ක්‍රීඩා විෂය භාර ජනාධිපති
උපදේශක හේමසිරි ප්‍රනාන්දු


දෙස්‌ විදෙස්‌ ක්‍රීඩා විෂය භාර ජනාධිපති උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පියවර ගනු ලැබ ඇත.

ලබන 2018 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල මෙරටට ලබාගැනීමේ ප්‍රවර්ධන කාර්යයන් පුළුල් කිරීමේ පියවරක්‌ ලෙස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 44-D වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අනුව අදාළ පත්වීම සිදුකර තිබේ.

අදාළ තනතුරට පත් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ක්‍රීඩකයෙකු (ඉලක්‌කයට වෙඩි තැබීම) මෙන්ම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා පරිපාලකයකු ද වන අතර හෙතෙම 1995 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුවේ සභාපති ධුරය උසුලයි. ඊට අමතරව ආසියානු ඔලිම්පික්‌ කමිටුවේ සහ ආසියානු පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා සම්මේලනයේ ද විවිධ තනතුරු දරණ හෙතෙම සමාගම් පරිපාලකයකු ද වන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ගුවන්තොටුපළ අධිකාරියේ ද හිටපු සභාපතිවරයෙකි.

සුසිල්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.