නීත්‍යානුකූල නොවන ලෙස සතොසට පැවරීම නිසා
දඹුල්ල ආර්ථිකයේ අර්බුදයක්‌ මතුවෙලා


සීගිරිය - සරත් එරමිණිගම්මන

වසර 11 ක කාලයක්‌ තුළ කිසිදු ගැටලුවක්‌ නොමැතිව පවත්වාගෙන ගිය ආයතනයක්‌ නිත්‍යානුකූල පදනමකින් තොරව සතොස ආයතනය වෙත පවරා ගැනීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ අර්බුදකාරී තත්ත්වයක්‌ පැනනැගී ඇති බවත් කඩිනමින් අදාළ අමාත්‍යවරුන් මැදිහත් වී සාකච්ඡා කර සාධාරණ තීරණයක්‌ ගත යුතු බවත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති ටී. ඒ. සමරකෝන් මහතා දඹුල්ලේදී 15 දා පැවැසීය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේදී ගොවි සංවිධාන නායකයන් වෙළෙඳ සංගම් නායකයන් හා කළමනාකරණ භාරයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පැවැසීය.

ආර්ථික මධ්‍යස්‌ථානයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සියලු දෙනාගේ අදහස්‌වලට ඇහුම්කන් දීමෙන් පසු නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මෙසේ පැවැසීය.

ගොවිජන සේවා අමාත්‍යාංශය, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය හා ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් එක්‌ව ඇති වී තිබෙන ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක්‌ කඩිනමින් ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එසේ නොමැති වුවහොත් ආර්ථික මධ්‍යස්‌ථානයේ ප්‍රතිරූපයට බරපතල හානියක්‌ සිදුවීමේ අවදානමක්‌ ඇතිවිය හැකි බව ද අවධාරණය කළේය.

මෙම අවස්‌ථාවට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි තිලක්‌ අබේසිරිවර්ධන, දඹුල්ල පොලිස්‌ අධිකාරි සරත් කුමාර ජෝෂප්, දඹුල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එන්. ෙ-. වීරසිංහ, මාතලේ දිස්‌ත්‍රික්‌ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්. බී. හේරත්, වෙළෙඳ සංගමයේ උපලේකම් විජයානන්ද යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක්‌ එක්‌ව සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.