හෝමාගම ප්‍රදේශයේ "සර්ප විමානයක" කසිප්පු ස්‌කාගාරයක්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

හෝමාගම පිටිපන උතුර කුඹුරු යායක්‌ මැද රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී කසිප්පු ස්‌කාගාරයක්‌ වටලනු ලැබූ හෝමාගම මූලස්‌ථාන පොලිසිය, රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් කසිප්පු ඇතුළු උපකරණ සමගින් ප්‍රධාන පෙළේ කසිප්පු ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව මෙම නීති විරෝධී කසිප්පු ස්‌කාගාරය වටලනු ලැබූ බව පොලිසිය කියයි.

කසිප්පු ස්‌කාගාරයට යන මාර්ගය නයි පොළඟුන් යන විෂ ඝෝර සර්පයින් ගහණ මාර්ගයක්‌ වූ අතර එම බාධාවන්ද මැඩගෙන පොලිසිය කසිප්පු ස්‌කාගාරය වටලා ඇත.

මෙය වටලන අවස්‌ථාවේ ගෝල බාලයන් පළාගොස්‌ ඇතැයි පැවසේ.

මෙම සැකකරුගේ කසිප්පු ස්‌කාගාරය තුළ ගෝඩා මිලි ලීටර් හයලක්‍ෂ හත්දහස්‌ පන්සියයක ප්‍රමාණයක්‌, ගෝඩා බැරල් ඇතුළු තවත් උපකරණ සොයා ගත් බව පොලිසිය කියයි.

නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන්, හෝමාගම දකුණ සහකාර පොලිස්‌ අධිකාරි ආර්. ඒ. කරුණාරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ හෝමාගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න රත්නායක මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන අලහකෝන්, උඩුගම, පොලිස්‌ සැරයන් වල්පොල (28381), පියරත්න (73240), හේරත් (77300) අජිත් (50043), නවරත්න (73281) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.