|
|
|
|

විසි වැදෑරුම්
සම්බුද්ධත්ව ජයන්ති වැඩපිළිවෙළ
බරපතළ ලෙස වෙනස් කිරීමෙන්
ජාතික සමගිය කඩාකප්පල්
කිරීමට
කුමන්ත්‍රණයක් දියත්වෙනවා
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති
ආචාර්ය ගුණදාස අමරසේකර
විසිවැදැරුම් සම්බුද්ධත්ව ජයන්ති වැඩපිළිවෙළ බරපතළ ලෙස
වෙනස් කිරීම තුළින් ජාතික සමගිය කඩාකප්පල් කිරීම සඳහා
කුමන්ත්‍රණයක් දියත් වන බව පැහැදිලි වන්නේ යෑයි දේශහිතෛෂී
ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන්
කරයි. එම ලිපිය මෙසේය.
ඔබතුමන් මෙන්ම මහනායක ස්‌වාමීන් වහන්සේලාගේ පණිවුඩ සහිතව
2008 වර්ෂයේදී නිකුත් කළ විසිවැදෑරුම් ශ්‍රී සම්බුද්ධ
ජයන්ති වැඩපිළිවෙළ බරපතළ වෙනස්‌කම් සහිතව නැවත ඉදිරිපත්
කොට ඇති බව මේ වනවිටත් ඔබතුමන්ට වාර්තා වී ඇතැයි අපි
සිතමු. එම නව වැඩපිළිවෙළ අනුව දිස්‌ත්‍රික් මට්‌ටමින්
හින්දු, මුස්‌ලිම් සහ කතෝලික / ක්‍රිස්‌තියානි වශයෙන් වෙන්
වෙන්ව අන්‍ය ආගමික කමිටු පිහිටුවීමට යෝජනා කර ඇත. පෙර තිබූ
ආකාරයට ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සඳහා බෞද්ධ කමිටු
පිහිටුවන්නේ ප්‍රාදේශීය මට්‌ටමින් පමණි.
දිස්‌ත්‍රික් ලේකම්තුමාගේ නායකත්වයෙන් පිහිටුවන මෙම
අන්‍යාගමික බලසම්පන්න කමිටුවලට පළාත්සභාවල සියලු උසස්
නිලධාරීන් මෙන්ම ආගමික පදනමින් ජාතික සහ පළාත් මට්‌ටමේ
මහජන නියෝජිතයන්ද සහභාගී වේ. ප්‍රාදේශීය ලේකම් මට්‌ටමින්
පිහිටුවන කුඩා ප්‍රාදේශීය සම්බුද්ධ ජයන්ති කමිටුවට සහභාගි
වන්නේ ගම් මට්‌ටමේ නිලධාරීන් පමණි. එම තත්ත්වය තුළ
දිස්‌ත්‍රික් අන්‍යාගමික කමිටු සමාජ සම්බන්ධකම් වලින්
මෙන්ම මූල්‍යමය සහ පරිපාලනමය වශයෙන්ද බොහෝ බලසම්පන්න ලෙස
කටයුතු කරනු ඇත.
පළමුවෙන්ම සම්බුද්ධ ජයන්තිය සඳහා එවැනි අන්‍යාගමික කමිටු
ඉතා පටු ආගමික භේද ඇතිවන ආකාරයෙන් පිහිටුවීමේ
අවශ්‍යතාවයක් නැත. සම්බුද්ධ ජයන්තියේ ආස්‌වාදය සහ බෞද්ධ
ජීවන පැවැත්මට අදාළ සමාජ බලපෑම අන්‍යාගමික මහජනතාව අතරටද
ගෙනයැම ඉතා හොඳ දෙයකි. ඒ පිළිබඳව අපට ගැටලුවක් නැත. ඒ
සඳහා හොඳම ක්‍රමය සම්බුද්ධ ජයන්ති කමිටුවට අන්‍ය ආගමික
ජනතාව සහභාගි කර ගැනීමයි.
ඔබතුමා මෙන්ම මේ රටේ අතිමහත් බහුතර ජනතාව ඉරා, පොඩිකර,
පාගා කෙළගසා කුණු බක්‌කියට දැමූ බටහිර න්‍යාය පත්‍රය නැවත
ගෙන ඒමට ඉඩ නොදිය යුතු බව අපගේ පිළිගැනීමයි. නමුත් දැන්
සැලැසුම් කොට ඇති දේ ක්‍රියාත්මක වුවහොත් එක් පැත්තකින්
පටු ආගම්වාදී භේද සහ ගැටුම් ඇතිවීම වැළැක්‌විය නොහැක.
අනෙක් පැත්තෙන් බ්‍රිතාන්‍යය, අයර්ලන්තය වැනි රටවල පවා
ප්‍රතික්‍ෂේපකොට ඇති බහු ආගමික, බහුසංස්‌කෘතික "එන්. ජී.
ඕ. මෙහෙයුමට" ජාතිය නැවත වටයකින් ගොදුරු වනු ඇත.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන වගන්තිය ඇතුළුකොට ඇත්තේ
බෞද්ධ ආගමට විශේෂයෙන් සැලකීමට වඩා වසර 500 කට අධික කාලයක්
අසාධාරණයට ලක් වූ ජනකොටසකගේ ජීවන පැවැත්ම තහවුරු කිරීමට
බව ලෝකයට පෙන්වා දීමට කාලය පැමිණ ඇතැයි අපි සිතමු. අන්‍ය
ආගම් සියල්ල ලෝකයේ විශාල ජනතාවකගේ සමාජ සහ මූල්‍යමය බලය මත
වර්ධනය වන නමුත් සිංහල බෞද්ධයා ශ්‍රී ලංකාව වසර 500 ක යටත්
විජිත පාලනයෙන් පසුව නැඟී සිටීමට උත්සාහ කරන ජාතියකි.
අභිනවයෙන් පත් වූ කතෝලික සභාවේ කාදිනල්තුමාට මෙම ඓතිහාසික
ගැඹුරු සත්‍යය තේරුම් ගැනීමට නොහැකිවීම පිළිබඳව අපි කනගාටු
වෙමු.
එම තත්ත්වය තුළ සම්බුද්ධ ජයන්ති වැඩපිළිවෙළ වෙනස් කිරීම
තුළ යම් කුමන්ත්‍රණකාරී හෝ රැවටිලිකාර බලවේගයක්
ක්‍රියාත්මක වනවාද යන සැකය අප තුළ මතුවී ඇත. විශේෂයෙන්ම
එවැනි සැකයක් ඇතිවීමට මහා සංඝරත්නය විසින් පෞද්ගලිකවම අප
වෙත ඉදිරිපත් කරන තොරතුරුද හේතු වී ඇත.
විශේෂයෙන්ම අමාත්‍යාංශ ලේකම්තුමා සහ නියෝජ්‍ය
අමාත්‍යතුමාගේ ලේකම්වරිය අන්‍යාගමිකයන් ලෙස කරන
මැදිහත්වීමද විවේචනයට ලක්‌වී ඇත. ඔවුන් අන්‍යාගමිකයන් වීම
නිසා එම තනතුරු දැරීමට නුසුදුසු යෑයි අපි කිසිසේත්ම අදහස්
නොකරමු. නමුත් ප්‍රශ්නයක් ඇතිවී ඇති බැවින් ඒ පිළිබඳ
සොයාබැලීම සමස්‌ත ජාතියේම පොදු යහපතට හේතුවන බව අපගේ
පිළිගැනීමයි.
|
|
|
|