වැටුප් නොලැබී දළදාගම ඩිපෝ සේවකයෝ වැඩ අත්හරිති


පොල්පිතිගම - වීරරත්න

මහව - දළදාගම ලංගම ඩිපෝ සේවකයන් (15 දා) පස්‌වරුවේ බස්‌ රථ ධාවනයෙන් ඉවත් වී බස්‌ රථ ඩිපෝව තුළ රඳවා තබා ගැනීම නිසා පාසල් දරුවන් මෙන්ම මගීහුද මහත් අපහසුතාවට පත් වූහ.

පෙබරවාරි මස ලැබිය යුතු මාසික වැටුප ලබාදීමට පාලකයන් ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙලෙස වර්ජනයේ නිරත වීමට කටයුතු කළ බව සේවකයෝ පවසති.

මහව ඩිපෝවේ බස්‌ රථ ගල්ටැංවැව, දඹුල්ල, කැකිරාව, අනුරාධපුරය, පුත්තලම, නිකවැරටිය, මඩගල්ල, අඹන්පොල ආදී ප්‍රදේශවල ධාවනය වන අතර සේවයේ නිරත සේවකයන් ගණන 225 ක්‌ පමණ වේ.

බස්‌ වර්ජනය නිසා නගරයේ පාසල් නිම වී නිවෙස්‌ වෙත බලා යන දරුවන්ට ගමන් පහසුකම් සැලසීමට මහව පොලිස්‌ නිලධාරීන්ට මැදිහත් වීමට සිදු විය. ඒ අනුව මහව කුරුණෑගල ධාවනය වන පෞද්ගලික බස්‌ රථ ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.