රිචඩ් පීරිස්‌ සමාගම කොටස්‌ වෙළෙඳපොළ
මෙහෙයුම් අරඹයි


ව්‍යාපාරික විවිධාංගීකරණයෙන් යුත් මෙරට ප්‍රමුඛතම දේශීය සමාගමක්‌ වන රිචඩ් පීරිස්‌ ව්‍යාපාර සමූහය, ශ්‍රී ලංකාවේ කොටස්‌ වෙළෙඳපොළ මෙහෙයුම් සඳහා රිචඩ් පීරිස්‌ සිකියුරිටීස්‌ (පුද් සමාගම) Richard Pieris Securities (pvt) LTD) නමින් නව සමාගමක්‌ පසුගියදා ඇරඹීය. එම නව රිචඩ් පීරිස්‌ සිකියුරිටීස්‌ (පුද්) සමාගම දියත් කිරීමේ උත්සවය, රිචඩ් පීරිස්‌ සමාගමේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

මෙම රිචඩ් පීරිස්‌ සිකියුරිටීස්‌ (පුද්) සමාගම දියත් කිරීමේ උත්සවයේදී එහි සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා විසින් තම සමාගමේ සමීක්‌ෂණ වාර්තාව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සභාපති නිහාල් ෆොන්සේකා හා සුරැකුම්පත් හා හුවමාරු කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මලික්‌ කාදර් Credit
Suisse හි කළමනාකාර අධ්‍යක්‌ෂ ගිඩෝ බ්‍රාස්‌ලර් හා ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ යන මහත්වරුන්ට පිරිනමුණු ලැබීය.

සියලු පහසුකම්වලින් සමන්විත රිචච් පීරිස්‌ සිකියුරිටීස්‌ (පුද්) සමාගමේ ප්‍රධාන කාර්යාලය, හයිඩ්පාර්ක්‌ කෝනර් හි මෙයට පෙර සම්ප්‍රදායානුකූලව විවෘත කළ අතර එහි අතිවිශාල රථගාලක්‌ හා සාමාන්‍ය ආයෝජකයන්ට වෙළෙඳපොළ වෙනස්‌වීම් නිරීක්‌ෂණය හා ගනුදෙනු සිදු කළහැකි විශාල කාර්යාලයක්‌ ද වේ .එමෙන්ම මෙහි අන්තර්ජාලය ඔස්‌සේ ගනුදෙනු කිරීමේ නූතන තාක්‌ෂණික පහසුකම්ද සපයා තිබේ.

එමෙන්ම මෑතකදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළ හා සුරැකුම්පත් හා හුවමාරු කොමිසම විසින් ගනුදෙනු කිරීමේ බලපත්‍රය රිචඩ් පීරිස්‌ සිකියුරිටීස්‌ (පුද්) සමාගමට ප්‍රදානය කළ අතර එයින් එම සමාගම සෙසු මූල්‍ය සේවා ක්‍ෂේත්‍රයන්ට අවතීර්ණ වීමක්‌ද සංඥා කෙරේ.

රිචඩ් පීරිස්‌ සමාගමේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා විසින් තම සමාගමේ සමීක්‌ෂණ වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පිළිගැන්වූ අවස්‌ථාව ඡායාරුපයේන් දැක්‌වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.