|
|
|
|
|

සටනේ සෙන්පතියෝ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් මෙහෙයවීමට ලැබීම ක්‍රිකට්
ක්‍රීඩකයකුගේ වාසනාව මෙන්ම දක්‍ෂතාව මත රදා පවතී. ඉන් ලෝක
කුසලාන ජයගන්නා කණ්‌ඩායමට නායකත්වය ලබාදීමට හැකි නම් ඔහු
අමරණීය ක්‍රිකට් නායකයකු වනු ඇත. මෙතෙක් පැවැති ලෝක කුසලාන
තරගාවලි නවයේදී එවැනි වාසනාවන්තයින් බිහිවී ඇත්තේ හය දෙනෙක්
පමණි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ ක්‌ලයිව් ලොයිඩ් (1975-79),
ඉන්දියාවේ කපිල් දේව් (1983), ඔස්‌ටේ්‍රලියාවේ ඇලන් බෝඩර්
(1987), පාකිස්‌තානයේ ඉම්රාන් ඛාන් (1992), ශ්‍රී ලංකාවේ
අර්ජුන රණතුංග (1996), ඔස්‌ටේ්‍රලියාවේ ස්‌ටිව් වෝ (1999) සහ
නැවතත් ඔස්‌ටේ්‍රලියාවේ රිකී පොන්ටින් (2003-2007) යන
ක්‍රීඩකයන් මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි ජයග්‍රාහී
කණ්‌ඩායම්වල නායකත්වය දරා තිබේ.
මෙවර සටනට පිවිස සිටින කණ්‌ඩායම් 14 අතුරින් 10 වැනි ලෝක
කුසලාන ජය ගන්නා කණ්‌ඩායමේ නායකත්වය සඳහා වඩාත්ම සුදුසු නායකයා
කව්දැයි එක හෙළා අනුමාන කළ නොහැක. ඒ සඳහා ශ්‍රී ලංකාව,
පාකිස්‌තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංගලන්ත සහ බටහිර
ඉන්දීය කොදෙව් යන කණ්‌ඩායම් මෙහෙයවන නායකයන් සඳහා සමබර
කණ්‌ඩායමක් ලැබී සිටින බැවිනි. ඒ අතරින් වඩාත්ම සුදුස්‌සා
කවුරුන්දැයි නිශ්චිතව අනාවැකි පළ කිරීමට නොහැකි වුවද මෙවර
කණ්‌ඩායම් 14 අතුරින් පළපුරුදුම නායකයා වන්නේ ඔස්‌ටේ්‍රලියාවේ
රිකී පොන්ටින්ය. ඔහු ලෝක කුසලාන තරගාවලි දෙකක් දිනා ගත්
නායකයා ලෙසින් මෙවරද ඔස්‌ටේ්‍රලියානු පිල මෙහෙයවන අතර ඔහු
නායකත්වය ලබා දුන් තරග 221 න් ජයග්‍රහණ 160 ක් ලබා ජයග්‍රාහී
ප්‍රතිශතය 72.40% ක් ලෙස සටහන් කර ගෙන නායකයන් අතර ඉදිරියෙන්
සිටියි.
දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්‌මිත්ද පළපුරුදු නායකයකු ලෙස
හැඳින් විය හැක. ඔහු ලෝක කුසලාන තරගාවලියක් මෙහෙයවනු ලබන
දෙවැනි අවස්‌ථාව මෙය වන අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරග 142
කට නායකත්වය ලබා දුන් ග්‍රැහැම් ස්‌මිත් ඉන් තරග 86 ක් ජය
ග්‍රහණය සඳහා මෙහෙයවා ඇත. ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි,,
නවසීලන්තයේ ඩැනියෙල් වෙටෝරි, එංගලන්තයේ ඇන්ඩෘ ස්‌ට්‍රාවුස් සහ
ශ්‍රී ලංකාවේ කුමාර සංගක්‌කාර, ඊට පසුව පිළිවෙලින් අත්දැකීම්
පිරි නායකයන් ලෙස පත්ව සිටිති. 10 වැනි ලෝක කුසලාන ආරම්භයට දින
3 ක් තිබියදී කණ්‌ඩායම් 14 ක නායකයන් නායකයකු ලෙස දක්‌වා ඇති
දස්‌කම් සහ ඔවුන්ගේ පරිණත භාවය පහත පරිදි සටන් වේ.
1. රිකී පොන්ටින් (ඔස්‌ටේ්‍රලියාව)
නායකත්වය දුන් පළමු තරගය (2006/04/12) නායකත්වය දුන් තරග 221,
ජයග්‍රහණ 160 (72.40%), පරාජයන් 21.72%, කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 117 (52.94%)
2. ග්‍රැහැම් ස්‌මිත් (දකුණු අප්‍රිකාව)
නායකත්වය දුන් පළමු තරගය (2003.04.13) නායකත්වය දුන් තරග 142,
ජයග්‍රහණ 86 (60.56%), පරාජයක් 49 (34.51%), කාසියේ වාසිය
දිනූ අවස්‌ථා 72 (50.70%)
3. ඉන්දියාව (මහේන්ද්‍ර සිං දෝනි)
නායකත්වය දුන් පළමු තරගය (2007.09.29) නායකත්වය දුන් තරග 93,
ජයග්‍රහණ 52 (55.91%), පරාජයන් 34 (36.56%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 44 (47.31%)
4. ඩැනියෙල් වෙටෝරි (නවසීලන්තය)
නායකත්වය දුන් පළමු තරගය (2004.11.02) නායකත්වය දුන් තරග 76,
ජයග්‍රහණ 37 (48.68%), පරාජයන් 31 (40.79%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 49 (57.89%)
5. ඇන්ඩෘ ස්‌ට්‍රවුස් (එංගලන්තය)
නායකත්වය දුන් පළමු තරගය (2006.04/12) නායකත්වය දුන් තරග 55,
ජයග්‍රහණ 24 (43.64%), පරාජයන් 30 (54.55%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 27 (49.09)
06. කුමාර සංගක්‌කාර (ශ්‍රී ලංකාව)
නායකත්වය දුන් පළමු තරගය (2009.07.30) නායකත්වය දුන් තරග 36,
ජයග්‍රහණ 21 (58.33%), පරාජයන් 12 (33.33%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 21 (58.33%)
07 ෂකීබ් අල් හසන් (බංග්ලාදේශය)
නායකත්වය දුන් පළමු තරගය (2009.07.26) නායකත්වය දුන් තරග 33,
ජයග්‍රහණ 17 (51.52%), පරාජයන් 16 (48.48%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා (33.33%)
08. ෂහිඩ් අෆAරීඩි (පාකිස්‌තානය)
නායකත්වය දුන් පළමු තරගය (2009.09.23) නායකත්වය දුන් තරග 21,
ජයග්‍රහණ 9 (42.86%), පරාජයන් 11 (52.18%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා (57.14%)
09. එල්ටන් චිකම්බුරා (සිම්බාබ්වේ)
නායකත්වය දුන් පළමු තරගය (2010.05.28) නායකත්වයදුන් තරග (14,
ජයග්‍රහණය 6 (42.86%), පරාජයන් 8 (57.44%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 7 (50.00%)
10. අසීස් බගායි (කැනඩාව)
නායකත්වය දුන් පළමු තරගය (2007.07.03) නායකත්වය දුන් තරග 14,
ජයග්‍රහණය 7 (36.84%), පරාජයන් 12 (63.16%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා ෙ12 (63.16%)
11. පීටර් බෝර්න් (නෙදර්ලන්තය)
නායකත්වය දුන් පළමු තරගය (2010.02.16) නායකත්වය දුන් තරග 12,
ජයග්‍රහණ 5 (41.67%), පරාsජයන් 7 (58.53%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 5 (41.67%)
12. ඩැරන් සමී (බටහිර ඉන්දීය කොදෙව්)
නායකත්වය දුන් පළමු තරගය (2010.04.13) නායකත්වය දුන් තරග 5,
ජයග්‍රහණ 2 (40.00%), පරාජයන් 2 (40.00), කාසියේ වාසිය 3
(60.00)
13. ඡේම්ස් කමන්ඩේ (කෙන්යාව)
නායකත්වය දුන් පළමු තරගය (2010.07.10) නායකත්වය දුන් තරග 4,
ජයග්‍රහණ 2 (50.00%), පරාජයන් 2 (50.00%), කාසියේ වාසිය
50.00%)
14. විලියම් පෝර්ඩ්ෆයිල්ඩ් (අයර්ලන්තය)
නායකත්වය දුන් පළමු තරගය (2008.07.28) නායකත්වය දුන් තරග 21,
ජයග්‍රහණ 13 (61.90%), පරාජයන් 7 (33.33%), කාසියේ වාසිය දිනූ
අවස්‌ථා 9 (42.86%)
අසේල විතාන
|
|
|
|