මාවනැල්ල ගනේතැන්නේදී
බස්‌ දෙකක්‌ හා ත්‍රිරෝද රථයක්‌
එකට ගැටී 33 දෙනකුට තුවාල



මාවනැල්ල - යූ. ආර්. ජයන්ත සේනානායක සහ කෑගල්ල - එම්. බී. පහළවත්ත

කොළඹ මහනුවර මාර්ගයේ අධික වේගයෙන් ධාවනය කළ ලංගම බස්‌ රථයක්‌, පෞද්ගලික බස්‌ රථයක්‌ සහ ත්‍රිරෝද රථයක්‌ ඊයේ (16 දා) මාවනැල්ල ගනේතැන්න ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 33 දෙනකු තුවාල ලබා මාවනැල්ල සහ කෑගල්ල රෝහල්වලට ඇතුළත් කර ඇත.

මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තාවෝ 9 ක්‌ සිටිති. තුවාලකරුවන් සිව් දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.කොළඹ සිට මහනුවර බලා ගමන් කළ ලංගම බස්‌ රථය හා ගම්පොළ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස්‌ රථය මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.

මෙම අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ඊ. එම්. මුතුබණ්‌ඩා ඒකනායක මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.