මන්ත්‍රීනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි පහරකෑමකින් රෝහලේ


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමන් ගමගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා ටෙලි නාට්‍ය නිළි උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය (පබා) පහරකෑමකට ලක්‌ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇතැයි මිරිහාන මූලස්‌ථාන පොලිසිය පවසයි.මන්ත්‍රීවරිය රෝහල්ගත කර ඇත්තේ ඊයේ (16 වැනිදා) අලුයම් කාලයේදී බව පොලිසිය කියයි.මන්ත්‍රීවරිය හා ඇගේ සැමියා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක්‌ මෙම සිද්ධියට හේතු වී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණ වලින් හෙළි වී තිබේ.

රෝහල්ගත කළ මන්ත්‍රීවරියගේ මුහුණ හා ඇස ප්‍රදේශයේ තුවාල දක්‌නට තිබූ බවත්, පසුව කඩිනම් ප්‍රතිකාර සිදුකළ බවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්‌. ඒ. එන්. ගමගේ මහතා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරියගෙන් කට උත්තරයක්‌ රෝහලට ගොස්‌ ලබාගත් බව මිරිහාන මූලස්‌ථාන පොලිසිය පවසයි.

මහ කොළඹ භාර නියෝජ්‍ය පොලිස්‌පති දයා සමරවීර, නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සෙනරත් එගොඩවෙල මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.