ප්‍රදේශයේ අපරාධ අවම මට්‌ටමකට ගෙන ඒම නිසා
කුරුණෑගල එස්‌.එස්‌.පී ට උපහාර පිදේ

කුරුණෑගල ප්‍රදේශයේ මත්කුඩු, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කර ගනිකා උවදුර, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ අවම මට්‌ටමකට ගෙන ඒම සඳහා කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතා කළ සේවය අගයා උපහාර පිදීමේ උළෙලක්‌ පසුගියදා පැවැත්විණි.

කුරුණෑගල නගර සභාවේ ඒකමතික තීරණයක්‌ මත මෙම උපහාර උත්සවය පසුගියදා පැවැත්වූ අතර ඊට කුරුණෑගල ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතාට කුරුණෑගල නගරාධිපති නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතා සම්මානයක්‌ ප්‍රදානය කළ අයුරු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.