මෝර්ටීන් ගංවතුරෙන් විපතට පත්
පළාත්වල ජනතාවට උපකාර කරයි



ශ්‍රී ලංකාවේ අංක හිමි ගෘහස්‌ථ කෘමිනාශක වෙළෙඳ නාමය වන මෝර්ටීන්, ගංවතුරෙන් විපතට පත් නැගෙනහිර හා දකුණු පළාත්වල පදිංචි පවුල්වලට සහයෝගය දැක්‌වීමක්‌ ලෙසින් තම මෝර්ටීන් කොයිල් නිෂ්පාදන තොගයක්‌ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත කොළඹ පිහිටි එම අමාත්‍යංශයේදී පසුගියදා පිරි නැමිණි.

රුපියල් 500,000 ක වටිනාකමකින් යුත් මෙම මෝර්ටීන් කොයිල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ගංවතුරෙන් විපතට පත් නැගෙනහිර හා දකුණ පළාත්වල ජනතාවට, සහනාධාර සැපයීමේ වැඩසටහන යටතේ බෙදා හැරීමට නියමිතය. මෙයට අමතරව, තවත් මෝර්ටීන් මදුරු කොයිල් තොගයක්‌ Saඩැ එයෑ Cයසකාරුබ අරමුදල තුළින් ද, නැගෙනහිර පළාතේ ගංවතුරෙන් අවතැන්වූවන්ට බෙදා හැරීමත් සිදු කෙරිණි.

ගංවතුරෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීමට තම සමාගම ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තම අදහස්‌ දැක්‌වූ රෙකිට්‌ බෙන්කීසර් සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ, රහුල් මුර්ගයි මහතා පැවසුවේ "මෝර්ටීන් සැමවිටම දිවයින පුරාම විවිධාකාර දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් මෙරටින්, මදුරුවන් සහමුලින්ම තුරන් කිරීමට ක්‍රියා කරන සමාගමක්‌. ගංවතුරෙන් විපතට පත් පළාත්වල පවුල්වලට දැක්‌වූ මෙම සහයෝගයත්, අප සමාගම විසින් සිදු කරන එම ජන උපකාරක වැඩසටහන් හි එක්‌ අංගයක්‌ යන්නය.

ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත් පවුල්වලට සහන සැලසීමට මෝර්ටීන් දියත් කළ මෙම වැඩසටහ සම්බන්ධයෙන් රෙකිට්‌ බෙන්කීසර් සමාගමේ භාණ්‌ඩ සමූහ කළමනාකාරිණී සුරංගි ප්‍රනාන්දු මෙනවිය පැවසුවේ මහා වැස්‌සකින් පසුව ඇතිවූ මෙම විශාල ගංවතුරකින් පසුව විපතට පත්වූවන්ට මෝර්ටීන් නිෂ්පාදන සැපයීමේ ප්‍රබල වැදගත්කමක්‌ තිබෙන බව හා එවැන්නකින් පසුව විපතට පත්වූවන්ගේ පවුල් අතර පැතිරී යන විවිධ වසංගත හා රෝගී වීම්වලින් වැළකීමට මදුරුවන් සහමුලින්ම තුරන් කළ යුතු බවය.

ගංවතුරෙන් විපතට පත්වූවන්ට සැපයෙන මෝර්ටීන් සහනාධාරයන්, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාට රෙකිට්‌ බෙන්කීසර් ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්‌ෂ, සින්ක්‌ලෙයාර් කෲෂ් මහතා විසින් භාරදුන් අවස්‌ථාව. ඡායාරූපයෙහි දකුණු පසින් සිටින්නේ එම සමාගමේ භාණ්‌ඩ සමූහ කළමනාකාරිණී සුරංගි ප්‍රනාන්දු මෙනවිය හා භාණ්‌ඩ සමූහ කළමනාකාරණී ෂමීනා පල්ලි මහත්මියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.