|
|
|
|
|

බෞද්ධ දර්ශනය පෙරටුකොටගත්
යහ පාලනයක් උදෙසා...
වසර
දෙදහස් හයසියකට පෙර තුන් ලොවම මවිතවූ ශ්‍රේෂ්ඨ සිදුවීමක්
වෙනුවෙන් ලෝකවාසී සියලු බෞද්ධ ජනයා පිළිවෙතින් පෙළ ගැසෙන නව
ආරම්භයක් මෝදුවෙමින් ඇත.
ලෝක ඉතිහාසය විපරම්කොට බැලීමේදී ආගම් අතර, නිදහස් නිවහල්
ආගමක් වශයෙන්ද, දිවිපැවැත්මට යහගුණ පිරිපුන් දර්ශනයක්
වශයෙන්ද, සසර දුක නිවාලීමට භවගමන අවසන් කිරීමට හැකි සත්‍යයවු
ඥාණාවබෝධයක් වශයෙන් ද බුදු දහම පිළිබඳ ලොව පුරාම විවිධ රටරටවල
විවිධ ජාතීන් අතර, සියලු වර්ගයේ මිනිසුන් අතර, අතිමහත් වු සිත
අවධිකිරීමක මිනිස් වර්ගයා යොමුවෙමින් ඇත. මනස දියුණුවන
මිනිසාගේ සිතේ බලය පිළිබඳවත් සංසාර භව ගමන පිළිබඳවත් විමසුම්
ඇස දියුණුවෙමින් ඇත.
මුංච පුරෙ මුංච පච්ජතෝ - අතීත පංචස්‌කන්ධයෙහි තෘෂ්ණාව දුරුකරව.
ම-ෙCධ මුංච භවස්‌ස පාරගූ - අනාගත පංචස්‌කන්ධයෙහි ඇල්මද
දුරුකරලව.
සබ්බත්ථ විමුත්ත මානසො - වර්තමාන පංචස්‌කන්ධයෙහි ඇල්මද
දුරුකරලව.
න පුන ජාති ජරං උපෙහිසි - මෙසේ භවයෙහි පරතෙරට පැමිණි සැමතන්හි
මිදුණු සිතැති ඔබ යළි ජාතියට ජරාවට නොපැමිණෙන්නෙහිය.
බුදුරජාණන්වහනේසේ දේශනා කළ දහමෙහි වර්තමාන මනුෂ්‍යයන්ට දැණුවත්
භාවය උදෙසා පරිශීලනය කළයුතු අත්පොතක් ලෙසට දැණුම ලබාගත හැකි
ධම්ම පද ග්‍රන්ථයෙහි එසේ සඳහන් වේ.
නාමික බෞද්ධවූ සිත් ඇත්තවුන් තම ජීවිතයෙහි නිවැරදි දැක්‌ම මේ
ආත්ම භවය අවසන්වන තෙක්‌ම ප්‍රායෝගිකව නොසිතන්නේය. එහෙත් ධනය,
බලය පරතෙරට පැමිණි අය ඉන් ඇති නිශ්කාරවූ ක්‍රියාවලිය සිතෙන්
හඳුනාගනී. අතීතයෙහි මෙයට වසර දෙදහස් තුන්සීය විසිපහකට පෙර එදා
දඹදිව කාලිංග දේශය අත්පත්කර ගැනීමට යුද වැද සිටි මහ නරපතියා
අශෝක නම් විය. කාලිංග දේශය අති බිහිසුණු යුද සංග්‍රාමයකින් පසු
භූමිය වශයෙන් අත්පත්කරගත් අශෝක අධිරාජයා සියෑසින් දුටු දර්ශනය
වූයේ දශ ලක්‍ෂයකට වැඩිවු මිනිස් ඝාතනය වීමය. එයින් ගලාගිය
රුධිර ගංගාවය. අත්පා අහිමිව අසරණවූ මනුෂ්‍යයන්ය. දෙමව්පියන්
අහිමිවූ දරුවන්ය. දරුවන් අහිමිවු දෙමාපියන්ය. ස්‌වාමීන්
අහිමිවූ භාර්යාවන්ය. භාර්යාවන් අහිමිවූ ස්‌වාමිපුරුෂයන්ය.
මහා නරපති අශෝක මහ රජුගේ සිත ශෝකය පිරී ඉතිරෙන්නට විය. සිතට
සැනසිල්ලක් හෝ ඉවසීමක් පෙනෙන තෙක්‌මානයක නොවීය. රජ මැදුරේ
සඳළුතලයේ ඔබමොබ ඇවිදිමින් ඉස්‌පාසුවක් නොමැති සිතුවිලි දරාගෙන
සිටි අශෝක මහරජුගේ නෙත සත් හැවිරිදි පිඬුසිගා වඩිනා නිග්‍රෝධ
කුඩා හාමුදුරුවන්ගේ රුව රජුගේ නෙත ගැටිණි. බලාසිටියා සන්සුන්
ගමන දෙස. සිතට සැනසිලි දසුනක් වූ එම කුඩා හිමි නිසා
වෙනස්‌වූවා මහරජු අශෝකගේ සිත. එයින් තොරතුරු විමසා බලාගෞතම
බුදුරජාණන්වහන්සේ
ගැන දැනගත් මහරජු අශෝක බුදුන් නොදැක දහම් අසා ධර්මාශෝක මහරජු
වූවා මුළු ලොවටම එතැනින් ඇරඹී දැනගත් ධර්මය තුළින් සදාකල්
පවතින ගෞරවයක් සමගින් වූ නමක් ගොඩනගා ගත්තා, එතැන්සිට.
දැහැමිවු ධර්මාශෝක මහරජු අශෝක ධර්මාශෝක නමින් වෙනස්‌වූවා.
වර්තමාන ලෝකයෙහි මහා බලවතුන් සැම බුදු දහම තම සිත්සතන් තුළට
ඇතුල්කරගන්නේ නම් මොන තරම් යහපත්විය හැකිද, මුලු ලොවටම?
වර්තමානයෙහි භාවිතාවන ක්‍රිස්‌තූ වර්ෂය 2011 යි. සිද්ධාර්ථ
කුමාර උත්පත්තිය සිදුවී වසර 2635 කි. සම්මා සම්බුද්ධත්වයට
පත්වී තව මාස තුනකින් වෙසඟ පුන්පොහෝ දිනට වසර 2600 කි.
බුදුරජුන් පිරිනිවන් පා වසර 2555කි. එනිසා ලෝක සාමයට පිළියම
රාජ්‍ය පාලකයන්, රාජ්‍ය නායකයන්, බුදු දහම ගැන සත්‍ය ධර්මය දැන
ගැනීමයි. එවිට ධන ලෝභය, බලලෝභය සිතින් පහව යාවි. එයින් රටට,
ලොවට, සියලු ජනයාට මෙන්ම සියලු සතුනට සාමය පිරිපුන් සෞභාග්‍ය
නොඅඩුව පිරිපුන් වේවි.
සියලු මනුෂ්‍යයන් තම සිත්වල පංච දුෂ්චරිතයෙන් තොරව කටයුතු
කිරීම ලෝක සාමය ඇති කිරීමට ප්‍රමාණවත් වේවි. මෙය සැමට කළ හැකි
ක්‍රියාවකි. රාජ්‍ය පාලකයන් පරාර්ථය පිරිපුන් සිතින් කටයුතු
කිරීමෙන් ලොවම සාමයෙන් පිබිදවීම කළ හැකිය. වර්තමාන ශ්‍රී
ලංකාවේ රාජ්‍ය නායකත්වය එය ඉටුකරමින් දැහැමි මෙහිලා සමාජයක්
බිහිකිරී ක්‍රියාත්මකවීම, අප රටට සියලු යහපත පිරිපුන්වීමට
කටයුතු සිදුවීම පැසසුමට හේතුවන්නේය. මිනිසාගේ සිත යහපත් කර
කටයුතු කිරීමෙන් යහපත් වූ රටක් ගොඩනැගීම තව තවත් කඩිනමින්
සිදුවන තරමට සියලු යහපත පිරිපුන්වන්නේය. නවම් පොහොය වඩා වැදගත්
වන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීමත්,
එහිදී සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ නිවැරුදි පාලනක්‍රමය සංඝ
සමාජය තුළින් මුලු ලොවට ස්‌ථාපිත කිරීමත්, භික්‍ෂූන් වහන්සේලාට
ඕවාද ප්‍රාතිමෝක්‌ෂය දේශනා කිරීමත්, බුදුරජාණන් වහන්සේ තුන්බෑ
ජටිලයන් දමනය කිරීමත්, බුදුරජාණන්වහන්සේ පරිනිර්වාණයට පත්වෙන
බව තුන්මාසයකට පෙර, එනම් නවම් මස පුන්පොහෝ දිනක දේශනා කොට
වදාළා සිටීමත්, සම්බුදු සිරිතෙහි වැදගත් සිදුවීම් ලෙසට ලොවෙහි
වෙසෙන සැදැහැත් බෞද්ධ ජනයා සිහිපත් කර ආගමික කටයුතුවල යෙදෙන්නේ
නවම් මස පුන්පොහෝ දිනට යෙදී ඇති බුදු සිරිත සිහියට නගාලීමෙන්ය.
වර්තමාන ශ්‍රී ලංකාවෙහි කොළොම් පුරවරයේ ඉතා දර්ශනය වූත්,
අත්‍යාලංකාරවූත්, නැටුම් ගැයුම්, වැයුම්, අලි, ඇතුන්
පිරිපුන්වූ අතිවිශාල වූ බෞද්ධ පෙරහර කොළඹ හුණුපිටියේ
ගංගාරාමයෙන් මුලු ශ්‍රී ලංකා වාසීන්ට මෙන්ම ලෝකවාසී සැමට
දැකබලා සම්බුදු සිරිත මෙනෙහි කිරීමට ඇති උදාර අවස්‌ථාව
පිරිපුන් වූ සිතින් යුතුව බොදු දහමට එකතුවීමට, එමගින්
ලැබෙන්නාවු නව පෙළගැස්‌ම ඉතා අගනේය.
හෙළදීපයේ නැතිනම් වර්තමාන ශ්‍රී ලංකාවෙහි වාසය කරන සීයට හැත්තෑ
අටක් පමණ වූ බෞද්ධ ජනතාව බුදුහාමුදුරුවන් මෙන්ම, බෞද්ධාගම ද,
බෞද්ධ දර්ශනය ද අපේම උරුමය ලෙසට මුලු හදින් සිත පුබුදවාගෙන ඇත.
වර්තමාන ලෝකය දෙස බැලීමේදී පෙනීයන්නේ, ලෝක ජනගහනයෙන් බහුතරයකට
ආසන්න ජනතාවක් බුදු දහමට කැමතිය. වර්තමාන ලෝකයෙහි මිලියන
හාරසීයකට වැඩි ජනතාවක් බෞද්ධයන් බව මෙයට වසර හයකට පමණ පෙර
පළවු දත්තයන් මත දැනගත හැකිය. එසේ බැලූවිට අප රටේම සිටින ජනතාව
කෝටි දෙකකට ආසන්නය. එවිට ලොවපුරා ඇති බෞද්ධ වූ අයගේ පමණ
මැනවින් පැහැදිලිය. ඉතිහාසය විමසා බැලීමේදී මැනවින් පෙනීයන්නේ
, රටේ රාජ්‍ය පාලකයා දැහැමි පාලනයක් ගෙනයන්නේ නම්, බෞද්ධ
දර්ශනය අනුව කටයුතු කරන්නේ නම්, එවැනි පාලන යුග, බුදු දහම
රටපුරා බැබලුන බවයි.
අප ජීවත්වන ශ්‍රී ලංකාවේ දුටුගැමුණු මහරජතුමාගේ රාජ්‍යපාලන
කාලයේ සිදුවූ බොහෝ දෑ වර්තමාන රාජ්‍ය පාලන කාලයට සැසඳී ඇති බව
ඉතිහාසය විමසා බැලීමෙන් පෙනේ. එදා දුටුගැමුණු මහරජතුමාගේ
ක්‍රියාකාරී පාලනය නොවන්නට ශ්‍රී ලංකාවේ බුදු දහම සහ සිංහලයන්
ද අවසන්වන්නට ඉඩ තිබූ බව පැහැදිලිය. වර්තමානයේදී රාජ්‍ය පාලනය
මුහුණදී තිබූ දරුණු ත්‍රස්‌තවාදය නිසා, එසේවීමට තිබූ අවදානම
රාජ්‍ය නායකයාණන්ගේ ක්‍රියා කලාපයෙන් රටත් ජනතාවත් මුදාගත් බව
නොරහසකි.
පටු වාදබේද හෝ බලලෝභය පසෙකලා, තව මාස තුනකින් සපිරෙන 2600
සම්බුදු ජයන්තිය සමගින් එක්‌සත්කමින්, සැමදෙනා කටයුතු කිරීම
දැහැමි වූත්, යහපත්වූත්, හෙට දිනයක යහපත මතු පරපුරට උරුම
කරදීමට අද ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු දෙනාගේ යුතුකම සහ වගකීම
බව සිතට ගැනීමත්, නවම් පොහෝ දින සිට බුදු සිරිත අනුව කටයුතු
කිරීමත් සැමට යහපතක් වන්නේය.
සැමට තෙරුවන් සරණයි !
මානවතිලක වර්ෂාහැන්නැදිගේ
|
|
|
|