දේශීය උක්‌ කර්මාන්තයට
කියුබාවේ තාක්‍ෂණය


මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

දේශීය උක්‌ කර්මාන්තයේ සංවර්ධනය සඳහා කියුබානු රජයේ තාක්‍ෂණය යොදා ගැනීම කෙරෙහි උක්‌ පර්යේෂණායතනයේ අවධානය යොමුව ඇත.

දේශීය උක්‌ වගාකරුවන් දිරිමත් කිරීමේදී නව තාක්‍ෂණය ලබාදීම, උක්‌ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය, අතුරු නිෂ්පාදන සඳහා උක්‌ ගොවීන් කර්මාන්තකරුවන් යොමු කිරීම සඳහා මෙම පියවර ගත් බව උක්‌ පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් කුමාරසිංහ මහතා කියයි.

කියුබාව විසින් උක්‌ වගාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා අතර එම දැනුම දේශීය උක්‌ ගොවීන් සහ කර්මාන්තකරුවන්ට ලබාදීමෙන් දේශීය උක්‌ වගාවෙන් ඉහළම ප්‍රයෝජන ලබාගැනීම මෙහි අරමුණයි.

උක්‌ ආශ්‍රිතව මෙතෙක්‌ ලබාගන්නා නිෂ්පාදනවලට අමතරව කොම්පෝස්‌ට්‌ පොහොර නිෂ්පාදනය, සත්ව ආහාර නිෂ්පාදනය, බේස්‌බෝඩ් නිෂ්පාදනය වැනි නිෂ්පාදන කෙරෙහිද අවධානය යොමු කරනු ලබයි.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.