මුබාරක්‌ගේ වැටීමෙන් මැදපෙරදිග ජනතාවට සහන

ඊජිප්තු ජනාධිපති හොස්‌නි මුබාරක්‌ගේ වැටීම මැදපෙරදිග රටවල් සියල්ලටම පාහේ දැනීමට පටන්ගෙන ඇත.

ඊශ්‍රාලය සහ පලස්‌තීනය අතර පැවැතෙන සාම සාකච්ඡා දැනට අත්හිටුවා ඇත. දෙපාර්ශවයම සිතන්නේ මේ අවස්‌ථාව සාම සාකච්ඡා කරා යැමට අවස්‌ථාව නොවන බවය.

මේ අතර සිරියාව, ලෙබනනය, යේමනය සහ මැදපෙරදිග තවත් රටවල් තම ජනතාවට වැඩි වැඩියෙන් සහනාධාර ලබාදීමට තීරණය කරති. ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ සිදුවූ දේ සැලකිල්ලට ගනිමින් ඔවුහු මෙම තීරණයට එළැඹ සිටිති.

1979 දී ඊජිප්තුව සමඟ අත්සන් කළ සාම ගිවිසුමෙහි අනාගතය පිළිබඳව ඊශ්‍රායලයට දැන් ඇත්තේ සැකයකි.

මේ අතර බටහිර සහාය මේ අවස්‌ථාවේදී ලබන පලස්‌තීනය පවා ඉදිරි වැඩපිළිවෙළ ගැන බලන්නේ සැකයෙනි.

මැදපෙරදිග බොහෝ රටවල් දැන් සිටින්නේ ඊජිප්තුවේ අනාගත රජය කුමනාකාරයේ එකක්‌ වෙයිද යන්න විවිධාකාර මත පෙරදැරි කොටගෙනය.

ජෙරුසලම - ඒ. හි
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.