දැනුම සිහිය හා මතකය

මානව මොළයේ ස්‌නායු සම්ප්‍රේෂණ කාර්යය පිළිබඳ නිවැරැදි වැටහීමක්‌ ලැබීමට නම් සංඥවක්‌ ස්‌නායු හරහා ගමන් කොට මොළය වෙත ප්‍රවේශ වන ආකාරය දේහ විද්‍යාත්මකව (Anatomical Studies) අධ්‍යයනය කළ යුතුය. මෙබඳු අධ්‍යයනවලදී මනෝ විද්‍යාවේ ප්‍රවාද වෙනුවට පැහැදිලිව මානව මනසේ ජීව විද්‍යාත්මකව පැතිකඩ අවබෝධ කරගැනීමට ද ඉඩප්‍රස්‌ථාව සැලසේ. ප්‍රවාදවල ඇති එකම යහපත මොළයේ දේහ විද්‍යාත්මක පසුබිම ඇසුරෙන් කිසියම් අර්ථකථනයක්‌ අනුන් වෙත වඩා පිළිගැනෙන සුලු ලෙස ඉදිරිපත් කිරීම පමණි. නමුදු ඒ ප්‍රවාද, සිද්ධාන්ත තවත් ප්‍රවාද හා සිද්ධාන්ත නිසා කිසියම් දිනක අසත්‍ය විය හැක. දාර්ශනික ප්‍රවාදවල සැබෑ තත්ත්වය එබඳුය. එනිසා දේහ විද්‍යාත්මක අවබෝධයකින් තොර මනෝ විද්‍යා අධ්‍යයනයක්‌ එතරම් ප්‍රතිඵල සහිත නොවේ. අද බොහෝවිට බාහිර ඇති මතුපිට ඔපයට මුල්තැන ලැබී තිබේ.

මේ නිසා බොහෝදෙනකු උත්සුක වී හිඳිනුයේ යමක්‌ ගැඹුරට අධ්‍යයනයෙහි නොයෙදී, යමක්‌ මතුපිටින් අතපත ගා එමගින් මුදල් ඉපයීමට පෙළඹීමයි. මේ තත්ත්වය සෑම විෂය ක්‌ෂේත්‍රයකදීම පැහැදිලිව දක්‌නට ලැබෙන්නකි. මනෝ විද්‍යාව දේහ විද්‍යාත්මකව අධ්‍යයනය නොකර හුදෙක්‌ එය කලා අධ්‍යාපනයක්‌ ලෙස හෝ දාර්ශනික අධ්‍යාපනයක්‌ පමණක්‌ ලබා තමාගේ දැනුම ඉතා උසස්‌ යෑයි වැරැදි නිගමනවල එළඹ පිහිටා සිට ඒ ඔස්‌සේ කටයුතු කරන්නට යැමේ ඉතා අහිතකර ඵල විපාක වර්තමාන සමාජය මේ වන විටත් හොඳහැටි භුක්‌ති විඳිමින් සිටින බව පෙනෙන්නට තිබේ. මනෝ විද්‍යාව සාහිත්‍ය හෝ කලා අධ්‍යයනයක්‌ ලෙස අධ්‍යයනය කරන්නාට වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක්‌ නොමැත. එබඳු අයකු රෝගී ප්‍රතිකාරය සිදු කරන්නට ගියහොත් ඇතිවන ඵල විපාක පිළිබඳ අමුතුවෙන් පැවැසිය යුතු නැත. නමුදු අද බොහෝ අවස්‌ථාවලදී දක්‌නට ඇත්තේ සමාජය පුරා ව්‍යාප්ත වූ එබඳු හිස්‌ චරිතවල භූමිකාය. මෙය නොදැන ඔවුන්ට උඩ ගෙඩි ලබාදීමට සමහරු වෑයම් කරති.

අද සමාජය පුරාම විහිද ඇති විවිධ වර්ගවල උපදේශකයන්ගේ කිසිදු හිඟයක්‌ නැති බව පෙනෙන්නට තිබේ. එම උපදේශකයන්ගේ සේවය හුදෙක්‌ න්‍යාය සිද්ධාන්ත ඔවුන්ගේ පිළිසරණ පතා පැමිණෙන්නන්ට පිළිගැන්වීමට පමණක්‌ එකී සේවය ලඝූ වී ඇත්තේ ඔවුන්ගේ දැනුමේ පවතින අඩු ලුහුඬුතා නිසාය. නිවැරැදි ලෙස මානව මනස අවබෝධ කළ හැකි මානසික පසුබිමක්‌ ඇත්තේ ස්‌නායුවල ක්‍රියාකාරීත්වය, දේහ විද්‍යාව, සිරුරේ ජීව රසායනික ක්‍රියාකාරිත්වය අවබෝධ කළ හැකි අයකුටම පමණි. අද හතු පිපෙන්නාක්‌ මෙන් මෙරට පුරා උපදේශකයන් ව්‍යාප්තව ඇතත් එහි කිසිදු ක්‍රමවත් බවක්‌ නොමැති හෙයින් ඔවුන්ගෙන් ලැබිය හැකි යෑයි අපේක්‌ෂිත සේවයද මේ වන විට ගිලිහෙමින් පවතින බව කනගාටුවෙන් වුවද පැවැසිය යුතුය. උපදේශකයන් කොතරම් සිටියද, මානසික ගැටලුවල ප්‍රමාණය ක්‍රමයෙන් අධික වෙමින් පවතිනුයේද මෙකී අමිහිරි සත්‍යය නිසාය. මෙහි පවතින ආකර්ෂණීය පසුබිම නිසා බොහෝදෙනකු මනෝ විද්‍යාව හැදෑරීමට යොමු වුවද නියමාකාර ලෙස දේහ විද්‍යාත්මක පසුතලයක්‌ සහිතව මනෝ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යොමු වන්නේ ඉතා ස්‌වල්ප දෙනෙක්‌ බව පැහැදිලිව දැකගත හැක. බොහෝවිට මේ ස්‌වල්ප දෙනාගෙන්ද පරිපූර්ණ අවසානයක්‌ දක්‌වා එකී අධ්‍යයනය තුළ රැඳී සිටිනුයේද කලාතුරකින් අයකුම පමණි. ආරම්භය කෙතරම් උෙද්‍යාගිමත් වුවද එහි අවසානය උදාසීන වී තිබේ.

ජීව විද්‍යාත්මක පසුබිම හා පර්යේෂණාත්මක අධ්‍යයනය

මානව මොළයේ ජීව විද්‍යාත්මක පසුබිම නොදැන හුදෙක්‌ දාර්ශනික ගුරු කුලවල ප්‍රවාද පමණක්‌ හැදෑරුවාට එහි කිසිදු ගැඹුරක්‌ නොමැත. දර්ශනය හා දේහ විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය යනු ප්‍රතිවිරුද්ධ දැනුම් පාර්ශ්ව දෙකකි. දර්ශනය අයත් වනුයේ කලාවටය. දේහ විද්‍යාව විද්‍යා විෂයයන්ට අයත් වන්නකි. මානව සිරුරේ අතිශය සූක්‌ෂම ඉන්ද්‍රියක්‌ වන මොළ ව්‍යුහය පිළිබඳ ජීව විද්‍යාත්මක පසුබිම නොමැතිව සිදුකරන දාර්ශනික හැදෑරීම් අර්ථසම්පන්න නොවන්නේ මේ නිසාය. ඒ බැව් වටහා ගන්නා අය පසුකාලයකදී හෝ දේහ විද්‍යාත්මක අධ්‍යයනයන්ට නැඹුරු වීම නිසා මුල්කාලීනව තමාගේ නොදැනුම පිළිබඳ මනාව අවබෝධ කර ගනිති. සමහරුන්ට මේ හැකියාව නැත. ඔවුන් සිතනුයේ ඔවුන්ගේ දැනුම පමණක්‌ ඒකාන්ත සත්‍යයකැයි කියාය. එසේ සිතා තමාගේ අදහස්‌ න්‍යාය සිද්ධාන්ත විවිධ වෙනත් විෂයවල සාහිත්‍ය දැනුම සමග කලවම්ව ඉදිරිපත් කරති. බොහෝවිට අදාළ විෂය ක්‌ෂේත්‍රය පිළිබඳ ගැඹුරු දැනුමක්‌ සහිත අයට වඩා වැඩි අවස්‌ථාවක්‌ ලැබෙනුයේ මෙබඳු බාහිර මතුපිට ඔපය සහිත අයටම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ සමාජයේ ගැඹුරක්‌ දැකිය හැකි අයගේ වූ හිඟයයි.

මානව මොළයේ විස්‌මිත හැකියාවට තුඩුදී ඇත්තේ එහි අති විස්‌මිත ක්‍රියාකාරිත්වය නිසාය. සිහිය, ස්‌මරණය, ඥනය, දැනුම ආදී විවිධ ආකාරවලින් සංවේද මනසට ලැබේ. මේවා ලැබෙනුයේ ස්‌නායු සංඥ ලෙසය. ස්‌නායු සංඥ පිළිබඳ විද්යුත් ක්‍රියාකාරිත්වය සාමාන්‍යයෙන් විෂ්කම්භය අඟලකින් 1/50000 එක්‌ කොටසකටත් වඩා ඉතා කුඩා වූ මයික්‍රෝ ඉලෙක්‌ට්‍රොඩයක්‌ තුළ (Microelectrode) ගබඩා කළ හැක. සතුන්ගේ මොළයේ විවිධ ප්‍රදේශවල රෝපණය කර ඇති බොහෝ මයික්‍රෝ ඉලෙක්‌ට්‍රොඩ මගින් ස්‌නායු සෛල සුවිශේෂිත උත්තේජනවලට දක්‌වන ප්‍රතිචාර නිශ්චය කළ හැක. (සතුන්ගේ සිරුරේ නිශ්චිත ස්‌ථානයක්‌ ස්‌පර්ශ කිරීම වැනි) නැතහොත් සතුන්ගේ මේ නියුරෝන ඇවිළීම බොහෝ දක්‌ෂ නව කාර්යභාර ඉටු කිරීමේ වූ ඉගෙනුමක්‌ බවකට පත්ව වෙනස්‌ වනුයේ කෙසේදැයි අවබෝධ කළ හැක. ඉලෙක්‌ට්‍රොඩ අන්වීක්‌ෂයකින් ස්‌නායු පටක පරීක්‌ෂා කිරීමේදී එය ගණනය කළ හැකි බව හා සම්පර්ක මැනිය හැකි බව පෙනේ. නූතන අධ්‍යයනවලින් පෙන්වා දෙනුයේ සම්පර්ක වෙනස්‌ වීම විවිධ සංඛ්‍යා හා ප්‍රමාණාත්මක සතුන්ගේ පූර්ව අත්දැකීම්හි මෙබඳු ප්‍රතිඵල මත ර¹ පවතින බවයි.

එමෙන්ම තවම පුරෝගාමී අවස්‌ථාවේ පවතින මේ පර්යේෂණ ඉගෙනීමේ ප්‍රතිඵල ලෙස මොළයේ සිදුවන වෙනස්‌කම් අවබෝධ කරගැනීමේ යතුර ලෙස සැලකිය හැක. ව්‍යවච්ඡේද විද්‍යානුකූල සංඛ්‍යා සහ යමක්‌ මතක තබා ගැනීමට බොහෝ දිගු කාලසීමාවකට අපේ හැකියාව සඳහා වූ සම්පර්ක වාර්තාවේ ව්‍යුහාත්මක වෙනස්‌කම් එමගින් අවබෝධ කළ හැක. ස්‌නායු සෛල සම්පර්කයකදී සෘජුව සම්බන්ධ වී නැත. ස්‌නායු ආවේග වේගවත්ව ගමන් කිරීමේදී ඒ හරහා ඉතා ස්‌වල්ප පරතරයක්‌ පවතී. එමෙන්ම ස්‌නායු පද්ධතියේ ප්‍රදේශ කීපයකම සිට විද්යුත් ක්‍රියාකාරිත්වය එක්‌ නියුරෝනයක්‌ මගින් උත්තේජන වෙනත් නියුරෝනයක්‌ වෙත අප්‍රමාදව යොමු වීමේදී එබඳු වූ සිද්ධියකදී සම්ප්‍රේෂණ නියෝජිතයකු ලෙස බොහෝවිට රසායනික ද්‍රව්‍යවල සේවාව ලබාගනී. ඒ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තැබෙනුයේ ආවේග වාහකයේ අග පිහිටි ඉතා කුඩා බිබිලිවලය. ස්‌නායු ආවේග ඒ වෙත ළඟාවීමෙන් පසුව එකී සම්පර්ක පරතරය හරහා යැම සඳහා නිදහස්‌ කරන තුරු එම කුඩා බිබිලිවල ඒවා තැන්පත්ව පවතී. රසායනික ද්‍රව්‍ය සම්ප්‍රේෂණය සෛල වෙත පැමිණෙන රසායනික ප්‍රතිග්‍රාහක සමග සම්බන්ධ වී පවතී. මේ රසායනික ප්‍රතික්‍රියාව පටල පාරගම්‍යතාව සහ එහි සිට පටල විභවතාව අඩු කිරීම දක්‌වා වර්ධනය වේ. මෙය විධෘවණය (Depolarization) නමින් වර්ග කෙරේ. එමගින් නියුරෝන ප්‍රතිග්‍රාහක විසර්ජනය වීම ප්‍රමාණාත්මකව බලවත් විය හැක.

ප්‍රතිජානන හා ප්‍රතිශේධන සම්පර්ක

මෙවැනි සම්පර්ක වර්ග දෙකක්‌ පෙන්නුම් කළ හැක. එනම් ප්‍රතිජානාත්මක (Excitatory) හා ප්‍රතිශේධාත්මක (Inhibitory) ය. ප්‍රතිජානාත්මක සම්පර්කයේ දී නිපදවන ක්‍රියාකාරිත්ව විභවතාව බඳු සමාන දිශාවකට යොමු ගතවීම් සහිත නියුරෝන වෙත පැමිණෙන පටල සෛල විභවතාවේ ඇති රසායනික සම්ප්‍රේෂණ නිදහස්‌ වීම සිදු වනුයේ සියුම් වර්ගීකෘත හුවමාරුවක්‌ ලෙසය. මේ විධෘවණය තුළදී ප්‍රමාණවත් තරම් විශාල සෛල දැවීම් සියල්ල සහිතව හෝ රහිතව ක්‍රියාකාරිත්ව විභවතාව සෙසු සෛලවල ආභාසය දක්‌වා එහි ස්‌වකීය ආවේග වාහකය දිගේ පහළට ගමන් ගනී. සෘණාත්මක සම්පර්ක ක්‍රියා කරනුයේ සමානකම් සහිතවය. නමුදු ප්‍රතිවිරුද්ධ ශෛලියකිනි. රසායන සම්ප්‍රේෂණ මෝචනය වනුයේ ප්‍රතිශේධන සම්පර්කයක්‌ නිපදවෙන පරිදි කුඩා ප්‍රමාණවලිනි. පටල තුළට පැමිණි නියුරෝනවල විභවතාව ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාකාරිත්ව විභවතාව නිසා ඒ කුඩා ප්‍රමාණ සෛල හුවමාරු කරනු ලබයි. ස්‌නායු දැවීම්වල සිට ප්‍රතිශේධන සම්පර්කය දක්‌වා මේ සංක්‌ෂේප කාලසීමාව අතරතුර එය සැලකිය යුතු තරම් බොහෝ විවිධතා ගොනු කරනු ලබයි. සිහි තබාගත යුතු වනුයේ මේ එක්‌ නියුරෝනයක්‌ හෝ සෙසු නියුරෝනවල සිට අනුශාකා සමග සම්බන්ධ බවයි. මෙකී සම්පර්ක කීපයක්‌ ප්‍රතිජානාත්මක විය හැක. එසේම කීපයක්‌ ප්‍රතිශේධනාත්මක විය හැක. ප්‍රතිජානන හා ප්‍රතිශේධන උත්තේජනවල නිත්‍ය අභ්‍යන්තර ක්‍රියාකාරිත්ව නිශ්චය කළ හැක්‌කේ යම් මොහොතක්‌ තුළදී ක්‍රියාකාරිත්ව විභවතා සියල්ල හෝ කිසිවක්‌ රහිතව නියුරෝන ලබාදීම නිසා දැවීම් උපදවිය හැකි බවයි.

ප්‍රතිජානන සම්පර්ක නිසා මොළය මුළුමනින්ම ශාන්ත වේ. එවිට කිසියම් අරමුණකට යොමු වූ ප්‍රතිජානන උත්තේජනන මගින් ඉක්‌මනින් ගොඩනැඟී පෙළඹවිය හැකි නියුරෝන සංඥ නිසා කිසියම් උත්තේජනයක්‌ ඇති වේ. එමගින් අපස්‌මාර රෝගියකුගේ හදිසි ආබාධයකදී මෙන් මොළයේ නියුරෝනවල අති විශාල විසර්ජනයක්‌ ඇතිවිය හැක. මොළයේ කෘත්‍ය නියම ලෙස සිදුවීම සඳහා ප්‍රතිජානන හා ප්‍රතිශේධන සම්පර්කවල සමතුලිතතාව මනාව පැවැතිය යුතුය. ප්‍රතිජානන හා ප්‍රතිශේධන සම්පර්කවල සංකීර්ණ සංවිධානය සඳහා පදනම් වී ඇත්තේ ඉගෙනීම, මතකය හා සිතිවිලි ආදී දේ පිළිබඳ සිදුවී‍ම් යථාවත් කරගැනීම්ය. රසායනික ද්‍රව්‍ය වෙනස්‌කම් මගින් ඇති කරන ස්‌ථානය ඉතා සූක්‍ෂම ප්‍රමාණයකි. ශක්‌තිය සම්බන්ධ කෙරෙනුයේ වොට්‌ එකකින් බිලියනයකිනුත් එකක්‌ පමණ වන ප්‍රමාණයේ ස්‌නායු දැවීම් සමගය. ඒ සමග මානව මොළය තුළ එබඳු නියුරෝන බිලියන 10 ක්‌ ඇත. සෑම නියුරෝනයක්‌ම ක්‍රියාකාරිත්වය බාරගැනීමට ඇවැසි උත්තේජන (එය දෘඪ වශයෙන් යෑයි සැලකිය හැක) ලබාදී සමස්‌ත මොළයම ක්‍රියා කිරීමට නම් ශක්‌ති සැපයුම වොට්‌ 10 ක්‌ පමණ අවශ්‍යය. මෙබඳු සංකීර්ණ ක්‍රියාකාරී යාන්ත්‍රණයකට මෙය අපූර්ව අවම මට්‌ටමක ශක්‌ති අවශ්‍යතාවකි.

රසායනික සම්ප්‍රේෂණ කීපයක්‌ සොයාගෙන තිබේ. නමුදු පෙනෙන අන්දමට සෙස්‌ස තවම සොයාගෙන නැත. ඇසිටිල් කෝලීන් (Acetylcholine) සෑම සම්පර්කයකම රසායනික සම්ප්‍රේෂණ සඳහා ඇවැසි වන අස්‌ථි මාංශ පේශි තන්තු අසල වූ නියුරෝන ආවේග වාහක අග්‍රවල ඇති රසායනික ද්‍රව්‍යයකි. එනිසා එය මාංශපේශි සංකෝචනය සඳහා සැලකිය යුතු කාර්යයක්‌ ඉටු කරයි. (එසේම එය ස්‌නායු පද්ධතියේ වෙනත් සම්පර්ක අතර සම්ප්‍රේෂණය කාර්ය සඳහා ද උපකාරී වේ) සමහර ඖෂධ ඇසිටිල් කෝලීන් (ACh) නිදහස්‌වීම වළක්‌වයි. එහි ප්‍රතිඵලය වනුයේ මාංශපේශි අංශභාගය බඳු අසාධ්‍ය ආබාධ ඇතිවීමයි. මෙබඳු ඖෂධයකට නිදසුනක්‌ සේ බොටුලිනස්‌ ටොක්‌සීන් (Botulinus Toxin) දැක්‌විය හැක. අහිතකර අයුරින් ටින්කළ ආහාර වර්ගවලින් මේ විෂ රසායනය ශරීරගත විය හැක. මාංශපේශි අකර්මණ්‍ය වීම නිසා ශ්වසනය දුබල වීමෙන් අංශභාගය ඇති වේ.

මේ නිසා ඇතිවන රෝගී අසාධ්‍ය බව නිසා කෙනකු මරණයට පවා පත්විය හැක. කිව්‍රාරෙ ශාකවලින් ලබා ගන්නා ස්‍රාවයකි. (Curare) හලාහල විෂකි. මෙය දකුණු ඇමෙරිකාවේ හා ඉන්දියාවේ ඊතල තුඩු සඳහා ඇතැම් අය භාවිත කරති. ස්‌නායු සන්තක සෛල කරා යෑවෙන ප්‍රතිග්‍රාහක ඒ ස්‌ථාන වෙත ළඟාවීම වැළැක්‌වීම ඇසිටිල් කෝලින්වල කාර්යභාරයයි. එහි ප්‍රතිඵලය අංශභාගයට පත්වීමයි. සමහර ස්‌නායු වායු වර්ග අංශභාගී රෝගී තත්ත්වයේ සුබ සාධනය සඳහා සංවර්ධනය වී ඇත. එමගින් එක්‌වරක්‌ ස්‌නායු දැවූ සාමාන්‍යයෙන් අක්‍රියාකාරී ඇසිටිල් කෝලීන් එන්සයිම (Acetyl cholinesterase) විනාශ කෙරේ. මේ ක්‍රියාවලිය මගින් අනාගතයේදී සම්පර්ක සම්ප්‍රේෂණයට බාධා කරවිය හැකි ඇසිටිල් කෝලීන් එකී ස්‌ථානවලින් බැහැර කිරීම සිදු වේ.

රසායන ක්‍රියාකාරිත්වය හා නිර්මාණශීලිත්වය

සමහර මනෝභාවයන් ඖෂධ නිසා වෙනස්‌ වේ. සහන ඔසු (ට්‍රැංකිලයිසර් tranquillizers සහ LSD මෙන්) සම්පර්ක ක්‍රියාකාරිත්වයේ එබඳු ආවේදන වෙනස්‌කම් නිර්මාණය කරගන්නා බව පෙනෙන්නට තිබේ. සහන ඔසුවක්‌ වූ ච්ලෝප්‍රොමසින් (chlopromazine) මගින් සම්පර්ක සම්ප්‍රේෂණයේ දී නොරෙපිනෙප්‍රින් (Nor
epinephrine) නිදහස්‌ වීම වළක්‌වනු ලැබේ. එමගින් එය හරහා ඇතැම් පණිවුඩ ගමන් කිරීමට ඉඩ හැරේ. LSD ඊට සමාන සංයුතියක්‌ ඇති ස්‌නායු සම්ප්‍රේෂණ කාර්යයේ දී සෙරටොනින් (Serotonin) නිකුත් කෙරෙන රසායනිකයකි. සෙරටොනින් මෙන් එහි ක්‍රියාකාරී වීමේ ලක්‌ෂණ පෙන්වීම සහ සෛල අධිකව උත්තේජනය වීම නිශ්චිතව මොළ සෛල තුළ LSD ක්‍රමයෙන් වැඩිවීම එය හැඟීම්වලට බලපාන බව පෙන්වන වැදගත් සාධකයකි.

තාක්‌ෂණික ඥනය හා නූතන විද්‍යාව ක්‍රමයෙන් දියුණු වෙත්ම ජීව විද්‍යාවේ වපසරිය පවා ඊට අනුගතව කිසියම් පුළුල් වීමකට ලක්‌ව තිබේ. විශේෂයෙන්ම නූතන යුගයේ ඇතිවී තිබෙන තාක්‌ෂණික දියුණුව භාවිත කොට සිදුකරන විවිධ පර්යේෂණ මගින් නව ජීව විද්‍යාත්මක කරුණු අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම මානවයාගේ බුද්ධි විකාශයට බෙහෙවින් වැදගත් වන ජීව විද්‍යාත්මක කරුණු රැසක්‌ සංජානන පැතිකඩ යටතේ සොයාගෙන තිබේ. මානවයා සෙසු සත්ව වර්ග අතරින් සුවිශේෂී ස්‌වභාවයක්‌ ගනු ලබන්නේද මෙකී ජෛව විද්‍යාත්මක පසුබිම නිසාය. සෙසු සත්ව විශේෂවලට වඩා නිර්මාණශීලී බවින් මානවයා ඉදිරියෙන් සිටී. නිර්මාණශීලී බව නම් මනසට ලැබී ඇති දත්ත සංවිධානාත්මකව පෙළගස්‌වා එතුළින් නව හැඩතල මතුකරවීමයි.

මෙය බුද්ධිමත් බවේ ආවේණික ලක්‌ෂණයයි. කිසි දිනෙක මානව නිෂ්පාදිත පරිගණක යන්ත්‍රයකට හෝ වෙනත් කිසිදු සත්වයකුට මානවයාගේ සුවිශේෂ වූ බුද්ධි හැකියාව අභිබවා යා නොහැකිවීමේ රහස ඇත්තේ මෙතැනය. බුද්ධිය පිළිබඳව මනෝ විද්‍යාත්මක අර්ථකථනය වනුයේද නිර්මාණශීලී බවම බුද්ධිය බවයි. ඒ මිස විවිධ විෂයගත දැනුම හෝ තාර්කික හැකියාව බුද්ධිය නොවේ. නොඑසේ නම් පරිගණකයට එබඳු මිනිස්‌ හැකියාවන් අභිබවා යා හැකිවීමට ඉඩකඩ තිබිණ. මන්ද පරිගණකයක මතකය ධාරිතාව අනුව විවිධ විෂයගත දැනුම හා තාර්කික හැකියාව එසේම ක්‌ෂණික විශ්ලේෂණ හැකියාව විවිධ ස්‌වරූපයක්‌ ගන්නා බැවිනි. ඇතැම් විට වැඩිදියුණු කරන ලද පරිගණකවල එබඳු දේ සිදු කිරීමේ හැකියාව නුදුරු අනාගතයේ යම් දිනෙක මානව හැකියා අභිබවා පෙරට පැමිණිය හැකි වුවද නිර්මාණශීලිත්වය එසේ පරිගණකයකට කිසි දිනෙක ලබාගත හැකි දෙයක්‌ නොවේ.

නූතනයේ මිනිසුන් පරිගණකයෙන් විවිධ නිර්මාණශීලී දේ සිදු කරවා ගන්නා බව පැහැදිලිය. නමුදු ඒ සියල්ල නියෝග ලෙස හෝ පරිගණක මෘදුකාංග ලෙස හෝ මෙහෙයුම් පද්ධති ලෙස හෝ පරිගණකයට එබූ දේ ඊට පූර්වයෙන් ඇතුළත් කර ඇති දත්ත පමණි. පරිගණකය සිදු කරනුයේ ඒ දත්ත අතරින් ලැබී ඇති නියෝගවලට අනුකූල දත්ත තෝරා වෙන්කර ඒ අනුව අදාළ කාර්යය ඉටුකිරීම පමණි. මානව නියෝග ක්‌ෂණිකව ඉටු කිරීමේදී වේගවත් බව අතින් නම් පරිගණකය ඉතාම ඉදිරියෙන් සිටින බව සත්‍යයකි. නමුදු ඒ වේගවත් බව නිර්මාණශීලීත්වය නොවේ. මිනිසකු සතුව පවතින නිර්මාණශීලී හැකියාව මිනිස්‌ මොළයේම විස්‌මිත ස්‌වභාවයක්‌ පමණි. යන්ත්‍රයකට කිසිදින එබඳු විශ්මිත හැකියාවක්‌ අත්පත් කරගත නොහැක. එසේම ඒ හැකියාව අභිබවා යා නොහැක.


දර්ශනපති
සුජිත් නිශාන්ත හේවගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.