එළවළු වගා කිරීමේ කඩිනම් වැඩසටහනක්‌ මධ්‍යම පළාතේ

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

එළවළු වගා කිරීමේ කඩිනම් වැඩසටහන මධ්‍යම පළාතෙන් පෙරේදා (14) ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවල හෙක්‌ටයාර් 500 ක එළවළු වගාව සඳහා සැලැසුම් කර ඇත.

වැඩසටහන ඊයේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ රත්තොට, යටවත්ත සහ කෝන්ගහවෙල යන ගොවිජනසේවා බල ප්‍රදේශවලින් ආරම්භ කරමින් ගොවීන් සඳහා එළවළු බීජ ලබාදීම ආරම්භ කළ බව මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පැවැසීය.

එළවළු වගා කිරීමේ කඩිනම් වැඩසටහන සඳහා මධ්‍යම පළාතේ සියලුම ගොවි පවුල් දායක කරගැනෙන අතර එළවළු බීජ සියයට 50 ක සහනාධාර මත ලබාදීමට පියවර ගෙන ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.