ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්‌ඩල
සම්මේලනයේ උප සභාපති ධුරයට


අජිත් වත්තුහේවා

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්‌ඩලය ශ්‍රී ලංකාවේ සියලුම වෙළෙඳ ව්‍යාපාර ආයතන නියෝජනය කරන ආයතනයකි. එම සම්මේලනයේ ඉහළම නිලය සභාපති ධුරය වුවද සාමාජික ඡන්දයෙන් තේරී පත්වන එකම නිලය උප සභාපති ධුරය වේ. උප සභාපති ධුරයට පත්වන අයෙක්‌ තවත් දෙවසරකින් සභාපති ධුරයට හිsමිකම් කියනු ලබයි. මේ අනුව 2011 වර්ෂයේ උප සභාපති ධුරය සඳහා අජිත් වත්තුහේවා මහතා නිතරගයෙන් තේරී පත්විය.

අජිත් වත්තුහේවා මහතා බදුල්ල ධර්මදූත මහා විද්‍යාලය, කොළඹ කේ.රී විද්‍යාලය හා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1986 වර්ෂයේදී මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වී 1992 ජාතික තාක්‌ෂණික ඩිප්ලෝමාව ලබා ගත් අතර 1996 හා 2004 වර්ෂවලදී ජපානයට හා 2002 වර්ෂයේ ශිෂ්‍යත්වයක්‌ ලබා ඇමරිකාවටද ගොස්‌ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය හා කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනය හදාරන ලදී.

1995 වර්ෂයේදී විශිෂ්ටතම ව්‍යවසායකයා (ඌව පළාත) සම්මාන දිනාගත් ඔහු 1989 දී බදුල්ල වෙළෙඳ හා කර්මාන්ත සංගමය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කර වසර 08 ක්‌ එහි සභාපති ධුරය හෙබවූ අතර 1996 වර්ෂයේ දී ඌව පළාතේ වාණිජ හා කර්මාන්ත මණ්‌ඩලයේ ආරම්භක සභාපතිවරයා වූ හෙතෙම 1997, 2000 සහ 2001 වර්ෂවලදීත් සභාපති ධුරය හෙබවිය.

කළුතර හා ගම්පහ දිස්‌ත්‍රික්‌ක කේන්ද්‍ර කර ගනිමින් වාණිජ හා කර්මාන්ත මණ්‌ඩල බිහි කිරීමට පුරෝගාමීව කටයුතු කළ ඔහු 1996 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්‌වා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්‌ඩල සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙක්‌ කමිටු සාමාජිකයෙක්‌ ලෙස ප්‍රාදේශීය වාණිජ හා කර්මාන්ත මණ්‌ඩල සවිබල ගැන්වීම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්‌වා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්‌ඩල සම්මේලනයේ ප්‍රාදේශීය වාණිජ හා කර්මාන්ත පිළිබඳ අධ්‍යක්‌ෂවරයා ලෙස තේරී පත්විය.

මෙලෙස පියවරෙන් පියවර ආ ගමනේ විශේෂ සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින් 2011 වර්ෂයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්‌ඩල සම්මේලනයේ උප සභාපති ලෙස පිදුම් ලබන අතර මෙම අවස්‌ථාව කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් පිට අයෙකුට ලැබුණු පළමු අවස්‌ථාව වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.