ නිසා එය සිහි පත්වීම සඳහා කලාශිල්පීන් ඇගේ ශාත්‍රධාරී පතිත්වය විදහා දැක්‌වීමට ඇගේ එක්‌ අතකට ග්‍රන්ථයක්‌ද විචිත්‍රාවය දක්‌වන මුත්තාභරණයක්‌ ද තැන්පත් කළහ. තවත් සමහර ශිල්පීන් අතකට ගිරවෙක්‌ද යොදා ප්‍රතිමා කරණය කර ඇත. එකළ දඹදිව විසූ මහා මංත්‍ර වේදීන් ශාස්‌ත්‍රාධිපත්ත්‍ය ලබා ගැනීම සඳහා සරස්‌වතී වරම ලබා ගැනීමට සරස්‌වතී දැහැන්, මංත්‍ර, ශ්ලෝක යංත්‍ර හා තෛලයත් සකසා භාවිත කර ඇත. මෙය ලංකාවේ ද ව්‍යාප්ත වී ඇත. අදත් අප රටේ ඉතා රහසින් නියමිත දින, නැකත්, හෝරා, යෝගයන් මුල් කොට ක්‍රමාණුකූලව සත්‍ය මන්ත්‍ර, දැහැන් ආදියෙන් නිසිපුද තබා බලගතු දේව ෙඖෂධ වර්ගයන් සංයෝග කර තෛල වර්ග සදන්නෝද ඇත. එම තෛල "සරස්‌වතී තෛලය නමින් හැඳින්වේ. සරසවියගේ වරම ලබාගැනීමට මේ තෛලයන් බලගතුයි. එවැනි මහා බලගතු තෛලයක්‌ අප රටේ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ද සකසා භාවිතකොට සරසවි වරම ලබාගත් බව ජනශුeතිවල හොඳින් දක්‌වා ඇත.

අද ශ්‍රී සරස්‌වතී දේවී මුළු ලොවෙහිම සියලු ලලිත කලාවන්ට අධිපතිනිය වී ඇත. මේ උත්තම ශ්‍රී සරසවි දේවියගේ වරම ලබාගත් ජ්‍යෙdතිෂ්‍ය විශාරදයන්, මන්ත්‍රාදී ගුප්ත විද්‍යාධරයන්, සිංහල ආයුර්වේද වෛද්‍යධාරීන්, ශාස්‌ත්‍රවේදීන්, කාව්‍ය විශාරදයන්, ගායක ගායිකාවියන්, සංගීතඥයන්, චිත්‍ර ශිල්පීන්, නාට්‍ය, නැටුම් විශාරදයන්, භාරතයේ මෙන්ම අප රටේ අප අතර සිටින්නේ අහසේ තරු දිලිහෙන්නාක්‌ මෙන් කීපදෙනෙකි.

පෙර ඉසිවරු මේ මහා බලගතු සරස්‌වතී තෛලය නිසි නැකතින්, දින, හෝරාවන්ගෙන් සකසා දිව අග ගා එහි බලයෙන් ලොව බබලන විද්වතුන් වී ඇත. එදා රහසේ භාවිත කළ එක්‌ ශ්ලෝකයක්‌ මෙසේය.

"මොහාන්ධකාර සම් මෝන - ලොකෙ මොහ විදං සතං

දීපා ලෝකෙක පූඡේමි - සම්බුද්ධං ලොක පූජිතං

සංසාර සිංදු කරණං - ඛෙමං නිබ්බාන ගාමිනිං

දීපා ලෝකෙන පූඡේමි - සද්ධමමං ජින දෙසිතං

සුද්ධම්ම රාජ තනුජං - සෙට්‌ඨං අරිය පුහීගලං

දිපා ලොකෙන පූඡේමී - පුඤ්ෙÆචතතං අනුත්තරං

මෙය නුවණ වැඩීමට, සිහිබුද්ධිය වැඩීමට, පාඩම් හිටීම අධ්‍යාපන දියුණුවට, විභාග ජය ගැනීම උතුම් ශ්ලෝකයකි.

සරස්‌වතී දැහැන හතක්‌

ඕං නමෝ ගොපළු මහ රඡ්ජුරුවන් වහන්සේ උගත් විඡ්ජාව දහසක්‌ රුසිවරයන්ඩ පාඩම් නැත කී තැනේදී උන් වහන්සේගේ අතේ තිබුණු පේරැස්‌ මුදු හිරුව නේරන්ජනන් ගංගාවට දමා එදා වි-ජාව පාඩම් කළ අඥවෙන් ආනුභාවෙන් අදත් මට වි-ජාව පාඩම් වේවා ඕං භගවන්තා අයියානේ කෛ අධික්‌කෝන් ත්‍රිබුවනේ සරස්‌වතී ධාරන් ඕං ශ්‍රියා කාන්ති දේවි මහී කාන්තා දේවි ගනපති කීසක්‌ අගුළු ඇරී අවේසු ආවේසු පුලේ දාරණේශවඃ ඕං ශ්‍රී මුඛ දාරනේසවඃ ඕං ගංගා දේවි සයිලාසනී ඉප්ප ධාරනී මාගේ මුඛතුළ දාරනේසවඃ ඕං ශ්‍රී දොරනේසවඃ ඕං ශ්‍රීSමුඛ දාරනේසවඃ ඕං සුර ගුරු ධාරනේසවඃ

මෙම දැහනෙන් බැමි කීරියා, මීපැණි, ගිතෙල් නිසි නැකතින් ගලවා රන් තැඹිලි තෙලින් සිඳ මේ මහා සරස්‌වතී තෛලය හෙප්පුවකට පෙරා තමාගේ ලොම ගහක්‌ කඩා තෙලේ ඔබා සත්විටක්‌ ගසාදමා දිව පිට ගානු, සරස්‌වතී බැල්ම වැටේ, සිහි ගුණ වැඩෙයි.

මෙම මන්ත්‍ර, පැරැණි පුස්‌කොල පතකින් උපුටා දක්‌වන ලදී.

නාරද මහර්ෂීන්ගේ මුව මඬලද සරසවියගේ වාස භවනෙකැයි පවසන ඇතැමෙක්‌ සර්ව මංගලා වාග් දේවි යන නාමයන්ගෙන් ඇය පුදමින් ඇයගේ ආශිර්වාදය මෙසේ ප්‍රාර්ථනා කරති.

ශ්‍රී නාරද මුනියාදී මුඛපංකජ වාසිනී

සාරදා කිලවාග් දේවි පාතුමඃ සම් මංගලා,

සිරි නාරද මුනි වැන්නන්

මුව පියුමෙහි වැඩ වෙසෙනා

සරු සුමගුල් සැමට සදන

සරසවි තොප සුරකීවා!

ගුප්ත විද්‍යාවේදී, සාමවිනිසුරු
ජිනදාස එදිරිසිංහ, පොලිසිය පිටුපස
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.