ලංකාව ජාතිකත්ව මාවතේ ඉදිරියටම

පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජාතිකත්ව ප්‍රතිපත්ති ජයග්‍රහණය කර ඇත. පසුගිය සමයේ ජීවන වියදම තරමක්‌ වැඩිවීම හේතුවෙන් එ.ජා. පක්‍ෂය පළාත් පාලන ආයතන රාශියක්‌ ජයග්‍රහණය කරනු ඇතැයි ඇතැම්හු සිතූහ. එහෙත් එය එසේ නොවීය. එ.ජා. පක්‍ෂයේ ඡන්ද පදනම අද වනවිට සියයට තිහක්‌ පමණ වෙයි. එ.ජා. පක්‍ෂයට වාසි වේය යන බලාපොරොත්තුවෙන් ඇතැම් විශ්වවිද්‍යාලවල හා වෙනත් ආයතනවල ෙµඩරල්වාදී එ.ජා.ප., ජ.වි.පෙ හා ඊනියා ස්‌වාධීන වම පිරිස්‌ නිල නොවන වශයෙන් වුවද සන්ධානගත වනු පෙනෙන්නට තිබිණි. මෙය කලක සිට ඒ ආයතනවල දක්‌නට ඇති ප්‍රවණතාවක කූටප්‍රාප්තිය විය. එහෙත් දැන් එළඹි ඇත්තේ එවැනි නිල නොවන සන්ධානවල බහින කලාවය.

ජනතාවගේ ජීවනබර අඩුකිරීමට පියවර ගැනීම ආණ්‌ඩුවක වගකීම හා යුතුකම වෙයි. එහෙත් ඒ සියල්ලටම වඩා ආණ්‌ඩුවක වගකීම හා යුතුකම වනුයේ රාජ්‍යය රැකගැනීමය. ජනතාවගේ ස්‌වෛරීභාවය පළුදු නොවන තැනට සියලු කටයුතු කිරීමය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව ඒ යුතුකම් හා වගකීම් උපරිමයෙන් ඉටුකර ඇත. ඇතැම් ඇමැතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ, සංවිධායකවරුන්ගේ පමණක්‌ නොව ඇතැම් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ ක්‍රියා ජනතාව විසින් අනුමත නොකෙරුණත් ඒ සියල්ල අමතක කර ජනතාව නැවත වරක්‌ මහින්ද රාජපක්‍ෂ මහතා වටා එක්‌රොක්‌ වූහ. ඒ එක්‌ රොක්‌ වූයේ ජාතියේ ස්‌වෛරීභාවය

රැකගැනීමටය. මෙරට වෙනත් කිසිම නායකයකුගෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පමණට ජාතියේ ස්‌වෛරීභාවය නොරැකෙන බව ජනතාව දනිති. අද මෙරට ජනතාව දශක ගණනාවකට පසුව ජාතිය පිළිබඳ මහත් අභිමානයක්‌ ඇති කරගෙන සිටිති. හයවැනි පරාක්‍රමබාහු රජුට පසුව විජාතික ආක්‍රමණයකට එරෙහිව ලංකාව ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙනි. එවැනි ජයග්‍රහණයක්‌ ලබාදුන්නකු පොල්ගෙඩියකට හෝ අල කිලෝවකට හෝ පරාජය කිරීමට මෙරට ජනතාව කටයුතු කරාවි යෑයි එ.ජා. පක්‍ෂය, ජ.වි.පෙ. හා ඊනියා වම්මු බලාපොරොත්තු වූයේ නම් එයින් කියෑවෙන්නේ ඒ නායකත්වවල තකතීරුකම මිස අනෙකක්‌ නොවේ. එහෙත් මෙයින් අදහස්‌ කරන්නේ ආණ්‌ඩුව ජනතාවගේ ජීවනබර ගැන නොසැලකිලිමත් විය යුතු බව නොවේ. බටහිර මාදිලියේ ඊනියා සංවර්ධනය පසෙකලා අපේ සංස්‌කෘතිය මත පදනම් ව නිවී හැනහිල්ලේ ජීවත්විය හැකි සමාජයක්‌ නිර්මාණය කිරීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතුය. එවිට අපට ආසියාවේ නොව ලෝකයේ ම ආශ්චර්යය බවට පත්විය හැකිය.

දෙමළ කොටි ත්‍රස්‌තවාදය විජාතික ආක්‍රමණයක්‌ ලෙස අප විසින් හැඳින්වෙන්නේ එය ඉංගි්‍රරිසින් විසින් ඇතිකරන ලද්දක්‌ බැවිනි. ලන්දේසීන් විසින් දුම්කොළ වගාව සඳහා කෝරමණ්‌ඩල වෙරළින් ගෙනෙනු ලැබූ කෘෂිකාර්මික කම්කරුවෝ හෙවත් වෙල්ලාලයෝ යාපන අර්ධද්වීපයේ එවකට ජීවත් වූ සිංහල බහුතරය යටත්විජිතවාදීන්ගේ අනුග්‍රහය යටතේ දෙමළකරණයට භාජන කළහ. වෙල්ලාලයන් හින්දු කුල පීඩනයේ ඉහළම කුලය නියෝජනය කළ අතර දෙමළ සංස්‌කෘතිකකරණයකට භාජන වූ යාපනයේ සිංහලයෝ දෙමළ සමාජයේ කෝවියාර් තලවාර්, වැනි ඊනියා අඩු කුල බවට පත්වූහ. සාමාන්‍යයෙන් හින්දු සමාජයේ ඉහළම කුලය බ්‍රාහ්මණයන්ගෙන් සමන්විත වන නමුත් ලංකා දෙමළ හින්දු සමාජයේ වෙල්ලාලයන් ඉහළම කුලය බවට පත්වූයේ ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කෘෂිකාර්මික කම්කරුවන් ගෙන්වීමට මිස බ්‍රාහ්මණ පූජකයන් ගෙන්වීමට නොවූ බැවිනි. කෙසේ වෙතත් එසේ ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාලයෝ ඉංගිරිසින් විසින් ඊනියා ලාංකික සමාජයේ ඉහළටම ඔසවනු ලැබීය. එපමණක්‌ නොව ඔවුහු සිංහල බෞද්ධයන්ට විරුද්ධව ඉංගිරිසින් විසින් යොදාගනු ලැබූහ. අද ද ඉංගිරිසි කතාකරන වෙල්ලාලයෝ ප්‍රධාන වශයෙන්ම සිංහලයන්ට විරුද්ධව යොදා ගැනෙති. දෙමළ ජාතිවාදය විජාතික ආක්‍රමණයක්‌ වනුයේ ඒ නිසාය. මෙරට සිටින ඊනියා වමුන් හා ලිබරල් යෑයි කියාගන්නා පඬියන් අමතක කරන්නේ ද ඒ කරුණය.

ඇතැම් පඬියන්ට නොතේරුණ ද, ශ්‍රී ල.නි. පක්‍ෂය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එයට ප්‍රධාන හේතුව සිංහල ජාතිකත්වය පහළින් තීරණය වී ඉහළට යන ප්‍රජාවක්‌ වීමය. සිංහලයෝ අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ විවිධ විජාතික ආක්‍රමණවලට එරෙහිව සටන්කර පන්නරයක්‌ ලැබූහ. ඔවුන්ගේ යටත්විජිත විරෝධය කාල් මාක්‌ස්‌ගේ කිසිදා වලංගු නොවූ පොතපත ඇසුරෙන් නිර්මාණය වූවක්‌ නොව මහාවංශය හා ගැමුණු රජතුමා ඔස්‌සේ ගොඩනැගුණකි. සිංහල බෞද්ධයෝ තමන් බුදුසසුනේ ආරක්‍ෂකයන් ලෙස සලකති. එය මහාවංශය හා ගැමුණු රජතුමා විසින් ලබාදුන් සංකල්ප හා අරමුණු ඔස්‌සේ ගොඩ නැගී ඇත. මාක්‌ස්‌ගේ කවදාවත් සැබෑ නොවුණු සිහිනයක්‌ වූ ද, ආර්ථිකවාදී යටත්විජිතවාදී බයිලා මත පදනම් වූ ද, ඊනියා කම්කරු පංති විප්ලවය හා සමාජවාදය සිංහලයන් විසින් ප්‍රතික්‍ෂෙප කෙරෙන්නේ එය කිසි දිනෙක ඉටු නොවන්නක්‌ නිසා පමණක්‌ නොවේ. සිංහලයෝ විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ එය පදනම් වී ඇති කසිකබල් භෞතිකවාදය හෙවත් ද්‍රව්‍යවාදය ද ප්‍රතික්‍ෂේප කරති.

මාක්‌ස්‌වාදය අද ඇත්තේ තමන්ට සමාජයේ වැදගත්කමක්‌ බලාපොරොත්තු වන හීනමානයෙන් හැරෙන්නට වෙනත් දෙයකින් නොපිරුණු හිස්‌ ඇත්තන්ගේ හිස්‌වලය. අවුරුදු දහස්‌ ගණනක ඉතිහාසයක්‌ පුරා ගොඩනැඟුණු ජාතිකත්වයක්‌ ඇති සිංහලයෝ 1506 න් පසු බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට ද එරෙහිව සටන් කරති. සාම්ප්‍රදායික නායකයන් ඝාතනය කෙරුණු විට ඔවුහු පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්‌ඩා ආදීන් නායකත්වයට පත්කරගෙන සටන් කළහ.

බණ්‌ඩාරනායක මහතා විසින් ශ්‍රී ල.නි. පක්‍ෂය පිහිටුවනු ලැබුයේ ලිබරල් පක්‍ෂයක්‌ ලෙසය. එහෙත් වැඩිකල් නොගොස්‌ ම ඒ පක්‍ෂය සිංහලයන් විසින් ජනතාකරණයට ලක්‌කෙරිණි. ඉන්පසු සාධාරණ වශයෙන් ගත්කල ඒ පක්‍ෂය මෙහෙයවනු ලැබුයේ සාමාන්‍ය සිංහලයන් විසිනි. බොහෝවිට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්‌කරනු ලැබුයේ එකී සාමාන්‍ය ජනයාට අවශ්‍ය ලෙසය. අසූවේ දශකයේ දී ඒ තත්ත්වය වෙනස්‌කිරීමට කසිකබල් මාක්‌ස්‌වාදයේ ආභාසය ලැබූ ඇතැම් මාධ්‍යකරුවන්ට හා දේශපාලනඥයන්ට අවශ්‍ය විය. ඔවුහු එංගලන්තයේ ජීවත් වූ චන්ද්‍රිකා කුමාරතුංග බටහිරයන්ගේ අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගත්තේ හැකිනම් ශ්‍රී ල.නි. පක්‍ෂය උඩින් වෙනස්‌කර දෙමළ ජාතිවාදයට ෙµඩරල් රාජ්‍යයක්‌ ලබාදීමටය. අවුරුදු දහතුනක්‌ පමණ වලිකෑමෙන් පසුවත් ඔවුන්ට තමන්ට අවශ්‍ය දේ කරගත නොහැකි විය.

අවසානයේ දී පක්‍ෂයේ නායකත්වය අනූවේ දශකයේදීම එය හිමිවිය යුතුව තිබූ මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබිණි. ඉහත සඳහන් අය නොවන්නට ප්‍රභාකරන් හා දෙමළ කොටි ත්‍රස්‌තවාදය පැරදවීම අවුරුදු දහයකින් පමණ ඉක්‌මන්වීමට තිබිණි. බණ්‌ඩාරනායක මහතාගේ හා මහත්මියගේ දියණියක්‌ කිසි දිනෙක තම දෙමව්පියන්ගෙන් කිසිවක්‌ ඉගෙන ගෙන නැත. ඔවුන් කළේ තම දෙමව්පියන්ගේ නම් ගසා කා දේශපාලන බලය අත්පත් කරගැනීමට කටයුතු කිරීමය. ඔවුන් ඉගෙනගත්තේ සිංහල, බෞද්ධ විරෝධීන්ගෙනි.

ජ.වි.පෙ. ගැන තවදුරටත් කතා කිරීමෙන් වැඩක්‌ නැත. අද ජාතිකත්වයට පිටුපා කටයුතු කරන එය ෙµඩරල්වාදී තවත් ත්‍රිරෝද පක්‍ෂයක්‌ පමණකි. එයට අද යම්තමින් වුවත් පැවැත්මක්‌ ඇත්තේ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයකු හෝ සමගින් එජාප හා සන්ධානයක්‌ ඇතිකර ගැනීමෙනි. විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙහි දැනටමත් ඒ කාර්යය කෙරෙමින් පවතියි. ඔවුන් ඉතාමත් මුග්ධ නම් නුදුරු අනාගතයේ දී ආණ්‌ඩුවට විරුද්ධව ෙµඩරල්වාදීන්ගේ රැල්ලක්‌ මතුකර ගැනීමට ගොස්‌ විශ්වවිද්‍යාලවලට දැනට තිබෙන සීමිත ස්‌වාධීනත්වය ද නැතිකර ගනු ඇත. ජ.වි.පෙ. කලක්‌ කැඳ කෝප්ප සටන් යෑයි කියමින් වෘත්තීය සමිති ක්‍රියා හෙළා දැක්‌කේ අපේ පෝෂ්‍යජනක ආහාරයක්‌ වූ කැඳවලට ද නිගා කරමිනි. ඔවුන් අද ඇතිකිරීමට යන්නේ සුප් කෝප්ප සටන්දැයි නොදනිමි. එ.ජා. පක්‍ෂයේ යම් ජාතිකත්වයක්‌ වෙනුවෙන් ඉදිරිපත් වුවද ඒ සඳහා කැපවීමක්‌ කළ නොහැකි සජිත් ප්‍රේමදාස පක්‌ෂයේ නියෝජ්‍ය නායක පදවියක්‌ ලබා රනිල් වික්‍රමසිංහගේ බටහිර ක්‍රිස්‌තියානි නූනත්ව ව්‍යාපෘතියට යටවිය. සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය ඒ සමග අවසානයකට එළඹෙන. ඔහුද කරු ජයසූරිය ද එ.ජා. පක්‍ෂයේ ව්‍යාජ ජාතිකත්වයක්‌ නියෝජනය කරමින් ජීවිතාන්තය තෙක්‌ නියෝජ්‍ය නායකයන් පමණක්‌ වනු ඇත.

උතුරේ හා නැගෙනහිර ප්‍රතිඵලවලින් ද යම් සාධනීය අංශ මතුවිණි. එකල චෙල්වනායගම් නම් ක්‍රිස්‌තියානි ගාන්ධිවාදියා ගාන්ධි අනුව ගොස්‌ ඊනියා අහිංසා ක්‍රියාදාමයක්‌ මගින් දෙමළ කතාකරන අහිංසක දෙමළ හින්දු ජනයා සිංහල බෞද්ධයනට විරුද්ධව උඩින් මෙහෙයවීම ඇරඹීය. එතෙක්‌ සිංහල, බෞද්ධ විරෝධී ව්‍යාපාරයෙහි යෙදී සිටියේ ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන්ය. ඔවුහු ආගමෙන් කෙසේ වෙතත් සංස්‌කෘතියෙන් ක්‍රිස්‌තියානි වූහ. චෙල්වනායගම් හතළිස්‌ ගණන්වල ආරම්භ කළ ක්‍රියාමාර්ගය අවුරුදු තිහකින් (පරම්පරාවකින්) පසුව හැත්තෑවේ දශකයේ ඵලදැරීය. ප්‍රභාකරන් හා උමා මහේෂ්වරන් එහි ප්‍රතිඵල විය. වෙල්ලාල නොවන හින්දු ජනයා සිංහල බෞද්ධයනට මෙන්ම වෙල්ලාලයන්ට ද විරුද්ධව ප්‍රභාකරන් යටතේ සටන් කළහ. වෙල්ලාලවූ උමා මහේෂ්වරන් බොරු වමක්‌ නියෝජනය කළේය. ප්‍රභාකරන් ජයගත්තේ සිංහල බෞද්ධයනට මෙන්ම වෙල්ලාලයනට ද විරුද්ධ වෙමිනි. ප්‍රභාකරන් පැරදවීමට තවත් වසර තිහක්‌ ගතවිය. ඒ අවුරුදු හැටේ තම ආකල්ප සකස්‌කර ගත්තෝ දෙමළ රාජ්‍ය පක්‍ෂයට තවමත් ඡන්දය දෙති. එසේ වූවත් සන්ධානයට ඡන්දය දීමට දෙමළ ජනයා ඉදිරිපත්වීම සාධනීය වේ. අද කළ යුත්තේ මීළඟ දෙමළ පරම්පරාව තව තවත් ජාතිකත්වයට දිනාගැනීමය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.